(ද නැෂනල් ඇසුරිනි - 125)
වසර හතකට පෙර ගෘහසේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී ඩුබායි හාම්පුතා සතු ඩිරාම් ලක්ෂ දෙකක් වටිනා භාණ්ඩ හා මුදල් සොරකම් කළ බව කියන ශ්‍රී ලාංකික ගෘහසේවිකාවක(35) යළි ඩුබායි හි ගෘහසේවය සඳහා ගියවිට ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “ද නැෂනල්’ පුවත්පත වාර්තා කරයි.
ඇයව ඩුබායි අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඇය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ඇයට එරෙහි නඩුව ලබන 27 වැනිදා කැඳවීමට නියමිතය.
සිය හාම්පුතු විදෙස් සංචාරයක නිරතව සිටියදී ඇය හාම්පුතා සතුව තිබූ ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 78 ක් පමණ වටිනා දියමන්ති මුදු තුනක්, රත්තරන් මුදු දහයක්, රන් කරාබු හයක් හා අධික වටිනාකමින් යුතු අත් ඔර්ලෝසු හතක් ඇතුළු භාණ්ඩ හා ඩිරාම් 14,000 ක මුදල් සොරකම් කර ඇතැයි සඳහන් වෙයි.
හාම්පුතා නිවසට පැමිණීමට මත්තෙන් එලෙස සොරකම් කළ ඒවා අතරින් රත්තරන් ආභරණ කිහිපයක් විකුණා අනෙකුත් භාණ්ඩ හොර රහසේම නෞකා භාණ්ඩ ප්‍රවාහන සේවාවක් මගින් මෙරටට යවා ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 80ක් හොරකම් කළා නම් ආයේ පව් ගෙවන්න යන්නේ නැහැ. අවරුදු හතකට පස්සේ ආයේ යන එකත් සැක සහිතයි. නමුත් ඇත්ත මොකක්ද? කියල දන්නේ නැහැනේ. අසරණියක් වෙන්න පුළුවන් බොහෝ දුරට. අපේ තානාපති කාර්යාලයෙන් උදව්කරනවා නම් තමයි හොඳ.
සත්‍ය කුමක් වුවත් ඒ අයට අපි උදව් කළ යුතුයි... ජනාධිපතිතුමනි ඒ අයට උදව් කරන්න.. මේ ප්‍රශ්නයෙන් නිදහස් වෙන්න. ජේසු පිහිටයි!!!
අපෝ මේ මිනිස්සු හරියට බොරු කියනවා. මගේත් යාළුවකුට ඔහොම වුණා. එයා ලංකාවට යන්න යනකොට වීසා කැන්සල් කරලා සල්ලියි, රත්තරන් බඩුයි හොරකම් කළා කියලා පොලිසියේ පැමිණිල්ලක් දාලා එයාර්පෝට් එකේදී අල්ලා ගත්තා. පව් මේ ගෑණු කෙනාත් අහිංසක ඇති....
මෙහෙ ඉන්න අරාබි ජාතිකයෝත් ඔහොම තමයි. ගෝරියක් එහෙම දාගෙන ඔය රටින් ආවොත් ආයෙත් එහෙ යන්න එපා...