IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකා හොකී පිල ඕමානයට පරදියි

තායිලන්තයේ බැංකොක් නුවරදී දැන් පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේදී (පිරිමි) ශ්‍රී ලංකාව පරදවා  ඕමානය ගෝල 4/2 ක ජයක් ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා පිලට අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා හොංකොං රාජ්‍යය සහ කසකස්තානය පරාජය කිරීමට සිදුව තිබේ. ශ්‍රී ලංකා පිල සහභාගිවන තෙවැනි තරගය අද (20) හොංකොං රාජ්‍යයට එරෙහිව පැවැත්වීමට නියමිතය.  ඕමානය තරගයේ පළමු අර්ධයේදී ගෝල 2/0 ක් ලෙස පෙරමුණ ගත්තේය. ධම්මික අබේරත්න (1) සහ මොහොමඞ් මුලාෆර් (1) ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ගෝල ලැබුහ. උස්බකිස්තානය ගෝල 3/1 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ තරගාවලියේ සාර්ථක ආරම්භයක් ලබාගත්හ. මේ මස 24 දක්වා පැවැත්වෙන තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනා ගන්නා රටවල් දෙක ආසියානු කුසලාන හොකී තරගාවලියට සුදුසුකම් ලබයි.



අදහස් (0)

ශ්‍රී ලංකා හොකී පිල ඕමානයට පරදියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site