(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලාංකිකයන් අට ලක්ෂයකට අධික පිරිසක් විශාදය නම් වූ මානසික රෝග තත්ත්වයෙන් පෙළෙන බව ඇස්තමේන්තු ගත දත්ත පෙන්වා දෙන බව කොතලාවල ආරක්ෂක සේවා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙශ්ඨ කථිකාචාර්ය මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
මෙයින් අති බහුතරය ප්රතිකාරවලින් තොරව ජීවත් වන බව මේ සම්බන්ධව කළ අධ්‍යයනවලදී හෙළිවී ඇතැයි පැවැසේ.විශාදය හේතුවෙන් ආසාදන, හෘද රෝග, පිළිකා, ආබාධිතවීම්,මෙන්ම සිය දිවි නසා ගැනීම් ද ඇතිවිය හැකි යැයි වෛද්‍යවරයා පවසයි.
2020 වසර වන විට, මෙකී රෝග තත්ත්වයන් වැළඳිමට ප්‍රධාන හේතුව බවට විශාදය පත් වනු ඇතැයි ද ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ඒබ්‍රහම් ලින්කන්, එඞ්වින් ඕල්ඞ්රීන්, බීතෝවන් මෙන්ම ඩයනා කුමරිය වැනි අති ප්‍රසිද්ධ, චරිත තමන්ට විශාදය වැලඳී තිබු බවට ප්‍රසිද්ධියේ පිළිගෙන ඇතැයි ද වෛද්‍යවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාදය හෙවත් depression කියන්නේ මානසික රෝගයක් (illness) නොවෙයි. එය හඳුනාගැනෙන්නේ 'ඩිසෝඩර්' 'එකක් හැටියට. මේක දිගුකාලීනව තියෙන අය ඉන්නවා වගේම හැමෝටම වගේ ජිවිතේ යම් අවස්ථාවල අත්විඳින්න වෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ මානසිකව වැටෙනවා කියන්නේ ඒ වෙලාවට. බෙහෙත් ගත යුතු අය ඉන්නවා වගේම හැමෝම බෙහෙත්වලට හුරු වෙන එක හොඳ නැහැ කියන එකයි මගේ අදහස.
රටෙහි ක්‍රමවත් උපදේශන සේවාවල් වැඩිදියුණු කලොත් මෙවන් තත්ව මගහරවා ගන්න පුළුවන්
විශාදය තමාට ඇති බව නොදැනිම සහ දැන දැනත් එයට නිසි ප්‍රතිකර්ම නොකර සඟවාගෙන සිටිම නිසයි රටේ මේ පවුල් ආරවුල් වැඩිවෙලා තියෙන්නේ.
මට දැනගන්න පුළුවන්ද විශාදය රෝගය ඖෂධ ප්‍රතිකාර වලින් පමණක් සුව කරන්න පුලුවන්ද කියලා? අපේ රැකියා ස්ථානයේ කිහිප දෙනෙකුට මේ රෝග ලක්ෂණ තියෙනවා. ඒත් ඒ අයට රැකියාවත් එක්ක මනෝ චිකිත්සක ප්‍රතිකාර වලට සතියක් ගානෙ යන්න අමාරු හින්දා ප්‍රතිකාර කරන එක අතඇරල දාලා ඉන්නවා.