ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පත්ව තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම වසරකින් හෝ දෙකකින් කළ නොහැකි බවත් ඒ සඳහා වසර පහක්වත් කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව අද (03) ක‍්‍රීඩා විද්‍යායතනයේදී පැවැති මාධ්‍ය හමුවේදී උපාලි ධර්මදාස මහතා පැවසීය. වසර හතකට පසුව පැවැති නිලවරණයෙන් ජය ලබා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මතු දියුණුව සඳහා වැඩ කිරීමට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බවත් මෙහිදී මාධ්‍ය හමුවට එක්වෙමින් ධර්මදාස මහතා පැවසීය. ‘‘ක‍්‍රිකට් ආයතනය හරි මගට ගැනීමට මහන්සි වෙලා වැඩ කළ යුතුයි, මීට වසර 10 කට 15 කට පෙර වැඩ කළා වගේ විධායක කමිටුවේ සාමාජිකයන් 22 දෙදෙනාම මහන්සිවෙලා වැඩ කළ යුතුයි, ඒ වගේම මම ක‍්‍රිකට් ආයතනය ගොඩගැනීමට රජයෙන් මුල්‍ය අනුග‍්‍රහයත් බලාපොරොත්තු වෙනවා’’ ‘‘මගේ ක‍්‍රිකට් මිතුරන් විරෝධය පළ කරලා නිලවරණයෙන් ඉවත්විම පිළිබඳව මට තේරුම් ගන්න බෑ, නමුත් උප භාණ්ඩාගාරික ධූරය සඳහා පැවැති ඡුන්දයේදී පැහැදිලි වුණා ක‍්‍රීඩා සමාජවල මතය මොකක්ද කියලා, මම ඔවුන්ට ඊයෙත් කථා කළා එකතු වෙලා වැඩ කරන්න එන්න කියලා, ඒත් ඔවුන් හරි මගට ආවේ නෑ’’ යැයි ද ධර්මදාස මහතා පැවසීය. ‘‘ලෝක කුසලාන තරගාවලියේදී සහ පසුගිය කාලයේ සිදුවූයේ යැයි කියන දුෂණ සෙවීම මගේ වැඩක් නොවයි, ඒක අමාත්‍යංශයේ වැඩක්, නමුත් ඉදිරියේ වෙන දේවල් පිළිබඳව මම ස්වාධීනව තීරණ ගන්නවා’’ ඡුන්දය ප‍්‍රකාශ කිරීමට දේශපාලනඥයන් පැමිණීමෙන් අනෙක් පාර්ශවයට දේශපාලන බලපෑමක් ඇතිවූයේ ද යන ප‍්‍රශ්නයට ධර්මදාස මහතා මෙසේ පිළිතුරු දුන්නේය ‘‘ඔවුන් අද ඊයේ නොවෙයි 1998 වසරේ සිට එම පලාත්වල ක‍්‍රිකට් සංගම්වල සභාපති, ලේකම් හෝ උප සභාපති වැනි තනතුරු දරණවා, ඒ දේශපාලනඥයන් ද ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් සේවය කරපු අය ඔවුන්ට අයිතියක් නැද්ද ඡුන්දය පාවිච්චි කරන්න’‘ නොවැම්බර් මස ක‍්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස තමන් කටයුතු කරද්දී ක‍්‍රිකට් ආයතනයේ අතිරික්ත සේවකයන් ඉවත් කිරීමට ගත් තීරණය නිවැරදි බවත් ඒ පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කර ඉදිරියේදී සුදුසු පියවර ගන්නා බවත් ධර්මදාස මහතා පැවසීය. මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ නව ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ ක‍්‍රිකට් ආයතනය බංකොලොත් ආයතනයක් නොවන බවත් 2006 වසරේ ලෝක කුසලාන තරගාවලියයේ සත්කාරත්වය ලැබී තිබියදීත් හිටපු පාලකයන් ඊට ප‍්‍රමාණවත් ලෙස සූදානම් නොවීම නිසා වත්මන් තත්ත්වයට මුහුණ දීමට සිදුවූ බවත්ය.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය ගොඩගන්න වසර පහක්වත් කැප වෙන්න වෙයි