
ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා සැලකිය යුතු ලෙස සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (8) රැස් වූ අතර එහිදි මෙම තීරණය ගෙන තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව මෑත කාලයේදී මෙතරම් අගයකින් සහ මෙවැනි ආකාරයකින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කළ පළමු අවස්ථාව මෙය යැයි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම් දීමේ මධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පදනම් අංක 700 බැගින්, පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 දක්වා, 2022 අප්‍රේල් මස 08 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
සමස්ත ඉල්ලුම ඉහළ යෑම, දේශීය සැපයුම් අංශයේ බාධා, විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම සහ ගෝලීය වශයෙන් වෙළඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ඉදිරි කාලය තුළදී තවදුරටත් ඉහළ යා හැකි උද්ධමන පීඩන සලකා බලමින්, ආර්ථිකය තුළ පවතින ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන තවදුරටත් ගොඩනැගීම පාලනය කිරීම, අහිතකර උද්ධමන අපේක්ෂා වර්ධනය වීම වැළැක්වීම සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය පෙළඹවීම සැපයීමට මෙන්ම, වෙළඳපොළ පොලී අනුපාතික ව්‍යූහයේ පැවති විෂමතා නිවැරදි කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයේ අදහස වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට දේශපාලන බලපෑම් නොමැතිව, ස්වාධීනව, විනිවිදබව ඇතිකර අවංක, දක්ෂ කණ්ඩායමක් සමග සේවය කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ, ශ්‍රී ලංකා මහ බැංකුවට නායකත්වය ලබාදීම පිළිබඳව අගය කරමු...
විෂය දැනුමක් ඇති ප්‍රවීණයෙක් පත්කිරීම ඉතා යහපත් දෙයක්... කබ්‍රාල් වගේ කෙනෙක් ඉවත් කිරිමත් හොඳ දෙයක්...
සුබවාදීව බලමු. ජනතාවට සෙතක් ලැබෙනු ඇත.
කබ්රාල් කලේ මෙහි විරුද්ධ පැත්ත. මූල්‍ය වෙළෙඳපලේ විශාල දුවශීලතාවක් පවතිද්දී පවා පොලී අනුපාත ඉතා පහළින් පවත්වා ගැනීමයි. ඒ සමගම මුද්‍රිත මුදල් තොගපිටින් සංසරණයට එකතු කිරීම මගින් අතිවිශාල ලෙස බඩුමිල ඉහළ ගියා. ඔහුට අවශ්‍ය වුනේ රටේ උද්ධමනය පාලනයට වඩා ආණ්ඩුව සතුටු කිරීමයි.
රටට ඩොලර් අවශ්‍ය නම් විදේශීය මුදල් සපයන්නට සහන සලසන්න.. පොලී අනුපාත වැඩි කරන්න.
බමුණා සද්ද නැතිව හිටියේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ගිහිල්ලද කොහේද? පොලී අනුපාත ගැන කියන්නේ... දන්නවද තැන්පතු පොළිය වැඩිකරද්දී ණය පොලියත් වැඩිකරන්න වෙනවා කියලා... භාගෙට ඉගෙන ගන්න එපා. හරියට ඉගෙන ගන්න...