
පින්ලන්තය ලබාදෙන ආධාර වලින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ කළ යුතු සංවර්ධන ව්‍යාපෘති පිළිබද යෝජනා කඩිනමින් ලබාදෙන ලෙස පින්ලන්ත පින්ලන්තයේ සමාජ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍ය පිර්කෝ මතිලා මහත්මිය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය. කිසියම් රෝගියෙකුගේ ඩි.එන්.ඒ පරීක්ෂා කර ප්‍රතිකාර කිරීමෙි ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරිම පිළිබඳව ද මෙහිදී සාකචිඡා කෙරුනි. ඒ සදහා ශ්‍රි ලංකාවේ වෛද්‍යවරුන්ට පුහුණුවක් දීමට පින්ලන්ත රජය එකඟත්වය පළ කළේය.
පින්ලන්ත සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකික වෙළෙද ප්‍රජාව වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රැන්ඩි හෝටලයේ දී අද (28) පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු හෙළිදරව් කෙරිණ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමණාකාර අධ්යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය DNA හොයන්න කලින් වසංගත ලෙඩ්ඩු ගොඩේ... ළමයි ලැබෙන්න ඉන්න අම්මලාට වෙනමම මාතෘ නිවාස රටපුරා තැනින් තැන ඉදිකළානම් නරකද?
දිවයිනේ පාසල් 600 කට වැසිකිළි පහසුකම් නැහැ. මේ සියලු දේටම මුල කොළඹට කිරි ගමට කැකිරි ප්රතිපත්තියයි.
මෙයා නම් මාර සෞඛ්‍ය ඇමතියෙක්. එයාගේ දැනුමේ හැටියට ලංකාවේ තිබෙන ප්‍රධානම සෞඛ්‍ය ප්රශ්නය DNA පරික්ෂා කරගන්නට නොහැකි වීම.
මේ ඇමතිනිය දන්නෙ නැහැනෙ හරියටම මෙයා ගැන. එහෙම වුණානම් ව්‍යාපෘති අකුලන් දුවන්නේ...
අපොයි දෙයියනේ මෙයාගෙන්ද අහන්නේ...
හැමෝගෙම අදහස් වලට මම ගරු කරනවා. එනමුත් ඩි.එන්.ඒ පරීක්ෂා කර ප්‍රතිකාර කිරීමෙි ක්‍රමවේදය ඉතාම වැදගත් තාක්ෂණයක්. පාරම්පරිකව ඇතිවන ලෙඩ රෝග හඳුනාගෙන ප්‍රති කාර තරන්න පුලුවන්නම් බොහෝවිට ජීවත් වීමේ කාලය දිගු කරගන්නට පුළුවනි .
පින්ලන්තයේ මිනිස්සු හරියට පින් කරනවා වගේ. අපි වගේ දුප්පත් රටවලට සිඟමන් දීලා..