ඉන්දියාවේදී පැවැති කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේදී ඵෙතිහාසික ජයග‍්‍රහණ දෙකක් සමගින්, පස්වැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ ක‍්‍රීඩිකාවකට රුපියල් 100,000 බැගින් ලක්‍ෂ 15 ක ත්‍යාග මුදල් පිරිනැමීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ නිලධාරියකු පැවසුවේ ලෝක කුසලාන තරගාවලියේදී කාන්තා පිල හොදින් ක‍්‍රීඩා කළ නිසා දිරිගැන්වීමක් ලෙස ක‍්‍රීඩිකාවකට රුපියල් ලක්‍ෂය බැගින් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කළ බවයි.
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ කළමණාකරු මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු සාමාජික ඒ. ආර්. එම්. අරූස් මහතා එම යෝජනාව විධායක කමිටුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මෙවර ලෝක කුසලාන තරගාවලිය, ශ්‍රී ලංකාව මේ දක්වා සාර්ථකවම අවසන් කළ ලෝක කුසලාන තරගාවලිය ලෙස ද ඉතිහාසයට එකතු විය. එහිදී ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල පෙරළිකාර කණ්ඩායම බවට පත්වෙමින් පළමු වටයේ එංගලන්තය සහ ඉන්දියාව පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට ‘සුපිරි හය’ වටයට පැමිණීයේය.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට රුපියල් ලක්ෂ 15 ක ත්‍යාගයක්
නිමාලි Monday, 18 March 2013 02:51 PM
ජයවේවා .....ජයවේවා ..... (දී)
චමින්ද Monday, 18 March 2013 07:31 AM
අපි අපේ කාන්තා පිළට ආදරෙයි. ඉදිරියටම යන්න! (නි)
චම්පික Monday, 18 March 2013 07:59 AM
සල්ලි දුන්නට කමක් නැහැ. නමුත් සල්ලි වලට නම් ක්‍රිකට් ගස්සවන්න එපා. (නි)