(විනීතා එම් ගමගේ)
සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික පවුලක් සාජාහීදී පසුගියදා සියදිවි හානි කර ගැනීමට තැත් කොට ඇතැයි එරට මාධ්‍යවල වාර්තා කර ඇත. මෙම පවුල සාජාහි පසුගිය සතියේදී රැඳී සිටි හෝටලයේ හත්වෙනි මහලෙන් බිමට පැන ඇති බවත් 55 හැවිරිදි පියාල 52 හැවිරිදි මව හා පුතා මිය ගොස් ඇති බවත් දියණියන් දෙදෙනා ගේ ජීවිත බේරී ඇති බවත් එම වාර්තා සඳහන් කරයි.
දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති අතර අනෙක් දියණිය සාමාන්‍ය තුවාල ලබා ඇත. ඔවුන් දෙදෙනා අල් කායිග් රෝහලට ඇතුලත් කර ඇතැයි එම වාර්තා තව දුරටත් සඳහන් කරයි.
මෙම ලාංකික පවුල මීට මාස 9 කට පෙර සාජා නුවර බලා ගොස් ඇති අතර ඒ සඳහා ඔවුන් ලබා ගෙන ඇත්තේ සංචාරක වීසා යැයි ද එම වාර්තා පවසයි. මිය ගිය අයගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ සඳහා ඉදිරිපත් කර තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් ගණනාවකගේ සාක්ෂි හා විස්තර ලබා ගැනිමෙන් අනතුරුව සියදිවි නසා ගැනීමක් ලෙසින් තහවුරු වුවත් ඊට හේතුව තවමත් සොයා ගැනීමට නොහැකිවූ බව සාජා පොලීසිය ප්‍රකාශ කර ඇතැයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි ජීවත්වන සමහර අය සියදිවි හානි නොකර ගැනීම ගැනයි පුදුම විය යුත්තේ. ඒ තරමට ණය බර, රැකියා බර සමගම වීසා බර.
ණය බර තිබ්බා කියලා මැරෙන්න සාජා යන්න ඕනෑද අනේ? අනික නිවාඩුවකට සාජා යන්න කීයක් ඕනෑද? අනේ මන්දා ජීවිත වල වගකීමක් නැති මිනිස්සු...
බොහෝ මිනිසුන් තම තමන්ගේ සුභසාධනය පමණක් බලනවා. අසල්වැසියාට කුමක් වෙනවද? කෑවද? බීවද? කියා බලන්නේ නැහැ. බඩගින්නේ ඉන්න හැමෝම හිඟමනේ යන්නේ නැහැ. නමුත් ඇසුරු කිරීමෙන් තේරෙනවා ඔවුන් ඉන්න තත්වය. මෙයට සමාජයත් වග කියන්න ඕනේ. මෙය හැම රටටම පොදුයි. සමාජ වගකීම කියන එක තුරන්වීම දුකට කරුණක්. මිනිසුන් දහමින් ඈත් වීමත් මේකට හේතුවක්.