( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින්නැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය කටාර් ජාතිකයින්ට සංචාරක උපදේශනයක් නිකුත් කර ඇත.
මේ දිනවල ශ්‍රී ලංකාවේ එච්.වන්.එන්.වන් ( කුරුළු උණ ) රෝග තත්ත්වය හේතුවෙන් කටාර් වැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට කටාර් විදේශ අමාත්‍යාංශය විසින් උපදෙස් දී ඇත.
එමෙන්ම තමන්ට ශ්‍රී ලංකාව වෙත යාමට අත්‍යවශ්‍ය නම් පමණක් ලංකාවට යන ලෙස එම අමාත්‍යාංශය කටාර් ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd