ඉන්දියාවේදී පැවැති කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ඵෙතිහාසික ජයග‍්‍රහණ දෙකක් සමගින්, පස්වැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩිකාවකට රුපියල් 100,000 බැගින් ලක්‍ෂ 15 ක ත්‍යාග මුදල් පිරිනැමීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ නිලධාරියකු පැවසුවේ ලෝක කුසලාන තරගාවලියේදී කාන්තා පිල හොදින් ක‍්‍රීඩා කළ නිසා දිරිගැන්වීමක් ලෙස ක‍්‍රීඩිකාවකට රුපියල් ලක්‍ෂය බැගින් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කළ බවයි.
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ කළමණාකරු මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු සාමාජික ඒ. ආර්. එම්. අරූස් මහතා එම යෝජනාව විධායක කමිටුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මෙවර ලෝක කුසලාන තරගාවලිය, ශ්‍රී ලංකාව මේ දක්වා සාර්ථකවම අවසන් කළ ලෝක කුසලාන තරගාවලිය ලෙස ද ඉතිහාසයට එකතු විය. එහිදී ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල පෙරළිකාර කණ්ඩායම බවට පත්වෙමින් පළමු වටයේ එංගලන්තය සහ ඉන්දියාව පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට ‘සුපිරි හය’ වටයට පැමිණීයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා .....ජයවේවා ..... (දී)
අපි අපේ කාන්තා පිළට ආදරෙයි. ඉදිරියටම යන්න! (නි)
සල්ලි දුන්නට කමක් නැහැ. නමුත් සල්ලි වලට නම් ක්‍රිකට් ගස්සවන්න එපා. (නි)