එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පෙයිස්ලිට පාර්ලිමේන්තුව දින 30කට තාවකාලිකව අත්හිටුවමින් අද (24) එම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඔහුට එරෙහිව ඡන්දය භාවිත කළහ.
මේ අනුව එක්සත් රාජධානියේ ‘ඩිමොක්රටික් යුනියනිස්ට්’ පක්ෂයේ මන්ත්‍රී ඉයන් පෙයිස්ලිට සභාවාර පැවැත්වෙන දින 30ක් පාර්ලිමේන්තුව තාවකාලිකව තහනම් වන අතර පරීක්ෂණ අවසන් වනතුරු ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු වීමට ද ‘ඩිමොක්රටික් යුනියනිස්ට්’ පක්ෂය පියවර ගෙන තිබේ.
වසර 2013 දී ශ්‍රී ලංකාවේ කරන ලද සංචාර දෙකක් සඳහා මෙරට රජය කරන ලද ගෙවීම් සම්බන්ධයෙන් ඉයන් පෙයිස්ලිට චෝදනා එල්ල විය. ඉයන් පෙයිස්ලි සහ ඔහුගේ පවුල අවස්ථා දෙකකදී මෙරට සංචාරය කර තිබෙන අතර අදාළ සංචාරවල වියදම් දරා ඇත්තේ ශ්‍රී ලංකා රජය බව පැවසේ.
මෙම තාවකාලික තහනමත් සමඟ ඉයන් පෙයිස්ලිට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉතා වැදගත් විවාද කිහිපයක් ද මඟහැරේ.
“කනගාටුදායක අයුරින් රාජ්‍ය කටයුතු සිදුවීමක්” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ කතානායක ජෝන් බර්කව් පැවැසීය.
ඉයන් පෙයිස්ලිගේ සිදුවීම ‘දරුණු අවකල්ක්‍රියාවක්’ මෙහිදි අදහස් දැක්වූ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ ‘සම්මත’ සම්බන්ධයෙන් පත් කර තිබෙන කමිටුවේ සභාපති ශ්‍රීමත් කෙවින් බාරෝන් සඳහන් කළේය. අදාළ චෝදනාවලට ඉයන් පෙයිස්ලි මන්ත්‍රීවරයා වරදකරු බව ද හෙතෙම කීය.
මේ අතර ඉයන් පෙයිස්ලි මන්ත්‍රීවරයාට තම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවන තත්ත්වයක් ද උද්ගත වී තිබේ.
බී.බී.සී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී වරයාට මේ දඬුවම ලැබුනේ ශ්‍රී ලංකාවේ කල සංචාර දෙකක් පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීමේ වරදටයි. එම ඇත්ත වෙනුවට මෙම සිදුවීම විවිධාකාරයෙන් විකෘර්ති ශ්‍රී ලංකාව තුල ගෙනයන ප්‍රචාර හිතාගන්නට බැරි තරමට පහත මට්ටමකට වැටි ඇත.
ඕවා ගණන් ගන්න එපා මන්ත්‍රීතුමා ඒ දින 30 ලංකාවට ඇවිත් ඉන්න. මයිකල් රොබට්ස් ගේ ලිපිය කියෙවුවාම තේරුම් ගන්න පුළුවන් බ්ලෙයාර් අපිට ගහන්න ආපු ගැටේ මොකක්ද අපි බේරුනේ කොහොමද කියලා. ඒකාලේ දැන් ඉන්න ගොයියෝම රට පාලනය කලානම් බ්ලෙයාර් අපිව හොඳට අබරනවා. මේවා නොදන්නා කුහක සිංහලයෝ කොපමණ ඉන්නවාද?
ඒ උනාට එල් ටි ටි එකේ සල්ලිවලින් මෙහෙ ඇවිල්ල, නැති දේ ඇතිකරලා පෙන්නන , බොරු සාක්ෂි කාරයෝ හමුවෙලා සාක්ෂි ලබාගෙන යන එඋන්ට ඔය කියන පාර්ලිමේන්තුවෙන් එක දවසකට තහනමක් පනේඋව්වද. යුද්ධේ කාලේ ඔය කියන 140,000 ක් මැරුණා කියල කියන බොරුව දන්හෙලිවෙලාත් , මොනවද ඔඋන්ට විරුද්ධව ගත්තු පියවර.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පෙයිස්ලිට මෙම තහනම ලැබුනේ දෙවතාවක් ශ්‍රී ලංකාවට ගිය ගමන් පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම නිසයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හම්බ කරන මුදල්, යන එන සංචාර, ශරීර සෞඛ්‍ය තත්වය, පවුලේ සමීපතම අයගේ වැඩ කටයුතු වගේ දේ නිරතුරුවම පාර්ලිමේන්තුවට දන්වන්න අවශ්‍යයි. එසේ නොකරන මොනම දෙයක් පිළිබඳව හෝ ආරංචියක් ලැබුනොත් ඒගැන පරීක්ෂණ පවත්වනවා. එහිදී කිසියම් සිදුවීමක් පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කර නැත්තේ උවමනාවෙන්ම යයි පිළිගත හැකි සාක්ෂි ලැබුනොත් ඒ යට නිසි දඬුවමක් ලබා දෙනවා. මෙවැනි අවස්ථාවන්ට මුහුණ දුන් සමහර ඇමති වරු ඉල්ලා අස්වී තිබෙනවා. ඉයන් පෙයිස්ලි ගේ සිදුවීමට ලංකාව සම්බන්ධ වෙන්නේ ඔහු අපේ රටට ගිය නිසා පමණයි. එසේ තියෙද්දි මෙම සිද්ධිය කොහෙවත් නැති එල් ටී ටී ඊ සංවිධානය මඟින් කල දෙයක්ය, ලංකාව ගැන කතා කිරීම නිසා උන දෙයක්ය, ලංකාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්රණයක්ය, හිටපු අගමැති බ්ලෙයාර් ගේ උගුලක්ය කියා කියන බහුබූත කතා හදන්නේ මොන ජාතියේ මිනිස්සුද මොන හත් ඉලව්වකටද කියල මටනම් හිතා ගන්න බැහැ.