IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘‘ශ්‍රී ලංකාවේ ශාක 170ක් සොයාගන්නට නෑ“

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ශාක විශේෂ අතරින් 170ක් පමණ දශක කිහිපයක සිට සොයාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද ඉන් ශාක විශේෂ පහක් ස්ථිරවශයෙන් ම වඳවී ගොස් ඇතැයි ද උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ඇති මල් පිපෙන හෙවත් සපුෂ්ප ශාකවලින් සියයට 44ක් පමණ දැනටමත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බවයි.

ආචාර්ය විජේසුන්දර මහතා පවසන්නේ එම ශාකවලට අත්‍යාවශ්‍ය වූ පරිසර පද්ධතීන් සීඝ්‍රයෙන් විනාශවන බැවින් මෙවැනි ශාක විනාශ වෙනිම් පවතින බවයි. ඒවා විනාශනොවී බේරාගැනීමට නම් ශාක බෝවන පරිසර පද්ධති හෙවත් වාසස්ථාන රැකබලා ගැනීමට කටයුතු කිරීමට උනන්දුවිය යුතු බවත් ඒ මහතා පවසයි. වඳවී යමින් පවතින ශාක හඳුනාගෙන සංරක්ෂණය කිරීමටත් ඒවා උද්භිද උද්‍යානවල රෝපණය කැර බීජ හා පටක රෝපණයෙන් නව ශාක බිහිකර ව්‍යාප්තකිරීමට තැත් කළ යුතු බවත් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා කියයි.



අදහස් (0)

‘‘ශ්‍රී ලංකාවේ ශාක 170ක් සොයාගන්නට නෑ“

සිරිපාල Sunday, 14 September 2014 04:42 AM

දේසපලුවෝ මේවට වගකියන්න ඕන..(අ)

:       0       0

රජින්ද Sunday, 14 September 2014 04:48 AM

මේවා අද පත්තරවල පල උනාට මේ රටේ තියෙන ශාඛ ත්‍රස්තවාදය ගැන කිව්වේ මීට අවුරුදු 15-20 කටත් කලින්. හැමෝම හිතුවේ යුද්දේ තියෙන රටේ මොන කෙහෙල්මලක්ද මේ කියන්නේ කියල. කොහොමද දැන් තත්වය.... අපේ මෝඩ මිනිස්සු කියන්නේ ඔන්න ඔහොම ජාතියකට නිසා ඔය වෙන්නේ නවත්වන්න බැරි දෙයක්.(අ)

:       0       0

සත්‍යයා Sunday, 14 September 2014 05:20 AM

අපේ ලංකාව මිහිබට සුරපුරක්ව තිබුනේ ජෛව විවිධත්වයත් එක් ප්‍රධාන හේතුවක්ව තිබු නිසයි. ඒ අතිශයින් ගහ කොළවලට, සතා සිවුපාවුන් හා මිනිසාට ඉතාමත් උචිත පරිසරයක් තුල සතුට සමාදානය හා සහජීවනය විශිෂ්ට වූ සමතුලිතයක් රැක ගත්තා. අපේ "නුතන වානරයින්" (ගහෙන් බැස්සට පයින් ගමන් නැති) ට පින්සිද්ධ වෙන්න අපට අපේ රටත්, සභ්‍යත්වයත් පරිසරයත් සියල්ලම නැති වෙන්නයි එන්නේ. (නදී)

:       0       0

ද සිල්වා Monday, 15 September 2014 02:24 AM

මේ තත්වයට හේතුව කිසිම අධ්‍යාපනයක් නැති රස්තියාදු කාරයෝ කවුරු හරි අැමති කෙනෙක් පසුපස ගිහින් ටිකට් එක අරන් ප්‍රාදේශීය සභාවට පත් වෙනවා. ඊට පස්සේ අනවසර කැලේ කැපීම්, වැලි ගොඩ දැමීම , කප්පම් ගැනීම වැනි දේවල් දේශපාලන බලයෙන් කරනවා. එතකොට මේ වැනි දේවල් සිදු වෙනවා. (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 14 September 2014 06:07 AM

ඔය කියන ශාක ලංකාවේ වනාන්තර වල තිබෙන්න පුළුවන්. ඕවා සොයාගන්න නැති වෙන්නේ මේ ගැන දැනුමක් නැති නිසා. ලංකාවේ අධ්‍යාපන මට්ටම හොඳටම පහල බැහැල තිබෙන්නේ. අවරුදු 30 කට ඉස්සර ලංකාවේ සාක්ෂර තාවය 99% යි. අපි ඒ දවස්වල හිටියේ ජපානයටත් වඩා ඉදිරියෙන් දැන් එ්ක තිබෙන්නේ 93% න් පහල . ඉතින් කොහොමද ශාක හඳුනා ගන්නේ (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 14 September 2014 07:04 AM

අස්ථිර ලෝකයේ ස්ථිර දේවල් කොයින්ද? හැම දෙයටම කාලයක් තිබෙනවා. ඉන්පසුව විනාශවි යනවා (නදී)

:       0       0

තෙලිතුඩුව Tuesday, 01 November 2016 05:16 AM

අපි දැන්ම පටන්ගමු සතා සිවුපාවාට අවශ්‍ය වටපිටාව ගොඩනඟන්න. ශාක ව්‍යාප්තිය මෙහි ප්‍රමුඛ කටයුත්ත ලෙස සළකන්න. ඔබ හිතන්න ඔබ කිසිම දිනක ශාකයකට හානි සිදුකර නැද්ද කියා. එමනිසා අපි අන් අයට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසුද? දැන්වත් අපි සැවොම අපේ යුතුකම ඉටුකිරීමට පෙළගැසෙමු. නිල්ල පිරුණු හෙටක් ගොඩනඟමු. (නි)

:       0       1

රන්ජිත් සිල්වා Sunday, 14 September 2014 12:27 PM

ගහ කොළ සතා සිව්පාවාට ආරක්ෂාව දෙන්ඩ බැරි වීම ගැන නම් මේ රජයට කිසිම සමාවක් දෙන්න බැහැ. අලි මරනවා නැටි කපනවා කැලා මැදින් පාරවල් හදනවා වැව් ඉවුරු වල හෝටල් හදන්න අවසර දීලා කැලෑ වලට හරක් දාන්ඩ ඉඩ දීලා. මේ වගේ දුර දිග හිතන්නේ නැතිව අරගෙන තියන තීරණ වල ප්‍රතිපල තමා මේ.(නදී)

:       0       0

පතිරණ Sunday, 14 September 2014 12:53 PM

මේ යන විදිහට ගහකොළ විතරක් නෙමෙයි, රටක්වත් ඉතුරුවෙන එකක් නැහැ. (නි)

:       0       0

අනුර Sunday, 14 September 2014 03:12 AM

මහත්තයෝ ඔයාගේ රැකියාවට අපි නව ශාක සොයා රෝපණය කළ යුත්තේ. අපේ සිංහල ජාතියත් වඳවේගෙන යනවා. ඒකට උත්තරයක් අපටත් හොයාගන්න බැරිවී ඉන්නේ. වෙන මොන කතාද. මේ විදිහට එක එකා අපි මරා ගත්තොත් අපිට ගිය තැනින් ඔය ශාක හොයාගන්න පුළුවන් වේවි. (අ)

:       0       1

ගාමිණී සිරිවර්දන Sunday, 14 September 2014 03:51 AM

ආචාර්ය තුමනි ශ්‍රිලංකාවේ වටිනා ශාක වඳවී යනවා වගේම , ඒකපුද්ගල ආධායම අඩුවීම,ණයබරින් මිරිකීම,මන්ද පෝෂණය,අකලට මියයාම, සියදිවි නසා ගැනීම් ,මිනීමැරුම්,රිය අනතුරු,පවුල් සංවිධාන කටයුතු නිසා සිංහල බෞද්ධයෝද වඳවීමේ තර්ජනයකට මුහුණපා ඇත. (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 14 September 2014 04:07 AM

අපේ මිනිස්සුද,,,මිනිස්සු මිනුසුන්ට ආදරේ කරන්නේ නැතිකොට කොහෙද ගහකොලවලට ආදරේ කරන්නේ.(අ)

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site