සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රී) කඩුලූ 5 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. ලකුණු 300 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 48.4 කදී ලකුණු 304 ක් ලබා ජයග‍්‍රහණය වාර්තා කළේය. තිසර පෙරේරා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් වේගවත් ලකුණු 69 ක් නොදැවී ලබා ගත්තේය. තිසර තරගයේ ජයග‍්‍රහණය වාර්තා කළේ දැවැන්ත හයේ පහරකිනි. තිසර පන්දු 44 කදී ලබාගත් ලකුණු 66 ට හතරේ පහර තුනක් සහ හයේ පහර පහක් ඇතුළත්විය. තරගාවලිය පුරා ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ලකුණු අතර සිටි දිනේෂ් චන්දිමාල් මෙම තරගයේද ලකුණු 59 ක් ලබා ගත්තේය. නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 87 කට දැවී ගියේය. කෙසේ වෙතත් තරගාවලිය 3-1 ක් ලෙස දකුණු අප‍්‍රිකාව මේ වන විටත් ජය ලබා සිටියි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා නියමයි. දිගටම ඔහොම ගහන්න..
තුන්වෙනි තරගයත් අපි දිනන්න බොහෝ විට ඉඩ තිබ්බා වර්ෂාවෙන් බාධ නොවුනානම්,අද අපේ පිතිකරුවන් සාර්ථක ලෙස පහර දුන්නා නවක ක්‍රීඩකයන් ගැන ඇත්තටම සතුටුය්,නායකත්වයෙන් සුපුරි ඉනිමක් ක්‍රීඩාකර දිල්ෂාන් සහ චන්දිමාල් ඒ වගේම තිසර පෙරේරාට මගේ සුභ පැතුම් !
මහේල කණ්ඩායමෙන් අයින් කළාම තරග දිනන්න පුලුවන්්..
. මහේල සහා සංගක්කාර දැන්මම ඉවත් කළ යුතුයි.
මහේල සංගක්කාර ඉවත් කරලා දන්නේ ඔය සරත් කුමාර කියන පොරවද ?