අමෙරිකාවේ ප‍්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාගත කළ යෝජනාවට සම දායකත්වය ලබා දීමට ඕස්ටේ‍්‍රලියාව තීරණය කර ඇතැයි ඕස්ටේ‍්‍රලියා ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජනාවට සිය රජයේ සහයෝගය ලබා දෙන බව ඕස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍ය ජූලි බිෂොප් නිල නිවේදනයකින් කියා සිටින බව එම පුවත්පත කියයි.
පසුගිය 24 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිස්වැනි සැසිවාරයට අමෙරිකා එක්සත් ජනපදයේ ප‍්‍රධානත්වයෙන් ඉදිරිපත් කළ එම යෝජනාව මඟින් ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය සඳහා දිරිමත් කිරීමක් සිදුවන බවද ඕස්ටේ‍්‍රලියා විදේශ අමාත්‍යවරිය පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ශ්‍රී ලංකා යෝජනාව වුණේ කොහොමද? (අ)
මේ තමා එක්සත් ජාතික සංවිධානය මේ ජාතියේ සම්මත කරපු පළමු යෝජනාව ඉතිහාසේ පුරාම . ෂෙයිඩ් කුමාරයා ගේ වචන වලින් ම කියනවා නම් රාදර් යුනික් මේවා අපේ සිංහල පුවත්පත් වල පළවෙන්නේ නැහැ , අපේ ප්‍රබුද්ධ පාඨකයෝ ආණ්ඩුවේ කේවට්ටයෝ කියන දේවල් වලට හුරේ දානවා , තේරුම් ගන්නේ නැහැ මේ නැතිවෙන්න යන්නේ , නැති කරන්න යන්නේ ලබා ගත් නිදහස , ඒ නිදහස ලබා දුන්න ඒ අභීත රණවිරුවන් ව බව . යමු යමු ඔහොම යමු , තමා තමා ගේ පවුල්වල හෝ නෑදෑ හිතවතකෙගේ රණ විරුවෙක් අත් අඩංගුවට ගත් දවසක තේරේවි . රණ විරුවෝ 11 දෙනෙක් දැනට සැක පිට රදවා ප්‍රශ්න කරනවා එකනැලිගොඩ කියන පුද්ගලයාගේ අතුරු දැන් වීම සම්බන්ධව . කරුණා කර මේ එක්නැලියගොඩ කියන පුද්ගලයාගේ සිංහල බිරිඳ කියන කතාව යු ටියුබ් එකේ හෝ අන්තර්ජාලයේ නරබා , එය අනුමත කරන්න පුළුවන් නම් මගේ නමින් මා අමතන්න ගෞරවනීය ප්‍රබුද්ධ පාඨකයිනි . ඒ ගැහැණිය තනිකරම අපේ රණ විරුවන්ව , අපේ රණවිරුවන්ට අණ දීපු නිලධරයන්ව සිංහල භාෂාවෙන්ම පාවා දී ඇත . බලන්න , ඔබගේ වටිනා කාලය බිදක් වැය කර බලන්න , මෙය කට කතාවක හෝ ගොතපු කතාවක් නොවේ , කෙලින්ම සජිවී කටහඩට සවන් දී අපේ රට මේ යන දිශා ආනතිය හදුනා ගන්න (බ)
මානව හිමිකම් කමිටුව විසින් අපේ සිංහල භාෂවාට අලුත් , නුහුරු නුපුරුදු වචනයක් ද හදුන්වා දී ඇත . අපි කවුරුත් දන්නේ වගකීම , වග කියනවා හෝ , වග කියන්න වගේ දේවල් , මේ අලුත් වචනය නම් " වග වීම " යන්නයි . කොහොමද අපේ රට ට ජාතියට වෙන්න යන දේ . (බ)
කවුරු සහය නොදුන්නත් මොකෝ ලංකාවේ සහය ලැබෙනවා නම්. අනේ දිවිපරද රණවිරුවෝ දිනා දුන්න රට ට මේ මොකක්ද වෙන්නේ ? (අ)
මගේ අදහස අපේ රටේ ස්වාධීනත්වය නැති වෙන්නේ නැති අපේ විව්‍යථාවට අැඟිලිගහන්නේ නැතිව ඕන උදුවුවක් කලාට කමක් නෑ.අපේ රටේ අධිකරණයට අභියෝග නොකළ යුතුයි. (අ)