(හර්ෂණ තුෂාර සිල්වා )
ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ලබාදීමට යුරෝපා සංගමයේ විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලයේ අනුමැතිය හිමි වූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
මේ අනුව ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය යටතේ යුරෝපා සංගමයේ රටවල් 28ට අපනයන යැවීමේ අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකාව ජී.එස්.පී ප්ලස් සහනය යටතේ භාණ්ඩ 6,600 කට ආසන්න සංඛ්‍යාවක් යුරෝපා සංගමයට ආනයනය කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය හිමිවනු ඇත්තේ තවත් වසර එකක් හෝ දෙකක් පමණි.
ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල දළ ජාතික ආදායම ඉහළ යෑමත් ශ්‍රී ලංකාව ඉදිරියේදී ඉහළ මැදි ආදායම් රටක් ලෙස නම් කිරීමට නියමිත නිසාත් ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් හිමිවනුයේ වසර තුනකට බැවින් යුරෝපා සංගමය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට පිවිසිය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර අවස්ථාවකදී කීය.
එම නිසා යුරෝපා සංගමයෙන් ඉවත් වන බ්‍රිතාන්‍ය සමඟත් යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් සමඟත් නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යා යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය මස අවසාන සතියේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන වැරදි තිබුණත් මේක නං ඇත්තටම රටට වුණ හොඳ දෙයක් ..... මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. පුද්ගලික අංශය උනන්දු වුණොත්...
රනිල් මහත්තයා..., කලින් ඕක දෙන්න එපා කිය කිය ලෝකේ වටේ ඔබතුමා ගියා නේද?
අරලිය මැදුරට පිටුපස ගම්මානයට ලයිට් නැහැ පැය ගාණක්. ලයිට් නිවන් විදුලි බල ඇමතිතුමා මොකක්ද අනේ කරන්නේ?
සුද්දෝ ටික ටික තමයි ගැටේ ලිහන්නේ. වසක් බලන්න එන්න කිවුවට ටිකක් බුරුල් කල. අපිට් තවත් ප්‍රාන්තයක් වෙලා සුද්දන්ට අපේ රටේ ඉඳන් අනික් ප්‍රාන්තවල වෙළඳ කටයුතු නිදහසේ කරන්න දුන්න දවසට ඉතුරු ටිකත් ලිහනවා. ඒ විතරක් නෙමෙයි තවත් උපාධියකුත් දෙනවා.
ඊර්ෂ්‍යා නොකරන්න. ගැප් බදු සහනය අගය කරමු. රජය ලත් ජයග්‍රහණයක්.
ජනතාවට වෙන සෙතක් නැහැ. අපේ රටේ නිෂ්පාදන කොහෙද තියන්නේ. ආණ්ඩුව නිෂ්පාදන දිරිමත් කරනවා වෙනුවට වැට් ගහල නවත්තනවා,.
කටත් ඊර්ශ්‍ය කරන්න දෙයක් නැහැ, මේ ඔක්කොම එන්නේ ලංකාවේ යුද්දේ නැතිවෙච්ච හින්ද. ඒ කෙසේවෙතත්, යුරෝප්පෙනුයි, ඉන්දියවෙනුයි, චිනෙනුයි එන්නේ මොනවද කියල හොඳ සිහිබුද්දියෙන් පාවිචිචි කරොත් හොඳයි, තමන්ට ප්‍රතිලාභයක් නැත්නම් කවුරුත් අනුන්නට කරයි කියල හිතන්න අමාරුයි. ලංකාවේ යුද්දේ නැතිවුනත් හරි යුරෝප්පේ හතරවටේ අවුල් ගොඩක් වෙලා. එක එක රටවල් වලින් ඇගිලි ගහන එක ගැන සෙවිල්ලෙන් හිටියොත් හොඳයි. ඇයි මේ ඔක්කොම මොදී ලංකාවට එද්දීම වෙන්නේ?