IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට එති

මධ්‍යම ආසියානු කළාපීය වෙරළ වොලිබෝල් තරගාවලියේ කාන්තා අනු ශූරතාව සහ පිරිමි තෙවැනි ස්ථානය හිමිකරගත් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව උදාකර ගැනීමට සමත් වූහ. මීගමුව වෙරළ තීරයේදී දින දෙකක් පැවැති මෙම තරගාවලිය ඊයේ (22) අවසන් විය. පිරිමි ශූරතාව ඉරානය දිනාගත් අතර අනු ශූරතාව කසකස්තානයට හිමිවිය. කාන්තා ශූරතාව කසකස්තනය දිනාගැනීමට සමත් වූ අතර තෙවැනි ස්ථානය ඉන්දියාවට හිමිවිය. මෙහිදී ශ‍්‍රී ලංකා පිරිමි ‘ඒ’ පිල නියෝජනය කරමින් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල ද, පිරිමි ‘බී’ පිල නියෝජනය කරමින් පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් ද ක‍්‍රීඩා කළහ. ගීතිකා ගුණවර්ධන සහ කක්‍ෂිලා ගුණසිංහ ශ‍්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිල ද, නිරෝෂා ගුරුසිංහ සහ සාගරිකා ගුරුසිංහ කාන්තා ‘බී’ පිල ද නියෝජනය කළහ. මෙම තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, කසකස්තානය සහ ඉරානය යන රටවල්වලින් කණ්ඩායම් සහභාගි වූහ. තරගාවලියේ පළමු දිනයේදී ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම් දෙක කසකස්තාන් කණ්ඩායම් දෙක හමුවේ පරාජයට පත්වීමෙන් පසු බැසීමට සිදුවිය. එහිදී පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් කසකස්තාන් ක‍්‍රීඩකයන් වන කුලෂේව් සහ යකොව්ලොව් දෙවැනි වටයේදී 21-19 ක් ලෙස පරාජය කළ ද වට 2-1 ක් ලෙස තරගය පරාජයට පත්වූහ. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පෙරේදා (21) පෙවරුවේ පැවැති තරගවලදී මාලදිවයින් ක‍්‍රීඩිකාවන්ට එරෙහිව තරග හතරම ජය ලැබීමට සමත් වූහ. ඊයේ පෙරවරවේ පැවැති තරගවලදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ඉන්දීය කණ්ඩායම් දෙක පරාජයට පත්කිරීමට සමත් වූහ. කාන්තා තරගාවලියේ ඊයේ (22) පස්වරුවේ පැවැති තරග හතරේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ප‍්‍රබල කසකස්තාන් ක‍්‍රීඩිකාවන්ට හොඳ අභියෝගයක් යොමු කළහ. ගීතිකා ගුණවර්ධන සහ කක්‍ෂිලා ගුණසිංහ තෙවැනි තරගය 2-1 ක් (11-21, 21-16, 19-17) ලෙස ජය ගැනීමට සමත් වූහ. අවසන් තරගයේදී නිමේෂා ගුරුසිංහ සහ සාගරිකා ගුරුසිංහ තියුණු තරගයකින් පසු වට 2-1 කින් (11-21, 23-21, 12-15) පරාජයට පත් වූහ. පිරිමි ශූරතාව සඳහා ඉරාන සහ කසකස්තානය අතර අතිරේක තරගයක් පැවැති අතර එහිදී ඉරානය 15-10 කින් ජය ලැබූ අතර එම වටයේදී කසකස්තාන් ක‍්‍රීඩකයකුගේ නීති විරෝධි ක‍්‍රියාවකට ප‍්‍රධාන විනිසුරු රතු කාඞ් පතින් අවවාද කර ඉරාන පිලට අවසන් ලකුණ පිරිනැමීම කැපී පෙනුණි. කසකස්තානය සහ ඉරාන අතර තරගයකදී වැරදි තීරණයක් ලබාදුන්නේ යැයි කියන දෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා විනිසුරුවකු ඉවත් කිරීමට ද කටයුතු කළ බව වාර්තා වේ. ලන්ඩන් නුවරදී මේ වසරේ (2012) පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලිට රටවල් 24 කින් කණ්ඩායම් සහභාගී වීමට නියමිත අතර මෙම තරගාවලියට මධ්‍යම ආසියානු කලාපයේ රටවල් තෝරා ගැනීමේ මූලික වටයේ තරගාලිය ලෙස මෙම තරගාවලිය පැවැත්විණි. මෙම තරගාවලිය සංවිධානය කිරීමේදී බොහෝ දුර්වලතා දැකිය හැකි වූ අතර මාධ්‍ය වෙනුවෙන් සැලකිය යුතු පහසුකම් සැපයීමට සංවිධායකයෝ අපහොසත් වූහ. තවද තරග නැරඹීමට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වොලිබෝල් අවසන් තරගයක් සඳහා පැමිණෙන පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාව පවා දැකිය නොහැකි විය. සාගරිකා ගුරුසිංහගෙන් ඩෑෂ් පහරක්... ශ‍්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් පිල



අදහස් (0)

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site