(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ කොවිඞ් වසංගත තත්ත්වය මේ වන විට එහි තුන්වන මට්ටමට ළඟා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.
කොවිඞ් වසංගතයේ අදියර 4ක් පවතින අතර පළමු මට්ටමේදී විදේශවලින් පැමිණි අය වැනි පිරිස් අතුරින් කුඩා ප්‍රමාණයක් වාර්තාවීමත්, දෙවන මටට්ම රට තුළ විශාල වශයෙන් නොපැතිරුණු එක් පොකුරක් පැවතීමත්, තුන්වන මට්ටමේදී රෝගී පොකුරු කීපයක් මතුවීම හා හතරවන මට්ටම පොකුරු කිහිපයක් සමඟ සමාජ පැතිරීමක් පවතින බවත් වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.
මෙම මට්ටම් පිළිවෙළින් කොළ, කහ, තැඹිලි, රතු වර්ණයන්ගෙන් දැක්වෙන බව ද කී වෛද්‍යවරයා මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින්නේ තුන්වන මට්ටමේ බව ද සඳහන් කළේය.
පාලිත කරුණාප්‍රේම මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රටේ නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල මෙන්ම නොමැති ප්‍රදේශවලත් සියලුම රජයේ රෝහල් විවෘතව පවතින නිසා කිසියම් අයෙකුට හෘදයාබාධයක්, අංශභාග තත්ත්වයක් වැනි හදිසි රෝගී තත්ත්වයක් මතුවුවහොත් රෝහල්වල බාහිර රෝගී අංශයට පැමිණිය යුතු බව ද කීවේය.
නිරෝධායනය වන අයකුට හදිසි රෝගී තත්ත්වයක් ඇතිවුවහොත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා හෝ ප්‍රදේශයේ බලධාරියකුට දැනුම් දුන් විට ගිලන්රථයක් මගින් රෝහල් ගත කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව කී වෛද්‍යවරයා සෑම රෝහලකම නිරෝධායනය වන අය වෙනුවෙන් ද ප්‍රතිකාර කිරීමේ පහසුකම් පවතින බව පැවසීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ කොවිඩ් වයිරසය 3 වැනි මට්ටමට ළඟා වෙලා
Demuni Uduwara Friday, 06 November 2020 03:09 PM
අපේ දැනීමට අනුව නම් අපිට පේන්නේ රතුපාටින්...
Hafeel Friday, 06 November 2020 03:29 PM
එතකොට පවිත්‍රා කියනවා වගේ තාම සමාජගත වෙලා නැහැ නේද?
අමල් Friday, 06 November 2020 03:33 PM
දැන්වත් හෙළ වෙදකමට අවස්ථාවක් දීලා බලන්න...
de silva Friday, 06 November 2020 03:34 PM
එහෙම වෙන්නේ කොහොමද? පවිත්‍රා මැඩම් කියන විදිහට ඕක සමාජගත වෙලා නැහැ.
Perera Friday, 06 November 2020 07:08 PM
බයවෙන්න දෙයක් නැහැ... තවම සමාජගතවීමක් නැහැ. මේ අය ඔක්කොම වූහාන් පොකුරට සම්බන්ධයි.
De Friday, 06 November 2020 10:25 PM
තාම මේ මගුල සමාජගත වෙලා නැද්ද සර්?
සිරිබිරිස් Saturday, 07 November 2020 05:11 AM
ලංකාව තියෙන්නෙ ඇත්තටම 3ටද?
Rata Perata Saturday, 07 November 2020 08:44 AM
අනේ කොච්චර හොඳ නිවුස් එකක්ද? නන්දසේනට තව 21 වගේ ගේන්න ඕනෑ නම් මෙන්න වෙලාව. ඕක කොහොම හරි 10වැනි මට්ටමට විතර දාගන්න තිබුණා.
Wca Saturday, 07 November 2020 11:31 AM
බය වෙන්න එපා. සුදත් සමරසිංහ මහත්තයා ඉන්නකල් සමාජගත වෙන්නේ නෑ.
සමන්තSaturday, 07 November 2020 01:02 PM
කොහොමත් සමාජගත වෙන්නේ නෑ. හැම පොකුරම අන්තිමට වූහාන් පොකුරටනේ සම්බන්ධ වෙන්නේ. කොරෝනාවෙක් අහසින් වැටුණොත් විතරයි සමාජගත වෙන්නේ.. දැනට වෙලා තියෙන්නේ කෙරෝනා සමාජගතවීම නොවේ සමාජය කොරෝනාගත වීමයි.