තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී (පිරිමි) තරගාවලියේදී කසක්ස්තානය පරදවා ගෝල 9-2 ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (20) සමත්වුහ. ශ්‍රී ලංකා පිලට තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා හෙට (21) හොංකොං රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන තරගය ජය ගැනීම ප‍්‍රමාණවත් වේ. ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන ශ්‍රී ලංකා පිල තරගයේ පළමු අර්ධයේදීම ගෝල 4-0 ක් ලෙස පෙරමුණ ගත්තේය. ජයග‍්‍රාහී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නායක ඉසංක කුමාර ජයසුන්දර (1), අංජු හේවගේ (1), උපුල් ධනුෂ්ක (2), මොහොමඞ් මුලාෆර් (3) සහ ධම්මික අබේරත්න (2) ගෝල ලැබුහ. උස්බකිස්තානය ගෝල 3-1 කින් පරාජය කළ ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී ඕමානය හමුවේ ගෝල 4-2 ක පරාජයක් ලැබීය. මේ මස 24 දක්වා පැවැත්වෙන තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනා ගන්නා රටවල් දෙක ආසියානු කුසලාන හොකී තරගාවලියට සුදුසුකම් ලබයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd