( ජුඩ් සමන්ත )
ජාත්‍යන්තර මුහුදේ මසුන් මරා නැවතත් මෙරටට ගමන් කරමින් තිබූ බහු දින යාත්‍රාවක් එහි සිටි ධීවරයින් 07 දෙනෙකු සමග ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ධීවර අමාත්‍යංශය පවසයි.
එම බෝට්ටුවේ ජාත්‍යන්තර මුහුදේදී අල්ලා ගත් බව කියන මාළු කිලෝ ග්‍රෑම් 5000 ක් පමණ තිබී ඇතැයි ද එම අමාත්‍යංශය කියයි.
එම යාත්‍රාවේ නියමුවා ධීවර අමාත්‍යංශයේ මහවැව පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානය හරහා ඔවුන්ගේ ඥාතීන්ට පවසා ඇත්තේ ඉන්දීය වෙරළ ආරක්ෂකයින් විසින් තමන්ව ඉන්දියාවේ තූත්තුකුඩිය වරාය දක්වා රැගෙන යමින් සිටින බවයි.
කඩිනමින් තමන්ව මුදා ගැනීමට කටයුතු කරන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.
මෙම ධීවරයින් මුදාගැනීමට මැදිහත් වන ලෙස රජයෙන් ඉල්ලන බව ඔවුන්ගේ ඥාතිහු පවසති.
COMMENTS
පට්ට ආතල්, දැන් ඉන්දියාව අපිට ගේම ඉල්ලනවා වගේ. ජාත්‍යන්තර මුහුද එයාලගේද? මට හොඳටම ෂුවර් අපේ අය කිසිම දෙයක් කරන එකක් නැහැ.
මෙම 7දෙනා නිදහස් කරන්න ඉන්දියන්ව ධීවරයෝ කීයක් නිදහස් කරන්න වෙයිද මන්ද?
මාළු ජාත්‍යන්තර මුහුදේ උනාට ආපසු පැමිණියේ ඉන්දීය මුහුදේද කියල කවුද දන්නේ. @ ධීවර අමාත්‍යංශය - නාවික හමුදාව සමග එක්වී අප ධීවරයින් භාවිතා කරන මුහුදු මාර්ග පරික්ෂාකොට ධීවරයින් දැනුවත් කිරීම කරන්න.