(යොහාන් භාසුර)

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් රැස්කළේය.


බංග්ලාදේශ පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 8.3 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 166 ක් රැස්කළ යුතුය. ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 32) සහ දසුන් ශානක (නොදැවී 20) හයවැනි කඩුල්ලට පන්දු 37 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 165 ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ.

කමිඳු මෙන්ඩිස් පන්දු 27 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 37 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

ශ්‍රී  ලංකා පිල ඕවර 20 කදී කඩුලු 5 ට 165
(කුසල් මෙන්ඩිස් 36, කමිඳු මෙන්ඩිස් 37, චරිත් අසලංක 28, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32, දසුන් ශානක නොදැවී 20)