විවිධ රටවල සිදු වූ සිද්ධීන් සැළකිල්ලට ගනිමින් විදෙස් රටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් ඇතුළු රාජතාන්ත්‍රිකයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

තුර්කියේ රුසියානු තානාපතිවරයා ඝාතනයෙන් පසුව මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කළ බව  විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

මලයාසියාවේදි ශ්‍රී ලංකා තානාපතිවරයාට පහරදීමේ සිද්ධියෙන් පසු ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නැයි එරට රජය  දැනුම්වත් කළ බවත් එය ක්‍රියාත්මක වන බවත් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

පවතින තත්ත්වයන් හමුවේ වෙනත් රටවල සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද විදේශ කටයුතු අමාත්‍යාංශය සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

දැනට විදෙස් දූත මණ්ඩල 54ක ප්‍රධානීන් වශයෙන් ශ්‍රී ලංකාවේ තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු කටයුතු කරති.