තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන සිවුවැනි ආසියානු හොකී සම්මේලන කුසලාන හොකී තරගාවලියේ (පිරිමි) ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. තරගාවලියේ අවසන් දිනය වු අද (24) තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් චීන තායිපේ පිල ගෝල 5-2 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය.