(යොහාන් භාසුර)
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘යොවුන් ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල අද (24) සහභාගි වූ දෙවැනි තරගයේදී ලකුණු 77 කින් නැමීබියා යොවුන් පිල පරාජය කිරීමට සමත් විය.
කිම්බර්ලි නුවරදී අද පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 134 ක ඉලක්කය හඹාගිය නැමීබියා පිල ලකුණු 56 කට සීමාකිරීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 133
(සුපුන් වඩුගේ නොදැවී 56, රුසඳ ගමගේ 17, ශරුජාන් ශම්මුගනාදන් 13, ශචිඕ වෑන් විරුරෙන් 23/4)
නැමීබියා වයස 19 න් පහළ පිල ඕවර 27 කදී සියලු දෙනා දැවී 56
(දිනුර කළුපහන 8/2, විශ්ව ළහිරු 19/3, රුවිෂාන් පෙරේරා 3/3)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd