බලයට පැමිණ වසර වසර දෙකක් ගතවන විට ශ්‍රී ලංකා රජයේ වැඩ පිළිබඳ ප්‍රශංසනීය තත්ත්වයකට පත්ව ඇතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුංලායි මාග් මහතා පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
වත්මන් රජය ප්රජාතන්ත්රවාදී ඇතුළු මූලික වෙනස්කම් කිරීමට කැපවීමක් කර ඇති බවත් ඒ නිසා ශ්‍රී ලංකාව හා යුරෝපා සංගමය අතර සබඳතා අලුත් වී ඇති බවත් තානාපති තුංලායි මාග් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.
හෙටට (9) යෙදෙන යුරෝපා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් තානාපති තුංලායි මාග් මහතා ඒ බව සඳහන් කළේය.
“ වසර දෙකකට පෙර, මූලික වෙනස්කම් කිරීමට කැපවීමක් සහ දැක්මක් ඇති රජයක් තේරී පත්වුණා. ඒ නිසා ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර සබඳතා යළිත් අලුත් වුණා. අද ශ්‍රී ලංකා රජය ප්‍රශංසනීය තත්ත්වයකට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර නීතිවලටත් නීතියේ ආධිපත්‍යයට ගරු කිරීමත් කෙරෙහි වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුව අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර මානව හිමිකම්, කම්කරු අයිතීන් සහ පාරිසරික වගකීම් පිළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී ප්ලස් සහනය ශ්‍රී ලංකාව ලබාදෙන්නැයි නිර්දේශ කිරීමට යුරෝපා සංගමය ඉදිරිපත් වුණා” යැයි ද එම නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුංලායි මාග් මහතා වෙනුවෙන් කොළඹ පිහිටි යුරෝපා සංගම් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
“ යුරෝපා සංගමය, යුරෝපා දිනය සමරනු ලබන්නේ මැයි මස 9 වන දාය. 1950දී ප්‍රංශයේ විදේශ කටයුතු ඇමති වශයෙන් සිටි රෝබට් ෂූමන් මහතා විසින් එකමුතුකම ආරක්ෂා කරන ලැදියාවන් සහ අගයන් සහිත ප්රජාවකින් සමන්විත වූ ජාතීන් පිළිබඳ දැක්මක් සහිත ප්‍රකාශයක් සිදු කිරීම මෙදින සමරනු ලැබේ. සාමාජික රටවල් 28කට අයත් මිලියන 500 කට අධික ජනතාවක් සිටින ලොව විශාලතම ආර්ථිකය හිමි එකම මූලික නිදහසක් සහ අයිතීන් පිළිබඳ සහතිකයක් සහිතව ජීවත් වන යුරෝපා සංගමය පිහිටුවීමට පදනම වූයේ මෙම ෂූමන් ප්‍රකාශයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන හරි පාරට වැටුණේ රටට වැඩකට නැති කොහෙවත් ඉන්න කෙනෙකුට රටේ විනිමය බිල්පත් බිලියන ගණනින් හොරකම් කරගන්න ඉඩ දීලා බව මේ අය දන්නේ නැද්ද?
ලංකාව අද බටහිරට ඕන හරිපාරට වැටිලා තියෙනවා. නමුත් ලාංකිකයන්ට හරියන පාරනම් පේන තෙක් මානෙක නැහැ.
අපේ රට විනාසෙට යන පාර තමා ඒ ගොල්ලන්ගේ හරි පාර...
මැතිවරණ නොතියන එක කොහොමද ප්රජාතන්ත්රවාදය කියන්නේ...?
හරි පාරට නොවෙඉ පාරට නම් වෙටෙන්න lagai
හරිද වැරදිද මන්ද. පාරට වැටිලා කියන එකනම් ඇත්ත.
යුරෝපයත් අනිත් අයගෙන් පාර අහ අහ යනවෙලාවක අපිට පාර පෙන්වනවා කියනකොට මට මතක්වුනේ අන්ධයාගෙයි බීරාගෙයි කතාව.
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ
අර හිටපු හොරු නඩය හිරේට නොදෙම්මොත් හරිපාරට වෙටුනත් ඉදිරියට යන්න ඔවුන් ඉඩලබාදෙන්නේ නෙහෙ කඩාකප්පල් කරනවාමයි .
මල්ලි හරි මල්ලි. චන්දයක් තියන්නකෝ හරි පාරේ දුවන්න දෙන්න
මේ කියන්නේ ලංකාව දැන් එයාලට ඕන විධියට හැදිලා කියන එක නේද?
එක හරි..ලංකාව පාරට වැටිලා තමයි දැන්..එක තේරුම් ගියා නම් හොදයි..පිට ඉදන් කියන්න පුළුවන් ඕන කෙනෙකුට..ඇතුලේ ඉන්න අපිනේ දන්නේ රඟේ..
අපට මැතිවරණ නම් එපා. හැබැයි තරුණයින්ට රැකියා ඕනා. රජය පොරොන්දු උණු තරම් නුනාහ් ,රජයේ රැකියා ලක්ෂ 2, පුද්ගලික අසයේ රැකියා ලක්ෂ 2 ඉ දුන්නොත් ඇති. බැරිනම් ගෙදර අරිමු. රටේ නිදහස හොඳයි.
ඒ ගොල්ලන්ගේ පදේට නටනවා නම් පාර හරි තමයි
ජනතාව නම් මහපාරට වැටිලා තමයි...
මහින්ද මහත්තයාට හිටියේ චීනය, උගන්ඩාව, ස්වාසිලන්තය සහ බෙලරුස් විතරයි...
ලංකාව පාරට වැටිලා කිව්වා නම් තමා හරි...
හරි පාරට නෙමේ මට නම් පේන්නෙ අපි මහා පාරටයි වැටිලා තියෙන්නේ ....
හරි පාර කෙසේ වෙතත් අපි නම් මහා පාරට වැටෙන දවස වැඩි ඈතක නැහැ.
යුරෝපා සංගමය හරියට හරි. අවරුදු දෙක හමාරක් වෙලා මිනිසුන් හරි මගට ගෙනත් නැවතත් ජනතාව මහින්ද මහත්තය වටේ එක්රොක් වෙන එකට සතුටුයි කියලා තමයි කියල තියෙන්නේ...