(විනීතා එම් ගමගේ)
වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් පමණක් මෙරටට පැමිණෙන බව කී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ හැසිරුණේ සහ ජනතාව ඇමතුයේ ඉන්දියාවට එක්වූ 30 වන ප්‍රාන්තය ශ්‍රී ලංකාව බව සිතාගෙන යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
බස්නාහිර හා දකුණේ පමණක් ක්රීයාත්මක ගිලන් රථ සේවාව දිවයින පුරා ක්රීයාත්මක කරන බවටත් වතුකරයේ නව නිවාස 10,000 ක් තනන බවටත් ජනතාවට පොරොන්දු දෙන්නට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඇති අයිතිය හා ලංකාව පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ඔහුට ඇති බලය කුමක් දැයි උදය ගම්මන්පිල මහතා විමසා සිටියේය.
දික්ඔය දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දෙපසින් තබාගෙන ඉන්දීය අගමැතිවරයා ජනතාව ඇමතුයේ ඉන්දියාවේ 30 වැනි ප්‍රාන්තයේ ජනතාව අමතන අයුරින් බවත් දකුණු පසින් ලංකා ප්‍රාන්තයේ ආණ්ඩුකාරයාද වම්පසින් එහි මහ ඇමතිවරයා ද සිටින බව සිතමින් ඔහු ජනතාව ඇමතූ බව පෙනී ගියේ යැයි ද ගම්මන්පිල මහතා කීවේය. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ අද (15) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙම්බා වැහි කාලෙටත්, වැහි නැති කාලෙටත් බක බක ගානවා කිව්වාලු..
2015 ජනවාරියෙන් පස්සේ ලංකාවේ නායකයෝ ඇරෙන්න ලෝකේ හැම රටේම නායකයෝ හිතන් ඉන්නේ ලංකාවේ පාලනය එයාලගේ කියලයි. කියන්නේ කරන්නේ, හැසිරෙන්නේ, නියෝග දෙන්නේ, අණ කරන්නේ එහෙමයි. අපේ නායකයොයි කියන උදවිය ඉතියෝපියාවෙන් උණත් එන අණ හිස් මුදුනින් පිලි අරන්... ගැත්තෝ වගේ කටයුතු කරන්නෙත් එහෙම හිතාගෙනයි. නිවටයා දැක්කම එළුවාත් රැවුල පනවයි කියලා පැරැන්නෝ කිවුවේ ඕකයි!
ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලය ඇත්තටම එතනද තියෙන්නේ? මොහු දැන් හෙළ උරුමයේ සාමාජිකයෙක්ද ?
ඕකට හොඳ කතාවක් තියනවා අපේ ජනවරිගෙ ඉස්සර ඉඳන්ම.... නිවටය දැක්කම එළුවාත් .... කියලා. හරිනේ...
ජාතික හෙළ උරුමය නෙවේ... පිවිතුරු හෙළ උරුමය...
අනේ ..... මෙහෙම පුද්ගලයකුගෙන් රටකට වැඩක් තිබෙනවද? එතකොට අපේ හිටපු ජනාධිපතිතුමා මෝදි මහතා මුණගැසීම ගැන මෙතුමා මොකද කියන්නේ?
රනිලුයි, මෛත්‍රියි මහත්වරු දෙන්නා රටේ සම්පත් පිට රැටියන්ට විකුණලාවත්ද? රට සුළු ජාතීන්ට යටත් වේවි මෙහෙම ගියොත්...
දැන්ද නින්දෙන් ඔබතුමා ඇහැරුනේ....?
2020 දී යාපනේ සිට ඉන්දියාවට හනුමා පාලම, දුම්රිය මඟ සහ දෙවන පොර්ට් සිටි සෑදීමට ඉන්දියාවට ලබා දීමට මහින්ද සහ ගොඨාභය මහත්තුරු මෝදිට යෝජනා කරයි...
නිකන් වැඩක් නැති කතා කියන්න එපා අනේ....
ඉන්දියාව එහෙමවත් සේවයක් කරන්න හදනවා. මෙතුමා රටට කරපු දේ මොකක්ද?
එතුමා එහෙම දෙයක් පොරොන්දු වුණ එකත් හොඳ දෙයක් නොවේද? අපේ අය අහිංසක රට වැසියන්ගේ යහපත ගැන අවංකව හිතනවද?
ඔබතුමාගේ නායකයා මහින්ද මහත්තයා මෝදි හමුවුන අවස්ථාවේ මේ ගැන විමසුවේ නැද්ද? දැන් හරි තේරුම් ගන්න, ඔබලාගේ ලොක්ක එතුමාගේ වාසියට තමයි හසුරුවන්නේ කියලා.. කෝ කළු කොඩි? ලොක්කාට මෝදි මහත්තයා හමුවන්න අවස්ථාව ලැබුණු විගස ඔක්කොම අමතක වුණා.
මේවගේ අය කොතැනකටවත් සුදුසු නැත...
මෙතුමා මෝදි තුමා ගියාට පස්සෙනෙ කෑ ගහන්නේ... කෝ ඔයාගේ පාට්නර්? ඒක හරියට ගෙදර බල්ලා හොරා පෑනලා ගියාට පස්සෙ නොනවත්වා බුරනවා වගේනෙ...
ඒක ඇත්තටම එහෙම වුණා නම් හොඳයි. හරි හමන් දැක්මක් නැති ජාතිවාදය හා ආගම් වාදය මුලට දමමින් ජනතාව රවට්වමින් අසරණ ජනතාවගේ මුදල් ගරන එකට වඩා වෙනත් යමක් අපගේ පාලකයින්ට නැහැ. අනික ගතිගුණ අතින් තමිල්නාඩු ජනතාවට හා එහි දේශපාලකයින්ටත් බොහෝදුරට එක සමානයි.
ගම්මන්පිල මහත්තයා කියන කතාව හරි රටෙන් දෙකෙන් පන්ගුවක් හිඟන්නෝ ඉද්දී අපට මොකද සලකන්නේ මෙපමණ කමක් නෑ... ගනිද්දි සැපය පස්සේ දුකයි. පුදුම අනුකම්පාවක් තියෙන්නේ ලංකාවට...
එතුමා ලංකාව ඇවිදින් අපේ අයට බුද්ධාගමත් උගන්වලයි ගියේ.. ලිඳ ඇතුලේ කෙරුමෝ කියලා හිතාගෙන ඉන්න වැඩ බැරි ටාසන්ලානෙ ඉන්නේ. තරුණ දක්ෂ ළමුන්ට ඉන්දියාවේ දෑත් යොමුවෙනවා. ඒ හින්දා ඉන්දියාවට ගොස් ඔබලාගේ අනාගතය යහපත් කර ගන්න.
ගම්මන්පිල මහත්තයෝ, වතුකරයත් අයිති අපේ රටටයි, ඇයි ඒ මිනිසුන්ට ගෙවල් දෙනවාට විරුද්ධ වන්නේ? ඔබතුමාට ලැබුණු තීරු බදු රහිත සහනය විකුණාගත් ලාභයෙන් ගෙවල් කීයක් හදන්න හැකිද.?
මෙතුමාට කිසිම බෙහෙතක් නැද්ද හොඳ වෙන්න. ඇයි මේ හැම දේටම කියවන්නේ?
සුළු අයිතීන්ට නොසැලකීමෙන් පරිහානියට පත්වෙන්නේ ඔබලාමයි. ඔබලාට ඇත්තේ බලලෝභී බව පමණයි. තීරුබදු වාහන. බලපත් විකුණා ලබාගත් ලාභය වහාම රජය ආපසු ගෙවා කතාව දිගට ගෙනියමු. කෙසේ හෝ බලය, ධනය යන අදහසින් ඈත් වෙමු. සත්‍යය කවදා හෝ ජයගනී.
අපේ දේශපාලනයේ දෙන්නෙක් ඉන්නවා... දෙන්නා තරගෙට වැඩ....මේ රටට ජනතාවට කිසිඳු සේවයක් කරලා නම් නැහැ... මේ අය කරන්නේ බලය, ධනය සඳහා ජාතිවාදය වැපිරීම සහ අපේ මුදලින් යැපීම පමණයි...
බල්ලන් බිරුවට කදු පාත්වෙන්නේ නැහැ
මෝදී අපේ රටට මේ තරම් ආදරේ මොකද කියල අපි බොහොම විමසිලිමත් විය යුතුයි .වැඩි සෙනේ දබරෙට කිව්වලු......