IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ දූෂණය පිටු දැකීමට කැපවන බව ජනපති ලොවට කියයි

‘දූෂණය, දේශපාලන භීෂණය සහ මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ බරපතල චෝදනා සහිත යුගයක් ශී‍්‍ර ලංකාව පසු කළා. ජනතාව විසින් එම තත්ත්වයට එරෙහිව ප‍්‍රතිචාර දැක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස 2015 ජනාධිපතිවරණයේදී එම පාලනය වෙනස් කර යහපාලන රජය බලයට පත්වුණා‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන දූෂණ විරෝධි අන්තර්ජාතික සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.

‘අද ලෝකය පුරා ව්‍යාප්තව තිබෙන දූෂණයට එරෙහිව සටන් කිරීමේ පෙරමුණ සඳහා අපේ හදවත් එකට එක් කිරීමට ගන්නා ලද විශේෂ පියවරක් ලෙස මෙම සමුළුව හඳුන්වාදිය හැකියි. ශී‍්‍ර ලාංකීය ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එම දූෂිත පාලනයෙන්  සහ ඔවුන්ගේ උදව්කරුවන්ගෙන් මිදුණා. අද ශී‍්‍ර ලංකාවේ තිබෙන්නේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් සමන්විත ජාතික ආණ්ඩුවක්. මාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අනුදැනුම යටතේ එය පවත්වාගෙන යනු ලබනවා. අප මහජන ඡුන්දයෙන් තේරි පත්වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම යන ප‍්‍රතිපත්ති තහවුරු කිරීම මත පදනම්වයි. එබැවින් රටින් දූෂණය තුරන් කර දැමීම අපේ මූලික වගකීමක් ලෙස සලකනු ලබනවා. මේ සම්බන්ධව අප දැනටම වැදගත් තීරණ රැසක් ගෙන තිබෙනවා‘ යැයි ද ජනපති කීවේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ‘19 වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීම තුළින් ජනාධිපතිවරයා සතු විධායක බලතල පාර්ලිමේන්තුවට පවරා දුන්නා. කෙසේ වෙතත් මාගේ විනිවිදභාවය, වගවීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම මෙන්ම දූෂණයෙන් තොර යහපාලනයක සඳහා ඇති කැපවීම හේතුවෙන් මම දූෂණ විරෝධි කාර්යාලයක් ස්ථාපිත කළා. විශේෂයෙන්ම අල්ලස් හා දූෂණ පිටුදැකීමේ කොමිෂන් සභාවක් පත් කළා. තොරතුරු දැනගැනීමේ පනත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරි කාලයේදී විගණන පනතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටිනවා.  මේ සියලූ ආයතනවල කි‍්‍රයාකාරිත්වය සතුටුදායක මට්ටමින් සිදු වෙනවා‘ යැයි කී ජනපති දූෂණය පිටුදැකීමට ශී‍්‍ර ලංකාව සම්පූර්ණයෙන් කැපවන බව ද සඳහන් කළේය.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ දූෂණය පිටු දැකීමට කැපවන බව ජනපති ලොවට කියයි

හිරාන් Friday, 13 May 2016 06:39 AM

යහපාලන ආණ්ඩුව ආ ගමන් මහා බැංකුවේ කෝටි 6000 ක් අපට නැතුව ගියා. මේවා තමයි නියම දුෂණ. (නි)

:       0       0

සුසන්ත Friday, 13 May 2016 07:04 AM

අල්ලස් හා දුෂණ කොමිසම තිබුනේ දැන් දශක ගණනාවක් තිස්සේ නේද? එ්කත් මෙයාලද හැදුවේ? (නි)

:       0       0

අනිල් Friday, 13 May 2016 07:08 AM

දැන් ඉතින් බොහෝවිට දුෂණ කෙරෙන්නේ නීත්‍යානුකූලවනේ. (නි)

:       0       0

ප්‍රතාප් නාලක Friday, 13 May 2016 08:25 AM

2015 අවුරුද්දේ පමණක් අපේ ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂයකින් (කෝටි 100,000) පමණ වැඩි වුණා. හිතන්න, අපිට මෙම මුදලින් ගුවන් තොටු පොළවල් 40 හදන්න පුළුවන්. එ්ක තේරුම් ගැනීමට උදාහරණයක් පමණි. කවුරු හරි දැක්කද 2015/2016 මෙම මුදලින් කරපු සංවර්ධනයක්? මෙම අලාබය සිදු වුනේ කොහොමද? (බ)

:       0       0

සංජු Friday, 13 May 2016 08:43 AM

මහ බැංකු වංචාව නැවැත්තුව වගේ ද?(බ)

:       0       0

ප්‍රතාප් නාලක Friday, 13 May 2016 09:44 AM

පසුගිය රජයේ ලොකුම හොරා, අර ගාල්ලේ කෙනාගේ නඩුව ඉදිරියට ගෙන යන්න නඩු නිමිති මදිලු. සනීපද දැන්? (බ)

:       0       0

සදුන් Friday, 13 May 2016 10:12 AM

ඔබතුමාගේ ආණ්ඩුවෙන්ම පටන් ගන්න .(හේ)

:       0       0

දිනේෂ් Friday, 13 May 2016 10:46 AM

දුෂණය පිටුදකිනවා නම් ඡන්දය පැරදුන අයට පස්ස දොරෙන් මන්ත්‍රීකමුයි ඇමැතිකමයි දෙන වැඩත් පිටුදකින්න (නි)

:       0       0

අනිල් Friday, 13 May 2016 10:55 AM

දුෂණය නැතිවෙලා තියන තරම තේරුම් ගන්න පුළුවන් ඉතිහාසයේ කවරදාවත් නැති තරම් ණය ගනිද්දී සහ එ් ගන්නා ණයෙන් රටේ කිසිම සංවර්ධනයක් නොවෙද්දී. කෝකටත් තෛයිලේ තිබුණ ආණ්ඩුවට බැනීම විතරයි. (නි)

:       0       0

ගම්පොලගෙදර Friday, 13 May 2016 10:58 AM

සුමිත්‍රා, ස්තුතියි! ඔබ සත්‍යය තේරුම් ගත්ත එක ගැන වඩාත් සන්තෝෂයි.අපිට තියෙන්නේ අවංක මිනිස්සු හොයා යන්න . ඊට ඉස්සරවෙලා අපි අපේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න පුරුදුවෙන්න ඕනේ .නැතුව මේ රට සම්මජ්ජාතියකට ගොඩ ගන්න බැහැ. (බ)

:       0       0

ඇන්ජලෝ Friday, 13 May 2016 11:03 AM

ඉස්සෙල්ලම ටෙලිකොම් එකේ මල්ලිව අයින් කරන්න , අනික එක ඩේවිඩ් කැමරන්ගේ තාත්ත ගේ පැනමා ගිණුම ගැන අහන්න (බ)

:       0       0

ආර්. වික්‍රම Friday, 13 May 2016 11:33 AM

මහත්තයෝ, පිටරටත් ඉන්නවද ඕවා විශ්වාස කරන අය? හරියට ඡන්දෙ දුන්න මේ අපි වගේ? (නි)

:       0       0

චානක Friday, 13 May 2016 05:05 AM

ඔබට බොහොම ස්තූතියි! (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 13 May 2016 01:07 PM

ලංකාවට විහිළු සපයනවා මදිවට පිටරටවලුත් හිනස්සනවා දූෂකයෝ සේරම මෙයාගේ තුරුල්ලේ (බ)

:       0       0

රජිත් Friday, 13 May 2016 05:17 AM

ප්‍රාදේශීය සභාවට බයිසිකලෙන් ගිය සමහර අය අද කොතැනද? මඳක් සිතා බලන්න (නි)

:       0       0

චන්දි Friday, 13 May 2016 05:19 AM

දැන් සමහරු අමුතු විදිහකට දුෂණ කරන්නේ. මුලින්ම රජයේ ඇස්තමේතුව කියලා ඉතා ඉහළ ඇස්තමේන්තුවක් පෙන්නනවා. ඊටපස්සේ ඊට අඩු ගානකින් කරලා අපි අඩුවෙන් කළා කියනවා (නි)

:       0       0

ගම්පොළගෙදර Friday, 13 May 2016 05:23 AM

දුෂකයන් කොටසක් නිදැල්ලේ... කොටසක් තුරුල්ලේ... කතා කිවූ ඇසිල්ලේ... කෙසේනම් හිඳිමුද සැනසිල්ලේ... (නි)

:       0       0

වින්සන්ට් Friday, 13 May 2016 05:54 AM

ඔබතුමාට ස්තුතියි. කවදාද අපිට ඒක දැනෙන්නේ? (නි)

:       0       0

අර්ජුන රණවන Friday, 13 May 2016 05:59 AM

නයිජීරියාවේ ජනාධිපති වගේ යටත් විජිත යුගයේ අපෙන් ගත් දේවල් ආපසු අපට දෙන්න කියන්න පුළුවන් නම්... (නි)

:       0       0

යාපා Friday, 13 May 2016 06:05 AM

බොහොම හොඳයි. මෙය ඉක්මනින් අපිට ප්‍රායෝගිකව අත්විඳීමට ලැබේවා! (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 13 May 2016 06:12 AM

ගම්පොලගෙදරගේ නිසදැස සහ කවිය අපූරුයි. දුෂකයන් එළෙව්වොත් කිසිවෙක් නැහැ තුරුල්ලේ..... එසේ වුවහොත් තනිව කෙසේද රට කරන්නේ.... (නි)

:       0       0

සත්‍යයා Friday, 13 May 2016 01:43 PM

ජේ ආර් ගේ පාලනේ ධර්මිෂ්ට කියල ජේ. ආර් ම නම දාගත්තා. ප්‍රේමදාසත් දුප්පතාගේ හිතවතා කියල එයාම කියා ගත්තා. මහින්ද නැති චින්තනයක් ගැන කතා කරමින් රට ප්‍රපාතයට අරන් ගියා. යහපාලානේ ප්‍රතිපල ගැන කතා කරන දවසක ඊට වග කියන්න එක්කෙනෙක් නැතිව යනවා. මොකද දෙන්නෙක් එක වර රට කරවන නිසා. (බ)

:       0       0

නුවන් Friday, 13 May 2016 06:17 AM

කැමරන්ලා එක්කද දූෂණයට විරුද්ධ සමුළු තියන්නේ? (නි)

:       0       0

රෝහිණී Friday, 13 May 2016 06:28 AM

වෙනස කියන්නේ, රටේ රාජ්‍ය නායකයා දූෂණ විරෝධී සමුලුවකට යන විට, හිටපු රාජ්‍ය නායකයා, දූෂණය ඉහළින්ම සමරන රාජ්‍යයක රාජ්‍ය උත්සවයකට සහභාගිවීමයි. එතුමාට කොහොම වෙතත් ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් අපට දුකක් ඇතිවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site