( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසරක කාලයක් ලබා දිය යුතු බවට වන නව යෝජනාවේ මූලික කෙටුම්පතද මේ වන විට සභාගත වී තිබෙන බව ජිනීවා හි තානාපති ආරංචි මාර්ග පවසයි.
යෝජනා ක්‍රියාත්මක කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් කල් ලැබෙනු ඇතැයි මීට පෙර සඳහන් විණි.නමුත් නව යෝජනා කෙටුම්පත මඟින් ලංකාවට කල් ලබා දිය යුතු කාලය වසරක් දක්වා අඩු වී ඇත.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් හුසේන් කුමරු විසින් සකස් කළ වාර්තාව හෙට (22) ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.මෙවර සැසියේ දී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් එය ලිඛිතව ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දේවල්ද මේ? අපේ රණවිරුවෝ කළේ ත්රස්තවාදයෙන් රට බේරා ගැනීමයි. ඉතින්, දෙමළ ධනවතුන්ගේ උවමනාවට කරන අමනුස්සකම් නේද මේ ? බලයේ ඉන්න ආණ්ඩුව බිල්ලෙක් වගේ ඉන්නේ අැයි ?