තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේදී (පිරිමි) ශ්‍රී ලංකාව පරදවා ඕමානය ගෝල 4/2 ක ජයක් ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා පිලට අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා හොංකොං රාජ්‍යය සහ කසකස්තානය පරාජය කිරීමට සිදුව තිබේ. ශ්‍රී ලංකා පිල සහභාගිවන තෙවැනි තරගය අද (20) හොංකොං රාජ්‍යයට එරෙහිව පැවැත්වීමට නියමිතය. ඕමානය තරගයේ පළමු අර්ධයේදී ගෝල 2/0 ක් ලෙස පෙරමුණ ගත්තේය. ධම්මික අබේරත්න (1) සහ මොහොමඞ් මුලාෆර් (1) ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ගෝල ලැබුහ. උස්බකිස්තානය ගෝල 3/1 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරගාවලියේ සාර්ථක ආරම්භයක් ලබාගත්හ. මේ මස 24 දක්වා පැවැත්වෙන තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනා ගන්නා රටවල් දෙක ආසියානු කුසලාන හොකී තරගාවලියට සුදුසුකම් ලබයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd