සිම්බාබ්වේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල අතර හරාරේහිදී අද (17) පැවැති තරගයෙන් දකුණු අප‍්‍රිකානු පිල කඩුලූ 7 ක ජයක් ලැබීය. පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 245 ක ඉලක්කය ඕවර 46 කදී කඩුලූ තුනක් පමණක් දැවී තිබියදී පසුකර යාමට දකුණු අප‍්‍රිකානුවෝ සමත් වූහ. උදාර ජයසුන්දර (55) සහ ඩිල්රුවන් පෙරේරා (52) පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අර්ධ ශතක රැුස්කළහ. උදාර පන්දු 79 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 55 ක් ද, ඩිල්රුවන් පන්දු 67 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 52 ක් ද රැුස්කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 245 (උදාර ජයසුන්දර 55, ඩිල්රුවන් පෙරේරා 52, දිමුත් කරුණාරත්න 39, චාමර කපුගෙදර 37, සචිත‍්‍ර සේරසිංහ නොදැවී 27, රෝයි ක්ලින්වෙන්ට් 38/2) දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිල ඕවර 46 යේදී කඩුලූ 3 ට 248 (රිචර්ඞ් ලිව් 63, කොලින් ඉන්ග‍්‍රාම් 27, ෆැප් ඩු පිලිසිස් නොදැවී 89, රීසා හෙන්ඩිරික්ස් නොදැවී 51)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරදින එක අහන්න දෙයක් නෑනේ. මෙ සෙල්ලම් කරන්නෙ හරි කන්ඩායමද කියල පොඩ්ඩක් හිතල බලන්න. කපුගෙදරට තව කොච්චර කාලයක් අවස්තව දෙන්වද.මෙයා හෑමදාම 0 තමයි. හරියට දග පන්දු නෑ. වේග පන්දු යවන්නෙක් නෑ. එතකොට කොහොමද සෑලෙස්මක් අතුව ක්‍රිඩා කරන්නෙ. මාලින්ග බන්ඩාරට, තිලින තුශාරට ඈයි අවස්තාව දෙන්නෙ නෑත්තෙ. තිලින කන්ඩම්බිට නායකත්වය දෙන්න තිබ්බා. සිබ්බාබ්බෙටත් පෑරදුනනෙ.තවත් මොනවද. අපෙ රටෙ අනාගත ක්‍රිකට් හිතා ගන්න පුලුවන්.