ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ශාක විශේෂ අතරින් 170ක් පමණ දශක කිහිපයක සිට සොයාගත නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද ඉන් ශාක විශේෂ පහක් ස්ථිරවශයෙන් ම වඳවී ගොස් ඇතැයි ද උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ඇති මල් පිපෙන හෙවත් සපුෂ්ප ශාකවලින් සියයට 44ක් පමණ දැනටමත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති බවයි.
ආචාර්ය විජේසුන්දර මහතා පවසන්නේ එම ශාකවලට අත්‍යාවශ්‍ය වූ පරිසර පද්ධතීන් සීඝ්‍රයෙන් විනාශවන බැවින් මෙවැනි ශාක විනාශ වෙනිම් පවතින බවයි. ඒවා විනාශනොවී බේරාගැනීමට නම් ශාක බෝවන පරිසර පද්ධති හෙවත් වාසස්ථාන රැකබලා ගැනීමට කටයුතු කිරීමට උනන්දුවිය යුතු බවත් ඒ මහතා පවසයි. වඳවී යමින් පවතින ශාක හඳුනාගෙන සංරක්ෂණය කිරීමටත් ඒවා උද්භිද උද්‍යානවල රෝපණය කැර බීජ හා පටක රෝපණයෙන් නව ශාක බිහිකර ව්‍යාප්තකිරීමට තැත් කළ යුතු බවත් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේසපලුවෝ මේවට වගකියන්න ඕන..(අ)
මේවා අද පත්තරවල පල උනාට මේ රටේ තියෙන ශාඛ ත්‍රස්තවාදය ගැන කිව්වේ මීට අවුරුදු 15-20 කටත් කලින්. හැමෝම හිතුවේ යුද්දේ තියෙන රටේ මොන කෙහෙල්මලක්ද මේ කියන්නේ කියල. කොහොමද දැන් තත්වය.... අපේ මෝඩ මිනිස්සු කියන්නේ ඔන්න ඔහොම ජාතියකට නිසා ඔය වෙන්නේ නවත්වන්න බැරි දෙයක්.(අ)
අපේ ලංකාව මිහිබට සුරපුරක්ව තිබුනේ ජෛව විවිධත්වයත් එක් ප්‍රධාන හේතුවක්ව තිබු නිසයි. ඒ අතිශයින් ගහ කොළවලට, සතා සිවුපාවුන් හා මිනිසාට ඉතාමත් උචිත පරිසරයක් තුල සතුට සමාදානය හා සහජීවනය විශිෂ්ට වූ සමතුලිතයක් රැක ගත්තා. අපේ "නුතන වානරයින්" (ගහෙන් බැස්සට පයින් ගමන් නැති) ට පින්සිද්ධ වෙන්න අපට අපේ රටත්, සභ්‍යත්වයත් පරිසරයත් සියල්ලම නැති වෙන්නයි එන්නේ. (නදී)
මේ තත්වයට හේතුව කිසිම අධ්‍යාපනයක් නැති රස්තියාදු කාරයෝ කවුරු හරි අැමති කෙනෙක් පසුපස ගිහින් ටිකට් එක අරන් ප්‍රාදේශීය සභාවට පත් වෙනවා. ඊට පස්සේ අනවසර කැලේ කැපීම්, වැලි ගොඩ දැමීම , කප්පම් ගැනීම වැනි දේවල් දේශපාලන බලයෙන් කරනවා. එතකොට මේ වැනි දේවල් සිදු වෙනවා. (නදී)
ඔය කියන ශාක ලංකාවේ වනාන්තර වල තිබෙන්න පුළුවන්. ඕවා සොයාගන්න නැති වෙන්නේ මේ ගැන දැනුමක් නැති නිසා. ලංකාවේ අධ්‍යාපන මට්ටම හොඳටම පහල බැහැල තිබෙන්නේ. අවරුදු 30 කට ඉස්සර ලංකාවේ සාක්ෂර තාවය 99% යි. අපි ඒ දවස්වල හිටියේ ජපානයටත් වඩා ඉදිරියෙන් දැන් එ්ක තිබෙන්නේ 93% න් පහල . ඉතින් කොහොමද ශාක හඳුනා ගන්නේ (නදී)
අස්ථිර ලෝකයේ ස්ථිර දේවල් කොයින්ද? හැම දෙයටම කාලයක් තිබෙනවා. ඉන්පසුව විනාශවි යනවා (නදී)
අපි දැන්ම පටන්ගමු සතා සිවුපාවාට අවශ්‍ය වටපිටාව ගොඩනඟන්න. ශාක ව්‍යාප්තිය මෙහි ප්‍රමුඛ කටයුත්ත ලෙස සළකන්න. ඔබ හිතන්න ඔබ කිසිම දිනක ශාකයකට හානි සිදුකර නැද්ද කියා. එමනිසා අපි අන් අයට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසුද? දැන්වත් අපි සැවොම අපේ යුතුකම ඉටුකිරීමට පෙළගැසෙමු. නිල්ල පිරුණු හෙටක් ගොඩනඟමු. (නි)
ගහ කොළ සතා සිව්පාවාට ආරක්ෂාව දෙන්ඩ බැරි වීම ගැන නම් මේ රජයට කිසිම සමාවක් දෙන්න බැහැ. අලි මරනවා නැටි කපනවා කැලා මැදින් පාරවල් හදනවා වැව් ඉවුරු වල හෝටල් හදන්න අවසර දීලා කැලෑ වලට හරක් දාන්ඩ ඉඩ දීලා. මේ වගේ දුර දිග හිතන්නේ නැතිව අරගෙන තියන තීරණ වල ප්‍රතිපල තමා මේ.(නදී)
මේ යන විදිහට ගහකොළ විතරක් නෙමෙයි, රටක්වත් ඉතුරුවෙන එකක් නැහැ. (නි)
මහත්තයෝ ඔයාගේ රැකියාවට අපි නව ශාක සොයා රෝපණය කළ යුත්තේ. අපේ සිංහල ජාතියත් වඳවේගෙන යනවා. ඒකට උත්තරයක් අපටත් හොයාගන්න බැරිවී ඉන්නේ. වෙන මොන කතාද. මේ විදිහට එක එකා අපි මරා ගත්තොත් අපිට ගිය තැනින් ඔය ශාක හොයාගන්න පුළුවන් වේවි. (අ)
ආචාර්ය තුමනි ශ්‍රිලංකාවේ වටිනා ශාක වඳවී යනවා වගේම , ඒකපුද්ගල ආධායම අඩුවීම,ණයබරින් මිරිකීම,මන්ද පෝෂණය,අකලට මියයාම, සියදිවි නසා ගැනීම් ,මිනීමැරුම්,රිය අනතුරු,පවුල් සංවිධාන කටයුතු නිසා සිංහල බෞද්ධයෝද වඳවීමේ තර්ජනයකට මුහුණපා ඇත. (අ)
අපේ මිනිස්සුද,,,මිනිස්සු මිනුසුන්ට ආදරේ කරන්නේ නැතිකොට කොහෙද ගහකොලවලට ආදරේ කරන්නේ.(අ)