ශ්‍රී ලංකාව ජීනිවා නුවර එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ සමුළුවේ 2018 වසරේ පළමු සභාපතිධුරයට පත්ව තිබේ.
ශ්‍රී ලංකාව අවසානවරට එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ සමුළුවේ සභාපතිධුරයට පත්වූයේ 2007 වසරේදීය.
ලෝක ආරක්ෂාව සම්බන්ධයෙන් සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි මෙම අවස්ථාවේදී අදහස් දැක් වූ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ පැවසීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මෙසේ ද කීය.
“ශ්‍රී ලංකාව මෙම සමුළුවේ සභාපතීත්වයට පත්වන්නේ එය හමුවේ ඉතාමත් තීරණාත්මක අභියෝග රැසක් පවත්නා වකවානුවක. මෙම අභියෝග අතර වර්තමාන ලෝකයේ පවත්නා ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංකීර්ණ පරිසරය, ත්‍රස්තවාදීන් ඇතු`ඵව රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් ලෝක සාමයට එල්ල කරන්නාවූ අභියෝග මෙන්ම සීතල යුධ සමයෙන් පසුව ඇතිව ඇති වඩාත්ම බැරෑරුම් නි්‍යෂ්ටික ආයුධ තර්ජනය ආදිය ඉතා වැදගත් . මෙම අභියෝග හේතුවෙන්ම නිරායුධකරන සමු`ඵවට ඉතාමත් වැදගත් ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටුකිරීමට පැහැදිළි අවස්ථාවක් උදාවී තිබෙනවා. එසේම සියල්ලන්හට ආරක්ෂාව උදාකරගැනීමේ පොදු අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා මෙම සමු`ඵවෙහි ඇති විභවයන් යෙදෙවීම වෙනුවට ජාත්‍යන්තරතලයේ නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් අනුව මෙම සමුඵවේ මූලික කාර්යයන් තීරණය කිරීමේ පෙළෙඹවීම් වලට හසු නොවන ලෙසද සමු`ඵවේ සාමාජික රටවල්වලින් ඉල්ලා සිටිනවා” යැයි ද හෙතෙම කීය.


- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සභාපති තනතුර කිසියම් සූත්තරයකට අනුව සිදුවන එකක් මිස සුදුසු කමකටම දෙන එකක් නොවෙයි. එක්සත් ජාතික සංවිධානයේ සභාපති කමත් එහෙමනේ. දැන් අපේ ගොයියෝ කියයිද දන්නා නැහැ අපේ යුද ප්‍රතිපත්ති නිසා ලැබුනා කියලා. ලස්සන වැඩේ ඊට පසු හෙන්චයියලා එ්ක අහලා 2020 වෙනතුරු කියාවි අපේ ආණ්ඩුව නිරායුද කරණ සමුළුවේ පළමු සභාපති තනතුරත් ලබාගත්තා කියලා.
බටහිරට ඕනෙ පුළුවන් තරම් අනිත් හැම රටක්ම නිරායුධ කරල ඔවුන් න්‍යෂ්ටික බලයත් තියාගන්න. අපේ මෝඩ රැල ඕවට අහුවෙනවා. සාලාව පුපුරවල දාල රටේ ආයුධ විනාශ කල නිසා වෙන්නැති මේක හම්බුනේ.
සිරිසේනගේ කඩුව දැන් කොහෙද තියන්නේ? රට කාපු නිවටයෝ. අපේ අභිමානය නැත්තටම නැති කළා. ඕනෑම අසුචි ගොඩක් බාර ගනීවි තමන්ගේ පැවැත්මට...