ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 199 ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23 වැනිදා) සමත් විය.
මෙම ජයත් සමගින් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
තරගාවලියේ සම්පූර්ණ විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ.බී. බිවිලියර්ස්, විරාට් කෝලි එක්ක ලංකාවට නිග්‍රහ කළා. ලංකාවට එනඑක හරියට ඕෆ් සීසන් එකක් වගේ කියලා. එහෙම අගෞරව කළාට හොඳ පාඩමක් කියාදුන්නාෙ... අපේ කොල්ලන්ට සුබ පැතුම් !!!
නියමයි, ඔහොම යමු. අපේ සුබපැතුම් !!!
ජයෙන් ජයම වේවා ..!
විශිෂ්ඨ ජයක්. තරුණ කණ්ඩායම මේ යන ගමනට සුභ පැතුම්!!! මේ දරුවන් සියලු දෙනා ලැබෙන ලැබෙන හැම අවස්ථාවකම මුරලිදරන්, සංගක්කාර, ජයවර්ධන වැනි පළපුරුදු ක්‍රීඩකයින් හමුවිය යුතුය. ඔවුන් සමඟ කතා බස් කළ යුතුය. ඔවුන්ගෙන් උපදෙස් ලබා ගත යුතුය. ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩා ජීවිතය කළමනාකරණය කරගත යුත්තේ කෙලෙසද කියා ඔවුන්ගෙන් අසා දැනගෙන එලෙසින් කටයුතු කළ යුතුය. එසේ කිරීමෙන් අද ඉන්නා තරුණ දක්ෂ ක්‍රීඩකයින් හට "කල්පනාව මඳකට ගිලිහුණු මොහොතක" දී අද අපට අහන්නට ලැබෙන අන්දමේ කණගාටුදායක සිදුවීම් වලට පැටලෙන්නේ නැතුව තමන්ගේත්, තම පවුලේත්, ක්‍රීඩාවේත්, රටේත් නම්බුව ආරක්ෂා කරගන්නේ කෙසේද කියා ඉගෙන ගන්නට හැකිවෙනු ඇත. අපේ රටේ සියලුම ජන කොට්ඨාශවලට අයත් උගත්, නූගත්, දුප්පත්, පොහොසත් සියල්ලන්ගේම දෙවැනි ආගම වන තරමටම පත්ව ඇති මේ ගෞරවනීය ක්‍රීඩාව සුළු මොහොතක වින්දනයට වඩා වැදගත් බව, බාරදූර බව මේ තරුණ දරුවන් වටහා ගත යුතුය.
දරුවනි ... නුඹලාට අපගේ උණුසුම් සුබ පැතුම්.!!! ඔබලාගේ දක්ෂතාවයන් තව තවත් වැඩිදියුණු කරගනිමින් මෙවන් ජයග්‍රහණ ලක්මවට ලබාදීමට නුබලාට හැකි වේවා !!!
ක්‍රිකට් පාලක මණ්ඩලයක් නොමැත, කළමනාකරුවෙක් නොමැත, නිත්‍ය පුහුණුකරුවෙක් නොමැත, නිත්‍ය නායකයා නොමැත, ඔය කිසිවක් නොමැතිව ක්‍රිකට් දියුණු කළ හැකි බව මනාව පෙන්නුම් කල අපේ කොල්ලන්ට සුබ පැතුම් !!!
දිනද්දී සතුටුයි. අපේ අයට බැරිකමක් නැහැ කියන එක මෙයින් ඔප්පු වෙනවා.