
(හර්ෂණ තුෂාර සිල්වා)
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාලනය කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව යනාදී සියලු කරුණුවලදී රටවල් 108 ක් අතරින් දෙවැනි තැනට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
චීනයේ ප්‍රකට මූල්‍ය බුද්ධි මණ්ඩලයක් වන ‘වයි.අයි.සී.ඒ.අයි පර්යේෂණ ආයතනය’ කරන ලද පුළුල් සමීක්ෂණයකින් එලෙස දෙවැනි තැනට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව සිටී.
නව කොරෝනා වයිරසයට එරෙහිව සටනේදී ජාත්‍යන්තර තුළ ශ්‍රී ලංකාවට හිමි වූ විශාලතම පිළිගැනීම මෙය යැයි මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
ඉංග්‍රීසි බසින් නිකුත් කෙරෙන මෙහි සම්පූර්ණ වාර්තාව ලබන මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම ලැයිස්තුවේ මුල් තැන හිමිව ඇත්තේ චීනයට වන අතර අප්‍රිකානු මහද්වීපයේ ඝානාව තෙවැනි තැනට පත්ව ඇත. චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය සහ කාම්බෝජය යනාදී ආසියා ශාන්තිකර කලාපයේ රටවල් මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන දහයට පැමිණීම විශේෂත්වයකි.
කොවිඩ්-19 පාලනය කිරීම ඇතුළු ඉහත සඳහන් කරන ලද කරුණුවලදී යුරෝපා රටවල් අතරින් මුල් තැනට පැමිණ ඇත්තේ ඩෙන්මාර්කය සහ ජර්මනියයි. ඩෙන්මාර්කය 21 වැනි ස්ථානයටත් ජර්මනිය එහි 23 තැනටත් පත්ව ඇත.
ලොව නව කොරෝනා වයිරස ආසාදිතයන් වැඩිම ගණනක් සහ මරණ වැඩිම ගණනක් වාර්තා වන ඇමෙරිකාව 98 වැනි තැනටත් තෙවැනියට වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන බ්‍රසීලය එහි 89 වැනි තැනටත් පත්ව ඇත. ප්‍රජාව තුළ ප්‍රතිශක්තීරණය ජනනය කිරීමේ මතභේදාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කළ ස්වීඩනයට මෙම ලැයිස්තුවේ හිමිව ඇත්තේ 90 වැනි තැන ය.
අසල්වැසි ඉන්දියාව මෙහි 45 වැනි ස්ථානයටත් පාකිස්තානය 13 වැනි ස්ථානයටත් පත්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි. තවත් ආරක්ෂාවෙමු.
YICAI යනු චීන පර්යේෂණ ආයතනයකි. ඔවුන් චීනය අංක 1 රට ලෙසත්, ශ්‍රී ලංකාව ඇතුළු හොඳම 10 දෙනා අතරට චීනය තෝරා ගැනීම ගැනත් මම පුදුම නොවෙමි.
පළමුව අප උඩ බලාගෙන කෙල ගසනවා යන කියම සනාත කිරීමක් නොකරන බව කාරුණිකව සලකන්න.. එලෙසම "කිසිදු දේශපාලුවෙකුට" සුදු හුනු හෝ තාර අලේප කිරීමට අපට අවශ්‍යම නැත. අප අවන්කවම කනගාටු වෙනවා මෙම දෙවන ස්ථානය අප රටට ලැබීමට සලකා බලනලද නිර්නායකයන් දෙස. මක්නිසාදයත් "අප කී දහසක්" තමන් උපන් රටට එන්නට බැරිව ( විශේෂයෙන් මැද පෙරදිග ) ගුවන්තොටුපොළ වසාගෙන තිබීම නිසා රැකියා අහිමිවී අපාදුක් විදිමින් නන්නත්තාරවී සිටින ලංකා මාතවගේම දුදරුවන් කදුළු සලමින් සිටින මොහොතක දෙවන ස්ථානය ලැබීම පිලිබදව උදම් අනමින් සතුටු වෙන්නේ මෝඩ නුගත් පුරවැසියන් පමණක් බව හදපිරි කනගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු.
ඉතාම හොඳ අගයකිරීමක්.
ලෝකෙටම වසංගතේ තෑගි කරපු චිනේ පළමු තැනට මේවට කොයි පැත්තෙන් හිනා වෙන්නද කියලා තේරෙන්නෑ...
මෙය සැබෑ ජයග්‍රහණයකි. ඒ වෙනුවෙන් දායක වූ සැමට ජාතියේ ප්‍රණාමය.
අපි හැමෝම ආඩම්බර විය යුතුයි ...
කොරෝනා ලොවට බෙදාහැරීමේ සහ ලෝකයම විනාශ කිරීමෙ පලමු තැනත් චීනයටම ලැබෙන්න ඕන.
දන්න කාලෙකට ඔය දෙවෙනි තැනකට ආවමයි මගෙ හිතේ?
සුභ පැතුම්.! රටට නිසි නායකත්වයක් ඇත.
බටහිර රටවල් තමන්ට වාසි වෙන විදිහට වාර්තා හැදුවට චීනය නිවැරදිව සාධක මත මේක කරලා තියෙනවා.
මේ මොන විහිලු කතාද.? ඕවා හොඳයි කොන්ඩේ බැඳපු චීනුන්ට.