( තිළිණි ද සිල්වා)
ශී‍්‍ර ලංකාව් සංහිඳියා කි‍්‍රයාවලිය සවිබලගැන්වීම සහ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම වැඩසටහන් දෙකක් කි‍්‍රයාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 42කට (ශී‍්‍ර ලංකා මුදලින් රුපියල් කෝටි 600ක්) ආසන්න මූල්‍යාධාර පිරිනැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇත.
මෙම මූල්‍යාධාර යටතේ මෙරට කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම වෙනුවෙන් යුරෝ මිලියන 30 ක්ද ලබාදුන් බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
මෙම මූල්‍යාධාර සඳහා වන ගිවිසුම් වලට යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපති තුං-ලායි මාග් සහ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහත්වරුන් විසින් අත්සන් තබන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ ආධාරය රු කෝටි 600 ක් කියන්නේ. ඩොලර් කෝටි 4ක් විතරනේ ඒකත් දීල තව කොන්දේසිත් දානවා
කරුණාකර මෙම මුදල් නිසි ලෙස පාවිච්චි කරන්න . රජයේ ලොක්කන් සඳහා වාහන ගන්න යොදවන්න එපා . අධික මිලට ගෙන ඇති බිල්ඩින් වලට යොදවන්න එපා . ආබාධ සහිත මිනිසුන් සඳහා මාසික වැටුප් ගෙවන්න. විදේශ ණය පොලිය ගෙවා මව්බිම රකින්න . වරාය ,තෙල් ටැංකි එහෙම.
කොන්දේසි ගොඩාක් සමග.
තව කාර් ටිකක් ගන්න සල්ලි.
මේ සල්ලි වලිනුත් අර රාජගිරියෙ භූත බිල්ඩිමේ රෙන්ට් එක ගෙවමු!
මේව ණය නෙමෙයිද? නැවත ගෙවන්න ඕනේ නැද්ද?
මම ගියා නාරාහේන්පිට කම්කරු කාර්යාලයට. තට්ටු දහයක් තිබුණට, එම සියලුම කාර්යාල තට්ටු 5 කින් කලමනා කරගන්න පුළුවන්. එතකොට ඉතිරි තට්ටු රජයේ වෙනත් ආයතනයක් සඳහා පාවිච්චියට ගන්න පුළුවන්. හිතමිතුරන්ගේ ගොඩනැගිලි අධික කුලියට ගන්නේ නැතිව. මේ එක උදාහරණයක් විතරයි. මේ වගේ රජයේ විශාල ගොඩනැගිලි ඕනෑතරම් තියෙනවා. අපිට තේරෙන මේ වගේ දේවල් දේශපාලකයන්ට නොතේරෙන එක පුදුමයක්.....
මේවා උතුරට දෙන්න කියාලා නීති එහෙම දාලා නැද්ද?
යුරෝපයේ හතර වටේට කලබල. කොහොමද? වැඩේ, ලංකාවේ යුද්දේ නැතිවෙච්ච ගමන් ඒ පැත්තේ යුද්ධ වැඩිවුණා. මොකක් හරි රහසක් තියෙනවා. අායෙත් ලංකාවටනම් යුද්ධයක් එපා. වෙන පත්තරේක තියෙනවා ලංකාවේ අපරාධ නීති සංග්‍රහය සහ ත්‍රස්ත මර්ධන පනත සංශෝධනය කරන්න කියල යුරෝපයෙන් කියනවලු. ලංකාවේ ආරක්ෂාව පුළුවන් තරම් වැඩි කරන්න ඕනේ. සල්ලි පෙන්නල ඇහැට වැලි ගහන්න තමයි හදන්නේ. ගන්න දෙයක් ප්‍රවේශමෙන් ගන්න. ගන්නදේ කවද හරි දෙන්න වෙනවා....
අපේ රටේ සැම සම්පතක්ම තියෙනවා. රටේ දකුණු පැත්තෙන් දක්ෂිණ ගෝලය දක්වා දිවෙන මුහුද , අපි ටින් මලු චිලි වලින් ගේනවා. හාල්මැස්සෝ තායිලන්තයෙන් උම්බලකඩ මාලදිවයිනෙන්. අපිට කියල මොන නිෂ්පාදනයද තියෙන්නේ ? අපි කාගෙවත් ආධාර මත යැපෙන්න ඕනි ජාතියක්ද ? අපි නිකමුන්ද ? තරුණයන්ගේ ජීවිත ත්‍රීවීල් වලට යටවෙලා. නිෂ්පාදන කර්මාන්ත නැහැ. අලුත් නිෂ්පාදන නැහැ. තරුණයන්ට නිෂ්පාදන ක්‍රියාමාර්ග නැහැ. ඉතින් අපි ආදාර මත යැපෙන ජාතියක් නොවී කොහොමද