ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක් සමග පැමිණි නැවක් අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකිව නවසීලන්තයට උතුරින් පිහිටි දූපතක් වන වනුආටු දිවයිනේ රේගුව විසින් රඳවාගෙන ඇතැයි නවසීලන්ත ගුවන්විදුලිය පවසයි. 

නැවේ සිටි කාර්ය මණ්ඩලයේ පස් දෙනකු සහ කප්පිත්තා ජපානයේ සිට වනුආටු දිවයිනේ පෝර්ට්විලා වෙත පැමිණි බවත් නැව එහි නව හිමිකරුට ලබාදීමට ඔවුන් එසේ පැමිණි බවත් කියා සිටි බව වනුආටු රේගුවේ වැඩ බලන කළමනාකරු බැඩ්ලි තාරි ප්‍රකාශ කරයි.

එම නෞකාව වසර 20ක් පමණ පැරණි එකක් බවත් ජේපීඕ කාවා එක්ස්පෝට් නමැති සමාගමේ හිමිකරු වන පෝල් ඔක්ටන් එම නැව මිලදී ගෙන ඇතැයි වනුආටු රේගුව කියයි.