ඉතියෝපියාවේ සමාගම් වල සේවය කිරීම සඳහා පළපුරුදු වෘත්තිකයින් හෝ අර්ධ පළපුරුද්ද සහිත වෘත්තිකයින් ලබාදීමට ශ්‍රී ලංකාවට හැකි බව ඉතියෝපියාවේ නිල සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අනාගතයේදී රටවල් දෙක අතර ද්විපාර්ෂික සහයෝගීතාවය සඳහා කෘෂිකර්මය, කෘෂී සැකසුම්, රෙදිපිළි කර්මාන්තය සහ විදුලි සන්දේශන ආදී අංශ යෝග්‍ය යයි ඉස්මතු වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අමාත්‍යවරයා ඉතියෝපියානු විදේශ අමාත්‍ය අචාර්ය වර්ක්නේ ජිබේයෙහු මහතා සමග ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වූ බවද සඳහන් වෙයි.
සමාන පසුබිමක් සහිත රටවල් දෙකක් අතර ද්විපාර්ශික සබඳතා පැවැත්වීමේ වැදගත්කම ජිබේයෙහු මහතා අවධාරණය කර තිබේ. වෙළෙඳ, ආයෝජන හා සංචාරක අංශ වැඩි දියුණූ කරගැනීමට ශ්‍රී ලංකාව හා ඉතියෝපියාව බලාපොරොත්තු වෙන බව ද එම ප්‍රකාශයේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේ අන්න හරි. අපේ රටට එපාම වෙච්ච කට්ටිය ගිහින් දාමු (නි)
ස්වාසිලන්තයට යවන්න බැරිද? (නි)
ස්යිටම් එකෙන් එළීයට එන උපාධිධාරින්ව තමයි ඉස්සෙලම ඉතියෝපියාවේ ඉන්න සතුන්ට වෙදකම් කරන්න යවන්න හදන්නේ.(ම)
සුසන්ත, මට ඉතියෝපියාව ගැන කියන්න බොහෝ දේ තියෙනවා. ඒත් මා දැනට මේ දේ පමණක් කියන්නම්. ඩොලර් එකකට අපි 152ක් ගෙවනකොට ඉතියෝපියාව ගෙවන්නේ 8ක්-10ක් විතර. (නි)
ඇයි, මෙහෙ ඉන්න විද්වතුන් අපිට එපාද? (නි)
\"සමාන පසුබිමක් සහිත රටවල් දෙකක්\" කියන එකෙන් අදහස් කලේ රටවල් දෙකේම ඉන්න දේශපාලකයන් ගැන හිතල වෙන්න අැති.(ම)
කවුද යන්නේ මුලින්ම? ඔබතුමාද? (නි)
ඉතියෝපියාවේ රැකියා... (හිනා)!! (නි)
ඔබතුමාට බැරිද එහෙ ඇමති කෙනෙක් වෙලා එහෙම ඉන්න? (නි)
මහින්ද ඉන්නකොට උගණ්ඩාවත් සමඟ මිත්රවුණාම මොවුන් මහින්දට බැන්නා මතකද. එහෙම බැනපු අය දැන් ඉතියෝපියාවක් අල්ලාගෙන දඟලනවා. ගිලෙනකොට තුත්තිරි ගහෙත් එල්ලෙනවා කියන්නේ ඕකට තමා (නි)
ඔබතුමාට ලෝකේ දියුණු රටක රැකියා අවස්ථා හොයාගන්න බැරිවුණාද මහත්තයෝ..? (නි)
එහෙ විදේශ ඇමතිකම ගත්තොත් අපේ රටටත් යහපතක් වේවි. (නි)
මැලේරියා, හෙපටයිටිස්, මෙනින්ජයිටිස් ආදියට බෙහෙත් විදගෙන ලෝක සෞඛ්‍යය සංවිධානයෙන් දෙන "යෙලෝ කාර්ඩ්" එකත් අරන් ඉතියෝපියා ගියා කියමුකෝ, ඒඩ්ස් වලින් බේරෙන්න හොඳ ආත්ම ශක්තියකුත් අවශ්‍ය වෙනවා. මා කලක් මෙහි රාජකාරි කළ නිසා මේ ගැන හොඳින් දන්නවා. (නි)
දැන් මෙච්චරයි අඩු! (නි)
ඒක හොඳයි. දැන්නම් ඉතියෝපියාව වුණත් කමක් නැහැ, මෙහෙ ජීවන වියදමේ හැටියට (නි)
බැරිද දියවන්නා සෙට් එකත් එහෙට පටවන්න. (නි)
ගැළපෙන රටක් සමඟ සහයෝගයෙන් වැඩකිරීම හොඳයි. (නි)
යහපාලනේ කියලා ඒ ගමන ආටක නාටක පෙන්නනවාද..? මාර සංදර්ශනනේ තියන්නේ. (නි)
ඇයි සෝමාලියාවට උත්සාහයක් නොදරන්නේ? (නි)
කබළෙන් ළිපට වැටීමක්! (නි)
ඉතියෝපියාවටත් කන්න නැතුව ඉන්නේ. (නි)
ලංකාව ඉතියෝපියාවට සමාන කරන්න තරම් පහත් තත්වෙට තමන්ගේම රට ඇදදානවද? කන්න නැතුව වේලෙන රටක්. අපේ රට කවදාවත් එහෙම දුප්පත් තත්වෙට වැටිලා තියනවද? (නි)
මේකත් අර ලංකාවෙන් අප්‍රිකාවට පරණ වාහන යවනවා කිවුව වගේ වැඩක් වේවිද ? ඔය වැඩේ බොරුවට රටේ සල්ලි කාබාසිනියා වෙන වැඩක් , (අ)
අනේ අපිට නම් මෙහෙ හොඳයි (නි)
ඔබතුමාලට එහෙ යන්න අදහසක් නැද්ද? (නි)
ධම්ම කියන විදිහට නම් බයත් හිතෙනවා