ඇමරිකාවේ නව සංක්‍රමණික නීති හේතුවෙන් නිව්යෝක් නුවර ජෝන් එෆ්.කෙනඩි ගුවන්තොටුපළේ ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 20ක 71 දෙනකු සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඇමරිකා නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නව සංක්‍රමණික නීති හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇතැයි කියති.
ශ්‍රී ලංකාවට අමතරව මැලේසියා, චීන, තුර්කි, පාකිස්තාන, ප්‍රංශ, ඇල්ජීරියා, ජෝර්දාන්, කටාර්, සෙනගල්, ස්විට්සර්ලන්ත, ඊජිප්තු, හා ඝානා ඇතුළු රටවල පිරිසක් ද සිරියා, ඉරාක, සුඩාන, ලිබියා යන ඇමරිකාවට ඇතුළුවීම තහනම් කළ රටවල අයද එහි රඳවාගනු ලැබ සිටිති.
මේ හේතුවෙන් ජෝන් එෆ්.කෙනඩි ගුවන්තොටුපළේ කලබලකාරී තත්ත්වයක් උද්ගතව ඇති බවත් වාර්තාවේ. මුස්ලිම් ජාතික පිරිස් බහුතරයක් වෙසෙන රටවල් 7කට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් පසුගියදා නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නියෝගයක් නිකුත් කළ අතර සරණාගතයින් වෙනුවෙන් දින 120ක කාලයකට එය අත්හිටවනු ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් ලලිත කියලා තියෙන දෙය හරියටම හරි. (නි)
හොඳ වැඩේ උඩ පැනගෙන ඇමරිකා යනවට (නි)
එහෙම තමයි. ඒ රටවල නීතිය අකුරට! (නි)
නිමල්,මට නම් පෙනෙන්නේ ඔයා වෙනත් දෙයක් ගැන දුකයි වගේ. අපේ රටේ කපටි දේශපාලකයෙක්ට කඩේ යන කෙනෙක් වගේ (නි)
කාට කාටත් මේවා හොඳ ආදර්ශ! (නි)
ළිඳෙන් වතුර බිලා, ගඟට ආවඩන යට හොඳ පාඩමක් (නි)
ඇමෙරිකාවේ යහපතට නම් මේවා අනුමත කළහැකිය. අපේ රටේ යහපතටත් මේ වාගේ ඔය අපේ රටට වින කරන අයට නීති තදකළොත් හොඳයි (නි)
නිමල්, ඔයා හරි (නි)
ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අපි දැන් මොකද කරන්නේ? (නි)
ට්‍රම්ප් කරන දේ කියන සහ කියපු දේ කරන නායකයෙක් බව ඔප්පු කළා. අපේ ලොක්කන්ට ඡන්දෙන් පස්සේ කියපු දේ මතක නැහැ (නි)
ලංකාවේ අය නම් ඉතින් කොහේ ගියත් කලබල (නි)
ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඔය කියන මුස්ලිම් ජනතාව වෙසෙන රටවල් හතට ආගමන විගමන තහනම් නීතිය පැනවුයේ කිසියම් කාල පරිච්චේදයකට නේද. මගේ මතකයේ හැටියට එය මාස කිහිපයකට පමණයි. ඔහු එසේ කළේ තම රටේ ආරක්ෂාවට අවශ්‍ය සීමාවල් සාදාගැනීමට කියා මා සිතනවා. (නි)
ධම්මලා හිතාගෙන ඉන්නේ ඇමරිකාව ඇතුළු විදේශ රටවල ජීවත්වෙන අපේ අය ඒ රටවලට ආදරෙන්, ඒ රටවල විදිහට ජීවත්වෙනවා කියලද? මොන පිස්සුද? එහෙදී කන්නෙත් මෙහෙ කන බතුයි, ලංකාවෙන් ගෙනියන කරවලයි තමයි. හැබයි ලංකාවට ඇවිල්ලා කන්නේ චීස්, හැම්, බේකන් තමයි. එහෙ ඉඳගෙන බලන්නේ ලංකාවේ ටෙලි ඩ්රාමාම තමයි, පිරිමි නම් දේශපාලන විවාද අරින්නේ නැහැ. ඔවුන් ඇසුරු කරන්නේ කල්ලිගැසුන ලාංකික සමාජයම තමයි. හැබැයි. ඒ රටවල් ගැන නිව්ස් එකක් ඇහුවොත්, මෙලෝ දෙයක් දන්නේ නැහැ. (නි)
ඔහොම තමයි එහෙම කෙනෙක් බලයට පත්කර ගත්තහම. බලන්නේ නැහැ මුස්ලිම්ද සිංහලද ඉන්දියන්ද කියලා. අර වළං කඩේට පැන්න ගොනා වගේ හැම එකාටම අනිනවා. (නි)
ට්‍රම්ප් පටන්ගන්නකොටම කිව්වා 'ඇමෙරිකාව අංක එක' කියලා. ඇමෙරිකාවේ රස්සා පිටරට අයට දෙන්න කලින් ඇමෙරිකානුවන්ට දෙන්න ඕනෑ කියලා. එයා ඒ දේ කරනවා. නියැදි සමීක්ෂණයෙනුත් ඔය හෙළිවෙලා තියෙන්නේ ඇමෙරිකාවේ බහුතරය මේ තහනමට කැමතියි කියලා. අනික, ත්රස්තවාදීන් ඇමෙරිකාවට එන්නේ කොහෙන්ද කියලා මෙතන අදහස් දාන අපට වඩා හොඳින් ට්‍රම්ප් දන්නව ඇතිනේ. (නි)
හසන්ත කියන කතාව හරියටම හරි. ලංකාවට අපි ආදරෙයි. මෙහේ ඉඳන් කනෙන් බත්, කරවල , සම්බෝල ...ලංකාවේ ගිහිල්ලත් කන්න හොයන්නේ ඒවම තමයි. සිංහල හැමෝම පන්සල් යන්න බණ අහන්න කැමති අය. මාසයකට වතාවක් අපේ නගරයට හාමුදුරුවන් වඩම්මලා (හේ)
හොඳ තීරණයක් (නි)
රටවල් 7කට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කළා නම් ඇයි අනෙක් රටවල අය නවත්වාගෙන ඉන්නේ? (නි)
ඇමෙරිකාවේ ඉන්නේ සුද්දෝ විතරක් නොවෙයි. හොඳම උදාහරණය හිටපු හා ඉන්න ජනාධිපතිලා. එහි ඉන්නා හැමෝම වගේ වෙනත් රටකට ගෑවිලා ඉන්නේ. (නි)
හොඳ තීරණයක්. ඇමරිකාවේ ආරක්ෂාව ඇමරිකාව බලාගන්න එපැයි (නි)
තමන්ගෙ රට රැකීම නරක දෙයක් නොවේ (නි)
හොඳ තීරණයක් (නි)
අපේ අයට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නමුත් තම රටේ ආරක්ෂාවට මෙහෙම දැඩි තීරණ ගැනීම හොඳයි. එතකොට ටිකක් අනිත් අයට රිදෙන බව ඇත්ත. සරණාගතයෝ කියලා, හිඟන්නෝ විදිහට ඒ රටවලට රිංගුවට පස්සේ කරන දේවල් බැලුවම මෙහෙම දැඩි තීරණ ගැනීම හොඳයි (නි)
ලක්සිරි, අපි ඇමෙරිකාවේ හිටියට ලංකාවට ආදරෙයි. කවදාහරි මැරෙන්නෙත් ලංකාවේම තමා. ඔයා කියන විදියට අපි පුහුමානෙන් ඉන්න අය නෙමෙයි. මේ ප්‍රාන්තයේ සිංහල හැමෝම පන්සල් යන්න බණ අහන්න කැමති අය. කන්නෙත් ලංකාවේ කෑම තමා. ලංකාවට ගියාමත් එහෙම තමා. අපිට මුල අමතක නැහැ. (නි)
ට්‍රම්ප් දේශපාලන බලපෙරේතයෙක් නොවේ. ඔහු රටට ආදරය ඇති නායකයෙක්. අන්තවාදයෙන් වරක් පිඩනයට පත් රට නැවත වරක් බඩගෝස්තරය වෙනුවෙන් බිලිදෙන්නට ඔහුගේ සුදානමක් නැහැ. ඔය සරණාගතයෝ, රැකියා සොයාගෙන එන අය තමන්ගේ ජනගහණය වැඩිවෙනකොට වෙනත් ඉල්ලීම් ඉල්ලනවා. සිංහල අපි එය හොදින්ම දන්නවා. මේ රටට කල්ලතෝනින්,වතු සේවකයන්, වෙළෙන්දන් සිංහලේ නිදහස් සටන් මර්දනය කිරීමට පැමිණි කුලී හෙවායන්ගෙන් පවත් එන්නවුන් අද මේ රට කරන වැඩේ හොඳින්ම පෙනෙන්න තියනවනේ. එනිසා ට්‍රම්ප් තම රට, අනාගතය ගැන සිතා කරන දෙය හරි. (නි)
වැස්සටත් කළු කණ්ණාඩි දාගෙන බොහොම අමාරුවෙන් කීයක්හරි හොයාගෙන ලංකාවට ඇමරිකාවේ සිට එන නිව්යෝර්ක්වාසීන් නම් වැඩි හරියක් සේවය කරන්නේ කොහේද කියලා අපි නම් දන්නවා (නි)
මේ තරම් ගති පැවතුම් අනුමත කල නොහැකියි. (ර)
ලංකාවෙන් යන්න පෙර දැනගැනීමට විදිහක් නැද්ද රටට ඇතුල්වීමට දෙනවද නැද්ද කියලා. (ර)
ඇමෙරිකාව කලදේ හරි, සරණාගත ප්රශ්නය පිට කොතරම් ත්රස්තවාදීන් රටට ඇතුළු විය හැකිද, දැනටම යුරෝපය එහි ප්‍රතිපල ව්දීනවා. (ර)
දැන් ඉස්සල්ල මෙයා හොදයි කිව්ව අපේ අය මොනවා කියයිද දන්නේ නැහැ. (ර)
හොද තීරණයක්.ඇමරිකාවේ ආරක්ශ්ෂාව ගැන කොතරම් හිතනවද හිටපු ජනපතිවරුන්ට වඩා. ඒකට අපේ අය. සහජීවනය හොයනවා. (ර)
එහෙත් ඉන්නේ ඉංග්‍රීසි බැරි අය වගේ. ට්‍රම්ප් තහනම් කලේ රටවල් 7යි නේ. (ර)
අපිට රවන, අපේම අය, ඉංගීසි කතාකරන සුද්දෝ දකිද්දී දත් තිස් දෙකම පෙන්වලා විරිත්තලා දෙකට නැමිලා පිලි ගත්තට, සුද්දෝ අපේ අයට සලකන්නේ ඔහොම තමයි. (අ)
මම දන්නා තරමින් ඇමරිකාවේ ඉන්න ලංකවේ අය ඔක්කොම වගේ පහුගිය මැතිවරණයේදී ඡන්දෙ දුන්නේ හිලරිට. ඉතින් එහෙම අයට මෙහෙම වෙන එකට අපි දුක්විය යුතු නැහැ (නි)
ට්‍රම්ප්ට ජයවේවා (බ)
ලංකාවෙන් ගිය අය වහාම නිදහස් කරන්න ට්‍රම්ප් මහත්තයා. එයාලා ලංකාවට වඩා ඇමෙරිකාවට ආදරෙයි. (බ)
අැමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට ලෙමන් පෆ් මිශ්‍ර තැඹිලි උපවාසයක් කරමුද? (නි)