අයි. පී. එල් කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශි‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ට තමිල්නාඩු ප‍්‍රාන්තයේදී පැවැත්වෙන තරගවලට සහභාගි වීමට අවසර නොදෙන බව තමිල්නාඩු ප‍්‍රාන්ත මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මිය ඉන්දීය අගමැතිවරයාට දැනුම් දී ඇතැයි අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා වාර්තා කරයි. තමිල්නාඩු ප‍්‍රාන්තයේදී අයි.පී.එල්. තරග 8ක් පැවැත්වීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද පණ ඇති, රටට ආදරේ කරන, අය නම් මුලු තරගාවලියෙන්ම රටේ නම්බුව රකින්න ඉවත් විය යුතුයි. සල්ලි වගේද රට ක්‍රීඩකයිනේ. (නි)
එහෙම හරි අපේ අය අයි.පී.එල් ගහන එක නවත්වනවා නම් ලොකු දෙයක්.(නදී)
අපේ අගනා ලොවම පිලිගත් ක්‍රීඩකයින් නුඹබලාගේ රටට එවන්නේ නැහැ.(නදී)
මොකට යනවද? ජයලලිතාට පිස්සු.(නදී)
ශ්රී ලංකා ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව දෙන්න (දී)
එයා කොහොමද එහෙම වාරණ දාන්නේ (දී)
මාර වැඩක්නේ මේක. අපේ වීරයින්ට මොනවාහරි කිවුවොත් බලාගමුකෝ. (නි)
අපගේ ක්‍රිඩකයො කොන්ද පන ඇති, රටට ආදරේ කරන අය නම් මුලු තරගාවලියෙන්ම රටේ නම්බුව රකින්න ඉවත් විය යුතුයි. අවාසනාවට එසේ නොකරනු ඇත. (නි)
තමන්ගේ රටේ ආත්ම ගරුත්වය ගැන සිතා අයි.පී.එල් නොයා ඉන්න ඕනේ. ඒත් මෙයාලා ඒවා ගැන හිතන්නේ නැහැ. එයාලට වටින්නේ සල්ලි. සල්ලි නිසා මරු කටට උනත් යයි.(නදී)
අපිට තරගාවලියට නොගිහින් ඉන්න බැරිද (දී)
ලංකාවට ගහන්න පුළුවන් හැම පැත්තෙන්ම ගහනවා (දී)
අපේ ක්‍රීඩක මහත්තුරුන්ට මේවා හොද පාඩම්. තවත් යන්න ඉන්දියාවෙ සෙල්ලම් කරන්න. (නි)
ඒ කතාව නම් පුදුම කතාවක්, (දී)
ඒක තීරණය කරන්නේ අයි. සි.සි එක (දී)
ජයලලිතාට දේශපාලනය හරියන්නෙ නැහැ. (නි)
අපේ ක්‍රීඩකයන් ඉන්දියාවට නොයැවිය යුතුය.(නදී)
ඒ නෝනට මැරෙන්න යන වෙලාවෙත් තන්හාව.(නදී)
රට වගේද සල්ලි.... (ස)
මේ නෝනට නින්දෙදිත් ලංකාව මතක් වෙනවද දන්නේ නැහැ. දැන් තියෙන්නේ ලංකා භීතිකාව.(නදී)
මෙපමන් දේවල් කියද්දිත් අපි උඹලගෙ රටේ ක්‍රිකට් ගහන්න එන්නේ නැහැ කියන්න තරම් කොන්දක් නැද්ද අපේ ක්‍රිඩකයන්ට? (නි)
ඉන්දියාවේ ආශ්චර්යය! (නි)
තමිල්නාඩුවේ නෙමෙයි අනිත් ප්‍රාන්තවලත් නොගියොත් තමයි හොද.(නදී)
මෙහෙම කියද්දිත් අයි.පී.එල් යන්න ලැජ්ජා නැතිද අපේ අයට. මුදලට රට පාවා නොදී ගෞරවය රුකගන්න.(නදී)
අපේ ක්‍රීඩකයින් හරි ලාංකිකයින් නම් නොගිහින් ඉන්න ඕනෑ. (නි)
ඇයි? තමිල්නාඩුව තියෙන්නේ ඉන්දියාවේ නෙමෙයිද? (නි)
අපි අයි.පි.එල් එකට විරුද්දව නඩු දාමු (දී)
අපි හිතුවේ තමිල්නාඩුවේ ඉන්න දෙමළ මිනිස්සු අහංසක ගුනගරුක යහපත් කොටසක් කියලයි. බලාගෙන යද්දී වෛරය ක්‍රෝධය හිතේ දරාගෙන ඉන්න පිරිසක් නේද?(නදී)
ඇයි මේ අපේ අය මෙහෙම ලැජ්ජා වෙන්න මෙහේ තවත් යන්නේ? (නි)
යුද්ධ කාලයේදී ත්‍රස්තවාදීන් නිසා සිංහල මිනිස්සුන්ට විතරක් නෙමෙයි දෙමළ මිනිස්සුන්ටත් අසාධාරණ වුණා. ජීවිත නැති වුණා. (නි)
ඒ වුණාට අපරාදෙ අපේ කොල්ලන්ට ලැබෙන ඩොලර් කන්දරාව. මට දුක ඒ ගැන (නි)
ඒක හොදයි, රටේ සම්පත් වලින් ක්‍රිකට් පුහුණු වුනු මේ ගොල්ලෝ ලංකාව පමණක් නියෝජනය කළ යුතුයි.(නදී)
ජය ලලිතාගේ ඊලම ඉන්දියවේ මහා ආන්ඩුව ඉෂ්ඨකරනවා නම් ශ්‍රී ලංකා ආන්ඩුව තමිල්නාඩුව මුල් කරගෙන කරන සාම ගනුදෙනු නතර කළ යුතුයි.(නදී)
මම නොදන්නා කමටයි අහන්නේ , එහෙම අපේ ලංකාවේ අය නවත්තන්න එයාට පුලුවන්ද (දී)
මදුරුවන්ට අපි බය නැහැ. බය නම් අපි එන්නෙත් නැහැ. (නි)
එයාලා හිතන් ඉන්නේ ඉන්දියාව ලෝකෙන්ම එක කියලා. චාරයක් නැති දේවල් වලින්ම නම් එයාලා එක තමයි. එහෙව් රටකට ඇයි අපේ කොල්ලෝ යන්නේ. මේ ගැන අපේ ලොකු අයත් හිතනව නම් හොදයි.(නදී)
ඉන්දියාවේ ඉන්න අය තරම් අඥානයින් ලෝකේ වෙන කොහේවත් නැතුව ඇති. (නි)
කෝ අපේ මාලිංග කොල්ලා? කොල්ලෝ ඔන්න ප්‍රශ්නයක් ඇවිල්ලා... (නි)
ඒ රටේ තරගයට නොගියා කියලා අපේ කොල්ලෝ හිගාකන්නෙ නැහැනේ. (නි)
දේශපාලන ප්‍රශ්න වලට දේශපාලන විසදුම් සොයනවා විනා ක්‍රීඩාවෙන් හෝ ක්‍රීඩකයන්ගෙන් පළිගන්න එක වැරදියි. (නි)
අපේ අය නොගියොත් හොදයි. (නි)
එහෙම තහනම් කරන්න කාරවත් නීතියෙන් අවසර නැහැ (දී)
එහෙම බලපෑම් කරන්න කාටවත් බැහැ (දී)
මාලිංගව විතරක් යවමුද? (නි)
අපිට මොකෝ. (නි)
ජයලලිතාව පළමුව මොන්ටිසෝරියකට යවන්න ඕනේ.(නදී)
සල්ලිවලට වහල් නොවී මුළු අයි.පී.එල් එකටම නොගිහින් ඉන්නව නම් හොදයි.(නදී)
අනේ යන්නම වටින තැනක්නේ. අපේ අයටත් ලැජ්ජා නැහැ. (නි)
මොකටද අපේ කොල්ලෝ ටික යවන්නේ. අපේ වර්ල්ඩ් ගත්තේ අයි.පී.එල් ගහලා නෙමෙයි. තියෙන දෙයක් කාලා අපි අපේ වැඩක් කර ගනිමු.(නදී)
අපේ අය සල්ලි ලැබෙන නිසා මැරෙන්න වුනත් යයි.(නදී)
"ඇයි චෙන්නායි නොගියොත් ක්‍රිකට් ගහනවා දකින්න බැරිද? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" කියයිද දන්නෙ නැහැ කවුරුහරි. (නි)
අනේ අකිලව නම් යවන්න එපා. තාම පොඩි පැටියා. අනාගතේට පරිස්සම් කරගන්න ඕනෑ. කුලා වුණත් නොගිහින් හිටියෝතින් තමයි හොඳ. සාක්කුවට පාඩු තමයි. ඒ වුණත් පරිස්සම සහ අභිමානය ඊට වැඩිය වටිනවා. ඕනෑම නම් මාලියව යැව්වට කමක් නැහැ. (නි)
හොද වැඩක් නම් නෙමෙයි.(නදී)
නොදෝමකිං! උන්දැගෙ තියන දුෂ්ටකම! (නි)
අපේ මුරලිදරන් මේ අසාධාරණ උන්දැට හොද උත්තරයක් දීලා තියනව. (ස)