තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී (පිරිමි) තරගාවලියේදී කසක්ස්තානය පරදවා ගෝල 9-2 ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (20) සමත්වුහ. ශ්‍රී ලංකා පිලට තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා හෙට (21) හොංකොං රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන තරගය ජය ගැනීම ප‍්‍රමාණවත් වේ. ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකා පිල තරගයේ පළමු අර්ධයේදීම ගෝල 4-0 ක් ලෙස පෙරමුණ ගත්තේය. ජයග‍්‍රාහී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක ඉසංක කුමාර ජයසුන්දර (1), අංජු හේවගේ (1), උපුල් ධනුෂ්ක (2), මොහොමඞ් මුලාෆර් (3) සහ ධම්මික අබේරත්න (2) ගෝල ලැබුහ. උස්බකිස්තානය ගෝල 3-1 කින් පරාජය කළ ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී ඕමානය හමුවේ ගෝල 4-2 ක පරාජයක් ලැබීය. මේ මස 24 දක්වා පැවැත්වෙන තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනා ගන්නා රටවල් දෙක ආසියානු කුසලාන හොකී තරගාවලියට සුදුසුකම් ලබයි.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශී‍්‍ර ලංකා හොකී පිල කසක්ස්තානය ගෝල 9-2 කින් පරදවයි