(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙම වසරේ පළමු කාර්තුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් හෙවත් ඩොලර් කෝටි 140 කට වැඩි ආයෝජන ලබාගෙන ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.
පළමු කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,412 ක ආයෝජන යෝජනා 33 ක් ලැබී ඇති බවත් එම ආයෝජන අතර ඉන්ධන සහ පුණර්ජනනීය බලශක්ති ප්‍රභවයන් (සූර්ය සහ සුළං), බර කර්මාන්ත, සැපයුම් සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ආයෝජන තිබෙන බවත් ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
එම ආයෝජන යෝජනා සංඛ්‍යාව 2021 වසරේ කාර්තුවට සාපේක්‍ෂව සියයට 80 ක වර්ධනයක් යැයි කියන ආයෝජන මණ්ඩලය වසංගත සහ අස්ථාවර ආර්ථික තත්ත්වයන්ගේ බලපෑම නොතකා නව ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ ව්‍යාපෘති පුළුල් කරගැනීමට එම මණ්ඩලය ආරම්භ කළ වැඩපිළිවෙල සමත්ව ඇති බව ද සඳහන් කරයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සඳහා ස්ථාපිත කළ නව ආයෝජන පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය ඔස්සේ ආයෝජකයන්ට අවශ්‍ය සමස්ත ආයෝජන ක්‍රියා පටිපාටිය රජයේ සෙසු රේඛීය ආයතනය සමඟ එක්වී වඩාත් පහසුවෙන් ඉටුකරගැනීමට හැකි ඇති බවත් මෙය වත්මන් විදේශ විනිමය අර්බුදය ජයගැනීමට ප්‍රධාන සාධකයක් වනු ඇති බවත් ආයෝජන මණ්ඩලය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 140 ක ආයෝජන
Jagath Wednesday, 06 April 2022 04:39 PM
හොයලා බලන්න ඕනා ආයෝජනය කරනව කියලා අපේ රටේ සම්පත් ඉන්දියාවට,ඇමරිකාවට,චීනයට වික්කද කියලා.මොකද මේ පොහොට්ටුව ආන්ඩුවේ වැඩිපුරම තියෙන්නේ වැඩක් නැති කැටයම්.
chandima Wednesday, 06 April 2022 07:19 PM
මේ ආයෝජනවලින් වැඩි හරියක් ලංකාවේ සල්ලි පිටට ගෙනියන ඒවා මිසක් ලංකාවට විදේශ විනිමය උපයන එව්වා නෙමෙයි නේද?