IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා පිල ලකුණු 208 කින් දකුණු අප‍්‍රිකාව පරාජය කරයි

ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ඩර්බන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 208 ක ජයක් ලැබූහ. තරගයේ සිවුවැනි දිනය වු ඊයේ (29) ජයග‍්‍රහණය සඳහා ලකුණු 450 ක ඉලක්කය හඹාගිය දකුණු අප‍්‍රිකානු දෙවැනි ඉනිම ලකුණු 241 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා ජයග‍්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්විය. දකුණු අප‍්‍රිකාවේ ටෙස්ට් සංචාර හතරකට සහභාගි වූ ශ්‍රී ලංකාව, දකුණු අප‍්‍රිකාවේදී ලැබූ පළමු ටෙස්ට් ජය මෙය වේ. මෙම ජයග‍්‍රහණය ශ්‍රී ලංකා පිල මාස 17 කට පසුව ලැබූ ටෙස්ට් ජයග‍්‍රහණය වීම කැපී පෙනේ. ශ්‍රී ලංකාව අවසන් වරට 2010 වසරේ ජූලි මස 18 වැනිදා ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී ටෙස්ට් තරගය ජය ලැබීමෙන් අනතුරුව ටෙස්ට් තරග 15 කදී ජය ලැබීමට අපොහොසත් වූ අතර තරග පහක් පරාජයට පත්විය. මෙය ශ්‍රී ලංකා පිල මවුබිමෙන් පිටදී වසර තුනකට අසන්න කාලයකට පසුව ලැබූ ටෙස්ට් ජය ද වේ. ශ්‍රී ලංකාව 2009 වසරේ ජනවාරි මස බංග්ලාදේශයට එරෙහිව චිතගොන්හිදී අවසන් වරට විදේශයකදී ජය ලබා සිටියේය. මෙම වසරේ අපේ‍්‍රල් මස අවසන් වූ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන් නායකත්වයට පත්ව ටෙස්ට් තරගාවලි තුනක පරාජයෙන් පසුව ලැබූ පළමු ජය මෙය වේ. රංගන හේරත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් දෙවැනි ඉනිමේදී ලකුණු 79 කට කඩුලූ පහක් සමගින් ඉනිම දෙකේදී 128 කට කඩුලූ නවයක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මාන හිමිකර ගත්තේය. දකුණු අප‍්‍රිකානු පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් හය දෙනාම ලකුණු 133 කට දැවී යෑමෙන් පසු ඒ. බී. ඩිවිලියර්ස් සහ ඬේල් ස්ටේන් එකතුව හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 99 සම්බන්ධතාවක් පවත්වමින් තරගය පස්වැනි දිනය දක්වා රැගෙන යෑමට අව්‍යශ පසුබිම සකස් කිරීමට සමත් වූහ. ඩිවිලියර්ස්ගේ සහ ස්ටේන්ගේ උත්සාහය සුණුවිසුණු කළ රංගන හේරත් සිවුවැනි දිනයේ අවසන්  ඕවරයේ පළමු සහ තෙවැනි පන්දුවලදී අවසන් කඩුලූ දෙකම දවා ගනිමින් දිනක විවේකයක් ගෙන දෙමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය. තෙවැනි දිනය අවසන් වන විට කඩුලූ හතක් දැවී ලකුණු 256 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 279 ක සීමා විය. දකුණු අප‍්‍රිකාව ලකුණු 450 ක ඉලක්කය සම්පූර්ණ කළේ නම් සිවුවැනි ඉනිමේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය ලැබූ කණ්ඩායම ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාව තිබුණි. බටහිර ඉන්දීය කොදෙව් පිල 2003 වසරේ මැයි මස 13 වැනිදා ඇන්ටිගුවාහිදී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිවුවැනි ඉනිමේදී ලකුණු 418 ක් රැස්කරමින් කඩුලූ තුනක ජයක් ලබමින් සිවුවැනි ඉනිමේදී වැඩිම ජයග‍්‍රාහි ලෝක වාර්තාවට හිමිකම් කියයි. දෙරට අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජනවාරි මස 3 වැනිදා කේප් ටවුන්හිදී ආරම්භ වේ. රංගන හේරත්



අදහස් (0)

ශ්‍රී ලංකා පිල ලකුණු 208 කින් දකුණු අප‍්‍රිකාව පරාජය කරයි

ලෙස්ලි Friday, 30 December 2011 02:09 PM

දකුණු අප්‍රිකාවේ නායකයාට හොද පිළිතුරක්

:       0       0

ලහිරු පද්මපෙරුම Friday, 30 December 2011 02:17 PM

අපිට ඕනා ගොඩාක් දිනන්න. ඒක නිසා කණ්ඩායමට ලොකු වගකීමක් තිබෙනවා. ඔවුන් අනිවාර්යෙන්ම ඊළග තරගයත් ජයග්‍රහණය කරයි

:       0       0

සේනක Friday, 30 December 2011 04:26 PM

අත අරින්න එපා...

:       0       0

a.d.p priyadarshana Friday, 30 December 2011 09:14 PM

රංගනගේ පන්දු රංගනය මරු

:       0       0

lakshitha Saturday, 31 December 2011 06:50 AM

කලකට පස්සේ දිනුවා.. ඉදිරියටත් දිනන්න ලැබේවා......

:       0       0

ජයශාන්ත Saturday, 31 December 2011 10:03 AM

හරිම හොඳයි

:       0       0

අස්ලම් Saturday, 31 December 2011 10:22 AM

අපේ සුභපැතුම් කණ්ඩායමේ සියලුම දෙනාට. ඊළඟ එකටත් එසේමයි.

:       0       0

චාමර Saturday, 31 December 2011 05:34 PM

හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 658 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site