
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ කොවිඞ් වසංගත තත්ත්වය මේ වන විට එහි තුන්වන මට්ටමට ළඟා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.
කොවිඞ් වසංගතයේ අදියර 4ක් පවතින අතර පළමු මට්ටමේදී විදේශවලින් පැමිණි අය වැනි පිරිස් අතුරින් කුඩා ප්‍රමාණයක් වාර්තාවීමත්, දෙවන මටට්ම රට තුළ විශාල වශයෙන් නොපැතිරුණු එක් පොකුරක් පැවතීමත්, තුන්වන මට්ටමේදී රෝගී පොකුරු කීපයක් මතුවීම හා හතරවන මට්ටම පොකුරු කිහිපයක් සමඟ සමාජ පැතිරීමක් පවතින බවත් වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහතා පැවසීය.
මෙම මට්ටම් පිළිවෙළින් කොළ, කහ, තැඹිලි, රතු වර්ණයන්ගෙන් දැක්වෙන බව ද කී වෛද්‍යවරයා මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින්නේ තුන්වන මට්ටමේ බව ද සඳහන් කළේය.
පාලිත කරුණාප්‍රේම මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රටේ නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල මෙන්ම නොමැති ප්‍රදේශවලත් සියලුම රජයේ රෝහල් විවෘතව පවතින නිසා කිසියම් අයෙකුට හෘදයාබාධයක්, අංශභාග තත්ත්වයක් වැනි හදිසි රෝගී තත්ත්වයක් මතුවුවහොත් රෝහල්වල බාහිර රෝගී අංශයට පැමිණිය යුතු බව ද කීවේය.
නිරෝධායනය වන අයකුට හදිසි රෝගී තත්ත්වයක් ඇතිවුවහොත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා හෝ ප්‍රදේශයේ බලධාරියකුට දැනුම් දුන් විට ගිලන්රථයක් මගින් රෝහල් ගත කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බව කී වෛද්‍යවරයා සෑම රෝහලකම නිරෝධායනය වන අය වෙනුවෙන් ද ප්‍රතිකාර කිරීමේ පහසුකම් පවතින බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දැනීමට අනුව නම් අපිට පේන්නේ රතුපාටින්...
එතකොට පවිත්‍රා කියනවා වගේ තාම සමාජගත වෙලා නැහැ නේද?
දැන්වත් හෙළ වෙදකමට අවස්ථාවක් දීලා බලන්න...
එහෙම වෙන්නේ කොහොමද? පවිත්‍රා මැඩම් කියන විදිහට ඕක සමාජගත වෙලා නැහැ.
බයවෙන්න දෙයක් නැහැ... තවම සමාජගතවීමක් නැහැ. මේ අය ඔක්කොම වූහාන් පොකුරට සම්බන්ධයි.
තාම මේ මගුල සමාජගත වෙලා නැද්ද සර්?
ලංකාව තියෙන්නෙ ඇත්තටම 3ටද?
අනේ කොච්චර හොඳ නිවුස් එකක්ද? නන්දසේනට තව 21 වගේ ගේන්න ඕනෑ නම් මෙන්න වෙලාව. ඕක කොහොම හරි 10වැනි මට්ටමට විතර දාගන්න තිබුණා.
බය වෙන්න එපා. සුදත් සමරසිංහ මහත්තයා ඉන්නකල් සමාජගත වෙන්නේ නෑ.