‘දූෂණය, දේශපාලන භීෂණය සහ මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ බරපතල චෝදනා සහිත යුගයක් ශී‍්‍ර ලංකාව පසු කළා. ජනතාව විසින් එම තත්ත්වයට එරෙහිව ප‍්‍රතිචාර දැක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස 2015 ජනාධිපතිවරණයේදී එම පාලනය වෙනස් කර යහපාලන රජය බලයට පත්වුණා‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන දූෂණ විරෝධි අන්තර්ජාතික සමුළුව අමතමින් ප්‍රකාශ කළේය.
‘අද ලෝකය පුරා ව්‍යාප්තව තිබෙන දූෂණයට එරෙහිව සටන් කිරීමේ පෙරමුණ සඳහා අපේ හදවත් එකට එක් කිරීමට ගන්නා ලද විශේෂ පියවරක් ලෙස මෙම සමුළුව හඳුන්වාදිය හැකියි. ශී‍්‍ර ලාංකීය ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එම දූෂිත පාලනයෙන් සහ ඔවුන්ගේ උදව්කරුවන්ගෙන් මිදුණා. අද ශී‍්‍ර ලංකාවේ තිබෙන්නේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් සමන්විත ජාතික ආණ්ඩුවක්. මාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අනුදැනුම යටතේ එය පවත්වාගෙන යනු ලබනවා. අප මහජන ඡුන්දයෙන් තේරි පත්වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම යන ප‍්‍රතිපත්ති තහවුරු කිරීම මත පදනම්වයි. එබැවින් රටින් දූෂණය තුරන් කර දැමීම අපේ මූලික වගකීමක් ලෙස සලකනු ලබනවා. මේ සම්බන්ධව අප දැනටම වැදගත් තීරණ රැසක් ගෙන තිබෙනවා‘ යැයි ද ජනපති කීවේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ‘19 වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වාදීම තුළින් ජනාධිපතිවරයා සතු විධායක බලතල පාර්ලිමේන්තුවට පවරා දුන්නා. කෙසේ වෙතත් මාගේ විනිවිදභාවය, වගවීම සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම මෙන්ම දූෂණයෙන් තොර යහපාලනයක සඳහා ඇති කැපවීම හේතුවෙන් මම දූෂණ විරෝධි කාර්යාලයක් ස්ථාපිත කළා. විශේෂයෙන්ම අල්ලස් හා දූෂණ පිටුදැකීමේ කොමිෂන් සභාවක් පත් කළා. තොරතුරු දැනගැනීමේ පනත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරි කාලයේදී විගණන පනතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කරමින් සිටිනවා. මේ සියලූ ආයතනවල කි‍්‍රයාකාරිත්වය සතුටුදායක මට්ටමින් සිදු වෙනවා‘ යැයි කී ජනපති දූෂණය පිටුදැකීමට ශී‍්‍ර ලංකාව සම්පූර්ණයෙන් කැපවන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන ආණ්ඩුව ආ ගමන් මහා බැංකුවේ කෝටි 6000 ක් අපට නැතුව ගියා. මේවා තමයි නියම දුෂණ. (නි)
අල්ලස් හා දුෂණ කොමිසම තිබුනේ දැන් දශක ගණනාවක් තිස්සේ නේද? එ්කත් මෙයාලද හැදුවේ? (නි)
දැන් ඉතින් බොහෝවිට දුෂණ කෙරෙන්නේ නීත්‍යානුකූලවනේ. (නි)
2015 අවුරුද්දේ පමණක් අපේ ණය ප්‍රමාණය රුපියල් කෝටි ලක්ෂයකින් (කෝටි 100,000) පමණ වැඩි වුණා. හිතන්න, අපිට මෙම මුදලින් ගුවන් තොටු පොළවල් 40 හදන්න පුළුවන්. එ්ක තේරුම් ගැනීමට උදාහරණයක් පමණි. කවුරු හරි දැක්කද 2015/2016 මෙම මුදලින් කරපු සංවර්ධනයක්? මෙම අලාබය සිදු වුනේ කොහොමද? (බ)
මහ බැංකු වංචාව නැවැත්තුව වගේ ද?(බ)
පසුගිය රජයේ ලොකුම හොරා, අර ගාල්ලේ කෙනාගේ නඩුව ඉදිරියට ගෙන යන්න නඩු නිමිති මදිලු. සනීපද දැන්? (බ)
ඔබතුමාගේ ආණ්ඩුවෙන්ම පටන් ගන්න .(හේ)
දුෂණය පිටුදකිනවා නම් ඡන්දය පැරදුන අයට පස්ස දොරෙන් මන්ත්‍රීකමුයි ඇමැතිකමයි දෙන වැඩත් පිටුදකින්න (නි)
දුෂණය නැතිවෙලා තියන තරම තේරුම් ගන්න පුළුවන් ඉතිහාසයේ කවරදාවත් නැති තරම් ණය ගනිද්දී සහ එ් ගන්නා ණයෙන් රටේ කිසිම සංවර්ධනයක් නොවෙද්දී. කෝකටත් තෛයිලේ තිබුණ ආණ්ඩුවට බැනීම විතරයි. (නි)
සුමිත්‍රා, ස්තුතියි! ඔබ සත්‍යය තේරුම් ගත්ත එක ගැන වඩාත් සන්තෝෂයි.අපිට තියෙන්නේ අවංක මිනිස්සු හොයා යන්න . ඊට ඉස්සරවෙලා අපි අපේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න පුරුදුවෙන්න ඕනේ .නැතුව මේ රට සම්මජ්ජාතියකට ගොඩ ගන්න බැහැ. (බ)
ඉස්සෙල්ලම ටෙලිකොම් එකේ මල්ලිව අයින් කරන්න , අනික එක ඩේවිඩ් කැමරන්ගේ තාත්ත ගේ පැනමා ගිණුම ගැන අහන්න (බ)
මහත්තයෝ, පිටරටත් ඉන්නවද ඕවා විශ්වාස කරන අය? හරියට ඡන්දෙ දුන්න මේ අපි වගේ? (නි)
ඔබට බොහොම ස්තූතියි! (නි)
ලංකාවට විහිළු සපයනවා මදිවට පිටරටවලුත් හිනස්සනවා දූෂකයෝ සේරම මෙයාගේ තුරුල්ලේ (බ)
ප්‍රාදේශීය සභාවට බයිසිකලෙන් ගිය සමහර අය අද කොතැනද? මඳක් සිතා බලන්න (නි)
දැන් සමහරු අමුතු විදිහකට දුෂණ කරන්නේ. මුලින්ම රජයේ ඇස්තමේතුව කියලා ඉතා ඉහළ ඇස්තමේන්තුවක් පෙන්නනවා. ඊටපස්සේ ඊට අඩු ගානකින් කරලා අපි අඩුවෙන් කළා කියනවා (නි)
දුෂකයන් කොටසක් නිදැල්ලේ... කොටසක් තුරුල්ලේ... කතා කිවූ ඇසිල්ලේ... කෙසේනම් හිඳිමුද සැනසිල්ලේ... (නි)
ඔබතුමාට ස්තුතියි. කවදාද අපිට ඒක දැනෙන්නේ? (නි)
නයිජීරියාවේ ජනාධිපති වගේ යටත් විජිත යුගයේ අපෙන් ගත් දේවල් ආපසු අපට දෙන්න කියන්න පුළුවන් නම්... (නි)
බොහොම හොඳයි. මෙය ඉක්මනින් අපිට ප්‍රායෝගිකව අත්විඳීමට ලැබේවා! (නි)
ගම්පොලගෙදරගේ නිසදැස සහ කවිය අපූරුයි. දුෂකයන් එළෙව්වොත් කිසිවෙක් නැහැ තුරුල්ලේ..... එසේ වුවහොත් තනිව කෙසේද රට කරන්නේ.... (නි)
ජේ ආර් ගේ පාලනේ ධර්මිෂ්ට කියල ජේ. ආර් ම නම දාගත්තා. ප්‍රේමදාසත් දුප්පතාගේ හිතවතා කියල එයාම කියා ගත්තා. මහින්ද නැති චින්තනයක් ගැන කතා කරමින් රට ප්‍රපාතයට අරන් ගියා. යහපාලානේ ප්‍රතිපල ගැන කතා කරන දවසක ඊට වග කියන්න එක්කෙනෙක් නැතිව යනවා. මොකද දෙන්නෙක් එක වර රට කරවන නිසා. (බ)
කැමරන්ලා එක්කද දූෂණයට විරුද්ධ සමුළු තියන්නේ? (නි)
වෙනස කියන්නේ, රටේ රාජ්‍ය නායකයා දූෂණ විරෝධී සමුලුවකට යන විට, හිටපු රාජ්‍ය නායකයා, දූෂණය ඉහළින්ම සමරන රාජ්‍යයක රාජ්‍ය උත්සවයකට සහභාගිවීමයි. එතුමාට කොහොම වෙතත් ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් අපට දුකක් ඇතිවේ. (නි)