
(ලක්ෂ්මී ජයකොඩි)
ශ්‍රී ලංකාව යුදාධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් උතුරු නැගෙනහිර පළාත් ආගමික නියෝජිතවරු කිහිපදෙනෙක්, යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාල සිසුහු කිහිපදෙනෙක් නල්ලුර් කන්දසාමි කෝවිල ඉදිරිපිට අද (28) මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.
මෙම උපවාසය ආරම්භ කරමින් අදහස් දැක්වු වේලන් ස්වාමි මහතා පැවසුවේ ජීනීවා මානව හිමිකම් කවුන්සල සැසිවාරය ආරම්භ වී ඇති මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කර ඇති බ්‍රිතාන්‍ය ප්රමුඛ රටවල් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුදාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවයි.
තවද ශ්‍රි ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණය යුක්තිය ඉටු විය යුතු බවද වේලන් ස්වාමි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ දෙමළ සහෝදරවරුනේ, මේ කාලකන්නි පාලකයින් වින කෙරුවේ ඔබලාට පමණක් නොවෙයි. සිංහල අපිවත් මරා දමමින් සිටින්නේ. අපේ රටත්, වටිනා කැලෑ එළිපෙහෙළි කරමින් ඔවුන්ගේ හෙන්චයියන්ට දෙමින්, රට වනසනවා. මේ හොරු ඔක්කෝම යුද්ධාධිකරණයට ඉදිරිපත් නොකළොත්, අනිවාර්යයෙන්ම සොභාවධර්මයේ නීතියෙන් දඬුවම් විඳිනවා. ස්වභාවිකව මැරෙන්න පෙර බොහෝ දුක් විඳලා තමයි මේ අය අපාගත වෙන්නේ...
නැගෙනහිර සටන් කරපු අයව අමතක වෙලා වගේ...
LTTE එක අපේ සිංහල අහිංසක මිනිස්සු කොච්චර අමානුෂික ලෙස මැරුවද...? කුඩා දරුවන් කපලා කොටලා මැරුවද...? සිවිල් මිනිස්සු කොච්චර බෝම්බ ගහලා මැරුවද? එතකොට කෝ නැතිවෙච්ච ඒ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම්.. එහෙනම් ඉතිං දැනට ඉන්න LTTE එක වෙනුවෙන් පෙනී සිටින ඔක්කොම යුද අධිකරණවලට ගෙනියන්න ඕනෑ... මොන අසාධාරණකම්ද ඒ ගොල්ලෝ කියන්නේ...? ඔය දකුණේ ඉන්න දෙමළ මිනිස්සු යස අගේට සිංහල මිනිස්සු එක්ක හොඳට ඉන්නේ...
අපේ යුද හමුදාව යුද අධිකරණයට ගෙනියන්න කළින් ඉන්දියාවේ හමුදාවත් දක්කන්න කියලා උපවාස කරන්නකෝ. ඒ ගොල්ලෝ මේ රටේදී කරපු නොපනත්කම්වලට ඇයි කටවල් වහගෙන ඉන්නේ..? කොටින්ගේ හිතවාදීනුත් ගෙනියන්න කියන්නකෝ... මොකද කොටින් විසිනුත් ඔයාලගේ පවුල්වලට බොරු සුරංගනා ලෝකයක් පෙන්නලා දරුවන්ව විනාශ කළානේ..
සුදු වෑන් එකක යන්න ආසා හිතිලා වගේ...
අම්මෝ...!!! කතෝලික සභාව?... මේවට කට නැහැ.
ලෝකයේ දේශපාලකයාට අකමැතියි කියලා රටටම වෛර කරන ජාතියක් ඉන්න රට ලංකාව පමණයි. මේ මෝඩ තකතීරු මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. මේ විනාශ කරන්නනේ තමන්ගේම දූදරුවන්ගේ රට නේද කියලා... මේ වගේ රට විනාශ කරන ජනතාව සහ දේශපාලකයින් දෙගොල්ලන්ටම දඬුවම් දිය යුතුයි.
ජීවිතය කෙටියි... මරණය නියතයි... මාරාන්තික උපවාසයේ සිටින ඔබ සියලුදෙනා අපේක්ෂා කරන ඒ මරණය ලැබේවා..!
ඉතින් මැරියල්ලකෝ...!!!
ලංකාවේ කොහේද දෙමළුන්ට අසාධාරණකම් වෙලා තියෙන්නේ...? මේ රටේ හැම තැනම දෙමළුන් ඉන්නවා. සිංහල අපිට තමයි උතුරට යන්න බැරි.. යුද හමුදාවේ කී දෙනෙක් අතුරුදන් වෙලා තියෙනවද? දකුණේ කී දෙනෙක් බෝම්බ ගහලා මරලා දැම්මද? දැන් මාරාන්තික උපවාස...!!!