කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම පරදවා කඩුලු හතරක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද (18 වැනිදා) සමත් විය. ලකුණු 388 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 391 ක් ලබාගත්තේය.
වසර 140 ක ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් සිවුවැනි ඉනිමේදී සාර්ථකව හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාවන් අතර පස්වැනි ස්ථානය මෙම ඉලක්කයට (388) හිමිවේ. ශ්‍රී ලංකා කණ්ඩායමක් සිව්වැනි ඉනිමේදී සාර්ථකව හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙයයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ උණුසුම් සුබපැතුම් !!!
දික්වැල්ලට තර්ඩ් අම්පයර් දුන්න චාන්ස් එක නිසා බේරුණා...
උණුසුම් සුබපැතුම්. දිනපු එකගැන නම් ඉතාම සතුටුයි. පැරදුණානම් කියලා වැඩක් නැහැ. නමුත් ආපසු හැරී බැලිය යුතුයි මොකද වෙන්නේ කියලා. ගහපු පහරවල්, පන්දු යැවූ ආකාරය, ඒ ගැන නැවත සමාලෝචනයක් කිරීම ඉතාම වැදගත් කියලයි මට හිතෙන්නේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට අපගේ උණුසුම් සුබපැතුම් !!!
"අසේල ගුණරත්නගේ ඉනිම ප්‍රශංසනීයයි, නිරෝෂන් දික්වැල්ලත් බොහොම හොදට ක්‍රීඩා කළා". ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් !!!
චන්දිමාල්ගේ නායකත්වය යටතේ පැවති පළමු තරඟයම ජය ලැබීම සුභ ලකුණක්. තව තවත් ජයග්‍රහණ ගෙන ඒමට මෙම කණ්ඩායමට හැකි වේවා!!!
අපේ උණුසුම් සුබපැතුම්! වටේ පිටේ වෙන දේවල් ගැන හිතන්නේ නැතුව, රට ගැන හිතන්න කොල්ලනේ, ඉදිරියට එන ඉන්දියන් සංචාරෙත් මේ වගේ ඉහල ගුණ, හැකියා පෙන්වීමට ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.....!!!
මේ ක්‍රිකට් තරග දිනපු එක අස්සේ මන්ත්‍රීලා ටික පර්මිට් ටිකක් දාගන්න බැරි නැහැ. ජනතාවගේ බදු මුදල් ගසාකන මන්ත්‍රී පර්මිට් වලට එරෙහිව ජනතාව නැගිටිය යුතු කාලය එලබ ඇත.
ඉඩෝරයට පොද වැස්සක් වැටුන වගේ හිතට සතුටක් දැනෙනවා. ඇනුම් බෙනුම් සියල්ල තුලින් ලද ජයග්‍රහණය ඉතා වටිනවා.හිතේ වීදනාවට මොනවා කිවුවත් අපේ කොල්ලන්ට අපේ මිනිස්සු පුදුම විදිහට ආදරෙයි. උබලට ජයවේවා. කොල්ලනේ. ඔහොම යමු...
දික්වැල්ලට තර්ඩ් අම්පයර් දුන්න චාන්ස් එක නිසා බේරුණා... හරියට හරි. ඇත්තටම සිම්බාබ්වේ කණ්ඩායම අවාසනාවන්තයි.