ජාත්‍යන්තර කොකේන් ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව ආසියාවේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන බව බලධාරීහූ පවසති.
එකළඟ අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය වැටලීම් කිරීමෙන් පසු ඔවුන් ඒ බව සඳහන් කළ අතර පසුගිය දිනෙක බ්‍රසීලයෙන් ආනයනය කරන සීනි කන්ටේනරයක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගන්නා ලදි.
පසුගිය මාස 14 ක කාලය තුළ අවස්ථා හයකදී දකුණු ඇමෙරිකාවෙන් මෙරටට පැමිණි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීහූ සමත්වූහ.
පසුගිය දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ආසියාවේදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය යැයි ද කියැවිණි.
“ශ්‍රී ලංකාව කොකේන් සඳහා ආසියාවේ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා. ලංකාව අවදානම් අඩු සහ නීති රීති රෙගුලාසි අඩු රටක් ඊට ප්‍රධාන හේතුව” යැයි මත්ද්‍රව්‍ය ජාවාරම් විමර්ශනවලට සම්බන්ධ තොරතුරු දන්නා පොලිසියේ ඉහළ පෙළේ නිලධාරියෙක් පැවැසීය.
“මේ මත්ද්‍රව්‍ය කන්ටේනර් වැරදීමකින් මෙහි ආ බව අපි විශ්වාස කරන්නේ නැහැ. බ්‍රසීලයෙන් සීනි ආනයනය කරන වෙනත් රටකට මේ කොකේන් තොගය නොගියේ ඇයි” ඔහු විමසීය.
මෙම කොකේන්වල අවසන් නවාතැන ශ්‍රී ලංකාව යන්න නිශ්චිතව කිව නොහැකි බව පොලිසිය කීවද මේ සියලු මත්ද්‍රව්‍ය වෙන රටවලට යැවීම සඳහා ගෙන්වන්නට ඇතැයි අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය.
“ශ්‍රී ලංකාව මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වෙලා” යැයි නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා කීය.
මෙතරම් විශාල කොකේන් තොගයක් කොළඹ හරහා හුවමාරු වීම ව්‍යාකූල තත්ත්වයක් යැයි එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ සංවිධානයේ කොළඹ වැඩසටහන් සම්බන්ධීකාරක ශානක ජයසේකර මහතා පැවැසීය.
ඇතැම් විට මෙම මත්ද්‍රව්‍ය යුරෝපයට යනවා විය හැකි යැයි ද හෙතෙම තවදුරටත් කීය.
(රොයිටර්-055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකයි එකයි = දෙකයි... දැන් ජෙනරාල් ජයසුරිය මහතාට නඩු දාලා තියෙන්නේ ඔය කියන දකුණු ඇමෙරිකානු රටවල් එකතු වෙලාලු නේද? ඒ කියන්නේ සමහරවිට මත් ද්‍රව්‍ය ප්‍රවාහනය ඔය රටවල ඉන්න ත්රස්තවාදීන්ගේ වැඩක් වෙන්න බැරිද?
ජෙනරාල් ජයසූරිය කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා කියන්න පුළුවන්... රටේ 30 වසරක යුද්ධය නිමා කරලා දුන්නු උතුමන්ට. ජාතික වීර ෆීල්ඩ් මාර්ෂල් සරත් මහත්තයට. එතුමා ඒ පිළිබඳ අවශ්‍ය ප්‍රකාශය අවශ්‍ය වෙලාවට කරයි.
පසුගිය රජය කිව්වනේ ආසියාවේ ආශ්චර්යය කරනවා කියලා. මේක තමයි කලේ...
නියමයි..!!! යහපාලනයට ජයවේවා!!! ඔබට සතුටුයිද දැන්?
2016 දී මෙක්සිකෝවේ කොකේන් කිංග් එල් චැපෝව 3 වන වතාවට අල්ලලා හිරේ දැම්මේ නැත්නම් එයා අපේ රට සල්ලිවලට ගන්නේ එක කෝල් එකෙන් .. හොඳ වෙලාවට පැබ්ලෝ එස්කොබාර් වෙඩි වැදී මැරුණේ... ඒ මිනිස්සු ලංකාව කොකේන් හුවමාරු මධ්‍යස්ථානයක් කරගන්න හිතුවා නම් මෙලහකට අපේ මුළු රටම ඒ අයට අයිතිවෙලා.. අපේ රටේ දේශපාලකයන්වයි රජයේ නිල, බලධාරීන්වයි සල්ලි වලට ගන්න යන්නේ එක කෝල් එකයි .. හරි ලේසියි ..