කෘෂිකර්මය, සංචාරක කර්මාන්තය, වරාය කේන්ද්‍ර කරගත් ආර්ථිකය සහ තේ කර්මාන්තය ආදී ක්ෂේත්‍ර රැසකින් ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කළ හැකි යැයි ආන්ද්‍ර ප්‍රදේශ් මහ ඇමැති චන්ද්‍රබාබු නයිදු  කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ අද පැවැති (8) මාධ්‍ය හමුවේදී පැවැසීය. 

ශ්‍රී ලංකාව මේ වනවිටත් සංචාරක ක්ෂේත්‍රයෙන් විශාල ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ද ආන්ද්‍ර ප්‍රදේශ් මහ ඇමැතිවරයා පැවැසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වනවිට තිරසර සංවර්ධන අභිමතාර්ථ හඳුන්වා දී ඇති බවත් තාක්ෂණය භාවිත කිරීමෙන් වසර 2030 පෙර එම ඉලක්ක වලට ළඟා විය හැකි බවත් ආන්ද්‍ර ප්‍රදේශ් මහ ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය. 

ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තය භූගත ජල කළමනාකරණ පද්ධතියක් හා විදුලි ලාම්පුවල තිබෙන සාම්ප්‍රදායික විදුලි බුබුළු වෙනුවට එල්.ඊ.ඩී විදුලි බුබුළු පද්ධතියක් ක්‍රියාත්මක කළ බවත් එම තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට කටයුතු කරන බවත් ඔහු කීවේය. 

DSC_0536