(සුජිත් හේවාජුලිගේ)
ආන්දෝලනයට තුඩ දී පවතින ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව පැය පහක විවාදයක් හෙට (17) දිනයේදී පැවැත්වෙයි.
විවාදයේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ නායක කොළඹ දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතායි.
සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙම විවාදය හෙට පස්වරු 1.30 සිට පස්වරු 6.30 දක්වා පැය පහක් පුරා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ලංකාදීපයට පැවසීය.
මැතදී අත්සන් කෙරුණූ ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක දැඩි විවේචනයට බදුන් වී පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd