(යොහාන් බාසුර දඹුල්ල ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට.. ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)
ඉන්දියාව හමුවේ පැවැති එක්දින තරගයේදී කඩුලු 9 ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පිලට එරෙහිව ප්‍රේක්ෂකයෝ පිරිසක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ අද (20) රාත්‍රීයේ කෑකෝ ගසමින් ‘හූ’ කියමින් විරෝධතා දැක්වූහ.
මෙම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බස් රථයට ක්‍රීඩාංගණයෙන් පිටවීමට නොහැකි තත්ත්වයක්ද ඇති විය.
ප්‍රේක්ෂකයෝ ‘අපිට දියව් අපේ ක්‍රිකට්’, ‘අපිට ඕනේ 96 ක්‍රිකට්’ යයි කියමින් කණ්ඩායමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස් නැගූහ.
ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙසින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දීය පිල හමුවේත් කඩුලු 9 ක ඛේදජනක පරාජයක් ලැබීය.
තත්ත්වය මැඩ පැවැත්වීමට කැරළි මර්දන පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් වූ අතර අවසානයේ හෙල්මට් පැළද සිටි පොලිස් කැරළි මර්දන නිලධාරිහූ ප්‍රේක්ෂකයන් පළවා හැරියහ. ප්‍රේක්ෂයන් පළවා හැර මාර්ගය නිදහස් කරගන්නා තෙක් කණ්ඩායමේ බස්රථය ක්‍රීඩාංගණය තුළ නවතාගෙන සිටියේය.









(ඡායාරූප - කාංචන කුමාර අාරියදාස)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩාවක ජය පරාජය විඳගත නොහැකි තරමට අපේ රට පිරිහීමට ලක්ව ඇති අතර, මෙතුවක් කල් ප්‍රේක්ශකයන්ගේ මෝඩ හැසිරීම් වලට ඉන්දියාවට සිනාසුන අප උඩ බලා කෙලගසමින් සිටී. මේ තත්වය ඇතිවීමට සමාජජාල පිටුද වගකිව යුතුය.
හරිම දුකයි. අපේ රටේ මිනිස්සු ක්‍රිකට් වලට පණ ඇරලා. ඒ මිනිස්සුන්ගේ කේන්තිය සාධාරණයි. නමුත් දැන්නම් තවත් ක්‍රිකට් ගහනවට වඩා හොඳයි තව අවරුදු දෙක තුනක් දේශීය තරඟ විතරක්ම ක්‍රීඩා කරලා හොඳ කණ්ඩායමක් හදාගෙන පුලුවන්නම් අන්තර්ජාතික තරග ගහන්න. නැත්තම් වෙන්නේ ඒ කාලේ අපේ ක්‍රීඩකයෝ අමාරුවෙන් තියපු අපේම ලෝක වාර්තා අපිටම විරුද්ධව අලුත්වෙන එක.
සුමති මහතයෝ දෙයගේ නාමෙට දැන්වත් එඉන් වෙන්න. ඔයා 2019 World Cup එක වෙනකම් හිටියොත් අපිට අනිතිමට ඉතියෝපියාවෙනුත් කන්න වෙනවා. ඔයා පන්දු අල්ලන්න උගන්නනවා වෙනුවට පන්දු අතහරින්න උගන්නන ගෙනාපු කෙනා අන්තිමට ප්‍රධාන පුහුණුකරු කලා. මේ ලෝකේ කොහෙද ඔයවගේ උසස් වීම් දෙන්නේ ලංකාවේ ඔයා ඇරුණු කොට. ගුරා ඔස්ට්‍රියා වල 3rd division වැඩ කරනකොට ඔයා ගුරාව ගෙන්නලා ලංකාවේ හොදම තනතුර දුන්න. ඕව වෙන හොහෙද සිද්ද වෙන්නේ මේ ලෝකේ? දක්ෂතා වැඩි කරන්න කියල තව සුදෙක්ට අම්බානට පඩි ගෙවනවා. දැන් මොකක්ද ප්‍රතිපලය? ලකාවේ ක්‍රිකට් වලට වෙලා තියන දේ ඇත්තටම ඔයාට පෙන්නේ නැද්ද? මේ අපරාද වලට කවුද දැන් වග කියන්නේ? අපිද? මේ අහිසක ක්රීඩකයෝද ? වදින්නම් දැන්වත් ඕක දාල යන්න මහතයෝ. නැතිම මුළු ලංකාවටම අතීසාරය හැදිලා මුළු රටම ගද ගහනවා.
ක්‍රිකට් විතරක් නොවෙයි. හෑම අන්ශයකම තියෙන්නේ මහා සෝදාපාලුවක්. මිනිස්සුන්ගේ කලකිරීම විරෝදයක් දක්වා වර්දනය විම අරුමයක් නෙමෙයි.
එදා, one team one nation අද, no team no patience. මේ ජරා පරිපාලනය ක්‍රිකට් විනාශ කරලා දැම්මා. මේ මිනිස්සුන්ට ඉවසන්න දෙයක් ඉතුරුවෙලා නැහැ තවත්. ඔවුන්ගේ ඉල්ලීම් වෙන්නේ " අපේ ක්‍රිකට් අපිට දියව් ’, ‘අපිට ඕනේ 96 ක්‍රිකට්’ . හරිම සාධාරණයි. මේවගේ දරුණු පරාජයන් මන්හිතන්නේ 80 දශකයෙවත් ලැබුවේ නැහැ. මේ වෙලාවේ පිටිය මැදට යන ක්‍රීඩකයෝ පව්. ඔක්කොම එකතුවෙලා වටකරන්න ඕනා පාලක මණ්ඩලයේ ඉන්න පින් පඩි ගන්න අයව.
කොන්ද පන තියෙන කට්ටියක් දබුල්ලේ හිටිය ඔය ටික කියන්න එහෙනම්
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගන්න නම්, ක්‍රීඩා සමාජ ප්‍රමාණය වැඩි කර, ක්‍රීඩා සමාජ වල දිගින් දිගටම දස්කම් දක්වන ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් දොර විවෘත කල යුතුය.
ඇත්තටම අපේ කන්ඩායමට නිසි පුහුනුවක්, මගපෙන්වීමක් නැතිව අයාලේ යන බවක් ක්‍රීඩා කල හැටියෙන් පේනවා. මේ වගේම දෙයක් වුනා වර්නපුරල දකුනු අප්‍රිකාවට ගියාට පසු තිබුන පලමු තරගාවලියෙදි මහනුවර 80 ගනන්වල.
ලංකාවේ හැම දේම නැතිවෙද්දී , ක්‍රිකට් නැතිවුණා කියල මෙච්චර කෑ ගන්නේ මොකද. බොරු වැඩ.
මේක හොඳ වැඩක්...
ආ නියමයි. ලංකාවට අඩුවෙලා තිබුනේ ඔච්චරයි. දැන් ලංකාවේ සමහරු ඉන්දියාවේ ඒවා නියමෙට ආදර්ශයට ගන්නවා...
දැන් ක්‍රිකට් හරියට යහපාලනේ වගේ, එපාවෙලා තියෙන්නේ...
ජාත්‍යන්තරය අපි ගැන දැනගත්තේ ක්‍රිකට් නිසයි. 1994 වර්ෂයේ සිට 2014 දක්වා අපි කොතරම් ශූරතා ගොඩක් තරගාවලි ගොඩක් ජයගත්තද? 96 ලෝක ශූරයෝ 2007, 2011 ලොක අනුශුරයෝ. 2009 ,2012 ටී 20 අනුශූරයෝ 2014 ශූරයෝ. 2015 සිට මේ දක්වා කොතරම් පසුබැස තියෙනවද? අදත් එදා අපට ජය ගෙනාපූ ක්‍රීඩකයෝ බොහොමයක් ඉන්නවා.නවක ඉතා දක්ෂ අයත් ඉන්නවා. වරද අද දේශපාලනය ක්‍රීඩාවට රින්ගලා. යහපාලනය කියන්නේ මේකද?
මේ කොල්ලන්ගේ කේන්තිය සාධාරණයි..!!! අඩුම තරමින් සටනක් දීලා පරාද වුණා නම් දුකක් නෑ. දවසින් දවස ක්‍රිකට් දිය වෙවී යනවනේ...
විරෝධත දක්වන්න ඕනේ ක්‍රීඩකයන්ට නොව ක්‍රිකට් පාලක මණ්ඩලයට ,මහා පරිමාණ සුදු ව්‍යාපාර වලට සම්බන්ධ පවුල්වල සාමාජිකයෝ ක්‍රිකට් පාලනයට සම්බන්ධ කරගත්තම මේක වෙන එක අහන්න දෙයක්ද ?
සුමතිපාල මහත්තයෝ ඔය තනතුර අර්ජුන මහත්තයට දෙන්න. ඔයාට බැරිබව පේනවනේ. එයා ඉල්ලනවනේ. දීල බලමුකෝ. කරුණාකරලා රට වෙනුවෙන් ඉතන්නකො.
අද දවසේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ වංචනික දේශපාලකයින්ගේ සෘජු බලපෑම් වලට හසුවුණා වින්දිතයින් පිරිසක්. දේශපාලනය සමාජයේ හැම අංශයක්ම ගිලගෙන තිබෙන විට ක්‍රීඩකයින් නැවත වින්දිතයන් බවට පත් කරන්න තරම් ප්‍රේක්ෂකයින් පෙළඹීම කනගාටුවට කරුණක්.
මෙවැනි ප්‍රේක්ෂකයන්ට බැටන් පොලු වලින් පහර දී පළවා හැරිය යුතුයි.
මේ වෙලාවේ කරන්න පුළුවන් හොදම දේ පාලක මණ්ඩලයේ සභාපති , ක්‍රීඩා ඇමති වගකීම බාරගෙන ඉල්ලා අස්වෙන එක.
ක්‍රිකෙට් කෙසේ වෙතත් රටක් සහ වර්තමානයේ සිටින ජනතාවගේ සදාචාරය සංස්කෘතිය සලකන විට අපි දිනෙන් දින පහලට යන බවට කදිම උදාහරණයක්. දැන් අපි ඉන්දියාව තරම් පහත් මට්ටමට වැටෙමින් පවතින බවය් එදිනෙදා රටේ තොටේ මිනිසුන් සමග හැසිරෙන විට පෙනී යන්නේ.
Escort දාලා යන්න තරමට අපේ cricket team එක පත් පත් උනා නේ.
ඉවසුවා ඇති... ඔයවගේ ප්‍රතිචාරයක් ක්‍රීඩා ලෝලීන් හැටියට දිය යුතුමයි. ශ්‍රී ලාංකික ක්‍රිඩා ලෝලීන් ශිෂ්ඨසම්පන්නයි. ඒ නිසා තමයි ඔය ප්‍රතිචාරය මෙතරම් ප්‍රමාද උනේ. මෙය මින් ඉදිරියට සෑම පරාද වන තරඟයකටම ඔය දේ කල යුතුයි. නැතුව හැදෙන්නේ නැහැ.
සුමති මහත්තයෝ කරුණාකරලා ක්‍රිකට්වලින් ඉවත්වෙලා පිනක් දහමක් කරගෙන ඉන්නවද ?
අපි තව ටිකක් ඉවසමු. ක්‍රීඩකයන්ව දිරිමත් කරමු.
දේසපාලනය ක්‍රිකට් වලින් නිදහස් විය යුතුය
හූ ..... කොහෙද මේ අර්ජුන ඇමති තුමා.
හූ නෙවේ කියන්න ඕනේ, ඔය තණතීරුවේ පාසල් කණ්ඩායමක් වුනත් ලකුණු 261 කට වඩා ගසනවා. ක්‍රිකට් සභාපතිගේ සිට සියලු දෙනාවම නෙරපන්න ඕනේ.
හරියට හරි, නියමයි අපි ඔහොම නොකලොත් මේගොල්ලෝ පින් පඩි අරන් ආතල් එකේ ඉඳීවි . කිසිම කැපවීමක් නෑ
මමනම් තවදුරටත් ශ්‍රීලන්කන් ටීම් එකේ ක්‍රිකට් මැච් බලන්න නැහැ. අපේ වටිනා කලාය අපතේයාම විතරයි වෙන්නේ. ප්‍රබල ඉන්දියානු කණ්ඩායම ඉදිරියේ අපෙගේ මැදපෙළ පිතිකරුවන්ගේ වගකිමක විරහිතව ක්රීඩාවිලාශය නිසා ඒ තරගයත් පැරදුනා. කැරළි මර්දන පොලිසිය නිසා ලොකු ගැටුමක් වැලකුනා.
අපේ සෙල්ලම් කරපු කණ්ඩායමේ එක දිගට අසාර්ථක උන අය ඉන්නේ...
කාරණා දෙකක් නිසා ලංකාව පරදින එක නවත්වන්න බැහැ 1. 1 මෑන් චියරින් එකට අංග සම්පූර්ණ කෙනෙක් දමන්න බැරිද. 2. දරදඬු කෝච් කෙනෙ දාන්නම බැරිද . අර වට්මෝර් නැතිනම් හතුරුසිංහ වගේ. ක්‍රිකට් බෝර්ඩ් එකට මේ සුළු දේවත් තේරුම් ගන්න බැරිද. මේ අය දන්නේ ක්‍රිකට් වලින් හම්බකරන් කන්න විතරයි. ඉතින් හූ කියන එක සාධාරණයි කියල තමයි කියන්න තියෙන්නේ
ඉවසලා බැරිම තැන තමා ඔහොම හැසිරෙන්න ඇත්තේ. හරිම දුකයි ලංකාවේ cricket ගැන.
ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ වගේ නම් වෙන්න හදන්න එපා. ඇත්ත, ලංකාවේ ක්‍රිකට් පොඩ්ඩක් වැටිලා තමයි. ඒත් ජය පරාජය ඉවසන්න පුරුදු වෙන්න ඕනෙ. අපේ රටේ ජාතියේ ආගමේ ගරුත්වය ආරක්ෂා කරගන්න එකයි වැදගත්ම.
මේවානම් මහා ජරා වැඩ. අපි ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ ගැන වැටෙන්න හොද නැහැ. අපේ කොල්ලෝ කවදාවත් පරදින්න මැච් ගහුව්වේ නැහැ.
හැබැයි ක්‍රීඩකයෝ විතරක් ම නෙමේ නේද මේ තත්ත්වයට වග කියන්න ඕන..? පාලක මණ්ඩලය වගේම තේරීම් කමිටුවත් වග කියන්න ඕන නේද..?
පුටුවේ මකුණා හිටියත් උද්ඝෝෂණය කරන රටේ මෙවැනි පරාජයක් ලැබුවාම ජනතාව පාරට බහින්න ඕනා . ක්‍රීඩකයන්ගේ නොසලකිලිමත්බව පැහැදිලිව පෙනීයනවා එමනිසා පාරට බහිනෙක සාධාරනයි.
ක්‍රීඩා ආමතීයි, ක්‍රිකට් බෝර්ඩ් එකයී ප්ලයෙර්ස්ලය් එකතුවෙලා මේ කරන්නේ හම්බෙන සල්ලි ටික බෙදා ගන්න 1ක විතරයි. මෙයාලට අපිට වගේද දින්නත් සල්ලි පැරදුනත් සල්ලි. මෙයාල මේක දකින්නේ තවත් එක රස්සාවක් විදිහට විතරයී. රටට කිසිම ආදරයක් නැත.
ඒ දවස්වල අනුශූරතාවය අරගෙන එනකොටත් තදවෙලා... මහින්දට බැනපු අය, දැන් මොකටද බනින්නේ... හැම ආයතනයකම, අංශයකම ඉන්න පරිපාලකයෝ ඒවා අවුල් කරනකොට, මේ රටේ පාලකයා මොකද කර කර ඉන්නේ? හිතන්න යමක්. අපිට කරන්න පුළුවන් එකම දේ මෙතන දාන එක විතරයි.
ඔය විරෝධතා පිටුපස ඉන්නේ අර්ජුන මහතාම තමයි.
මේ ප්‍රේක්ෂකයන්ට මගේ නම් ආචාරය. මෙහෙම හරි කොන්දක් තිබුණු එක හොඳයි. ජය, පරාජය ගැන නෙමෙයි මං කියන්නේ අපේ ලොක්කන් කියන අයගේ ඇස අරවන්න සදාචාරව ඉඳලා බෑ. මිනිසුන් නොමිනිසුන් වෙනකම් මහ අය ඒවා තේරුම් ගන්නෙත් නෑ. දේශපාලකයන්ටත් මේ ටික කවදා හරි වෙනවා ඒක වෙන්න ඕනෑ. නැතිනම් ඒ අය හැමදාම අපේම සල්ලි කකා සැප ගන්නවා රටට වැඩක් නෑ. ක්‍රීඩකයන්ගේ පැත්තනේ මං දෝෂාරෝපණය කරන්නේ නෑ මොකද? ඒ මිනිසුන්ට පුහුණුවක් නැතිව මානසික පීඩනයක ඉඳලා යමක් ඉදිරිපත් කරන්න බෑ කියන එක අපි කවුරුත් පිළිගන්න නිසා....
දැන් අපි ක්‍රිකට් අමතක කරමුකෝ! සුමති ඔයා අඩුම තරමේ ලංකාවේ එල්ලේ පිලටවත් ගහල තියෙනවද?
විලි ලැජ්ජාවක් තියනවා නම් සනත්, තිලංග ඉල්ලලා අස්වෙන්න ඕනේ... ගුරාත් තීරණයක් ගත්තොත් හොඳා. එ්ත් මට නම් හිතෙන්නේ ලැජ්ජාවක් නෑ. සංගා, මහේල, දිල්ෂාන්, අරවින්ද වගේ අයගෙන් ප්‍රයෝජන නොගන්නේ ඇයි? අර්ජුනට ආණ්ඩුවේ ඉඳලත් මොකවත් කරගන්න බෑ. රටවල් වලින් පුහුණුකරුවෝ ගේන්නත් ලක්ෂ ගණන් පඩි ගෙවන්න ඕනේ නෑ. මේ ඔක්කම ආපු තැන්වලටම යවමු. කට්ටිය එකතුවෙලා 2019 වර්ල්ඩ් කප් එකට හදපු කණ්ඩායම පේනවනේ... පින්පඩි කාරයෝ....
දයාබර යහපාලකයිනි! කරුණාකර ඔබගේ සහජ අත්දැකීම් යොදාගෙන ඉක්මනට ක්‍රිකට් කණ්ඩායම පෞද්ගලිකරණය කරන්න. චීනයට වුනත් කමක් නැහැ
අපේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයොත් ඉන්දියාවෙ අය මෙන් පහත් තත්ත්වයකට ඇද වැටිලා
සුද්දට බොහොම සතුටු ඇති.... ලංකාවේ ප්‍රේක්ෂකයින් අපේ ක්‍රිකට් කියලා පිස්සු කරනකොට... වෙන ක්‍රීඩාවක් ඇත්තෙම නැද්ද? කළු සුද්දෝ පිස්සු කෙලිනවනේ....
මෝඩයෝ ටිකක් කෑ ගහනවා. කෑ ගහන්නම ඕනෑ නම් මේ රටේ මොන තරම් ප්‍රශ්න තියේද?
මේ ක්‍රිකට් කියන්නේ මේ මිනිස්සුන්ට නැතුවම බැරි දෙයක්ද? ක්‍රිකට් නොගහන රටවල් නැද්ද? මේ මිනිස්සුන්ට පිස්සු. ඔන්න ඔය පිට්ටනිවල මඤ්ඤොක්කා හිටෝලා ක්‍රිකට් ගැහිල්ල සහමුලින්ම නවත්වලා දාන්න! දිනුම වගේම පරාජයත් පිළිගන්න සුදානම් නැති, මිලේච්චයන් වගේ හැසිරෙන , මේ වගේ ඔලුවක් නැති මිනිස්සුන්ට මොන ක්‍රිකට්ද? මේ, ටීම් එකේ ළමයිනේ, ඔය ගොල්ලෝ කැමති නම් දිගටම පරදින්න මේ යක්කු කොරන්නේ මොකද්ද කියල බලන්නත් එක්ක!
මේක දඹුල්ල පැවැත්වූ අවසාන මැච් එක වේවා. මේ වගේ අයට ක්‍රිකට් ක්‍රීඩාව මොකටද?
මේ ආදර්ශය දෙන්න තිබුනේ හම්ම්බන්තොට දෙනකොට ,රටේ පුරවැසියන් හැටියට රට ගැන හැගීමක් තිබිය යුතුයි .හැබැයි අවශ්‍යම දෙයට ,ජය පරාජය උපේක්ෂාවෙන් බාරගන්න ප්‍රේක්ෂකයන් පුරුදු විය යුතුයි රට දැය වෙනුවෙන් නොබියව ඉදිරියට යා යුතුය .
අපට ක්‍රිකට් පරිපාලනයට අවශ්‍ය ආනා පුංචිහේවා වගේ මහත්මයෙක්.. ක්‍රිකට් පරිපාලනය කියන්නේ ඇත්තටම බුද්ධිමත් විදිහට යම්කිසි ආයතනයක් පාලනය කරනවා වගේ දෙයක්. 94-96 කාලයේ තිබුනේ එහෙම තත්වයක්. පුංචිහේවා මනත්මය ක්‍රිකට් සෙල්ලම් කරලා නැහැ නමුත් එතුමා ඉතාමත් දක්ෂ කළමනාකරුවෙක්... කොම්පැනියක GM කෙනෙක් වගේ වැඩ කෙරුවේ.. 96 වගේ දක්ෂතා පෙන්වන්න ඕනේ නම් තමයි. නමුත් දැන් ක්‍රීඩාව වෙනස් වෙලා. තාක්ෂනය උපයෝගී කිරීම වැඩි වෙලා. අපිත් ඒ විදිහට වෙනස් වෙන්න ඕනේ නැත්නම් අපි හැමදාම පිටිපස්සේ.. දේශපාලනය නම් කියල වැඩක් නැහැ.. ගෑවුණු තැන ගඳ ගහනවා..