සංචාරක ඉන්දීය පිල සහ ශ්‍රී ලංකා පිල අතර මේ මස 21 වැනිදා සූරියවැවදී ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට හොඳ පෙර සූදානමක් බව දෙරටේ නායකයෝ පවසති.
තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (18) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන සහ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි එසේ පැවසූහ.
ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පැවසුවේ පාකිස්තානු සංචාරයේදී ක‍්‍රීඩා කළ ආකාරයෙන් ඉදිරියට යෑම තම බලාපොරොත්තුව බවත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සංචිතය පිළිබඳව අදහසක් ඇතිකර ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවත්ය.
‘‘මෙම සංචාරයට සහභාගී වන ක‍්‍රීඩකයන් රැසක් විස්සයි-20 ලෝක කුසලානයට සහභාගි වෙයි. එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිසා ඔවුන්ට ශ්‍රී ලංකාවේදී වැඩි තරග සංඛ්‍යාවකට සහභාගි වීමේ අවස්ථාව ලැබීම වැඳගත්’’ යැයි දෝනි පැවසීය.
ඡායාරූපය: ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා - ඉන්දියා නායකයෝ ලෝක කුසලානයට සූදානම් වෙති
රාජා Thursday, 19 July 2012 09:28 PM
මේ පාර දිනන්නේ ඉන්දියාව
රජා Thursday, 19 July 2012 09:28 PM
මේ සැරේ ඉන්දියාව දිනනවා
රජා Thursday, 19 July 2012 09:28 PM
මේ සැරේ ඉන්දියාව දිනනවා
raja Thursday, 19 July 2012 09:28 PM
මේ සැරේ ඉන්දියාව දිනනවා
නුවන් ඉතාලි Thursday, 19 July 2012 12:14 AM
මේ තරගාවලියත් අපි දිනනවා .සුබ පැතුම් ශ්‍රී ලංකා
සහන් Thursday, 19 July 2012 11:54 PM
එයාලට දිනුවත් පැරදුනත් සල්ලි හම්බ වෙනවා.බලන අපිට තමයි හුළං.
සම්පත් Thursday, 19 July 2012 11:27 AM
මහේල ..ඉන්දියාවේ කට්ටියට උත්සහයක්වත් ගන්න දෙන්න එපා
අනුර Thursday, 19 July 2012 04:42 PM
මොනවද කියන්නේ මේ සැරේ නම් නියම තරගයක්.. අවශ්‍යයි..
පුංචා Thursday, 19 July 2012 01:22 PM
දෙන්න ඕනේ දුවන්නම
සිසිර Thursday, 19 July 2012 08:43 AM
හොඳ තරඟයක් බලන්න ශ්‍රී ලංකා පිලට සුභ පතනවා.....
සුරන්ජිත් Thursday, 19 July 2012 08:45 AM
අපේ කොල්ලෝ ඉන්දියන් ටීම් එකටත් දෙනවා බැටේ ...............
ඩේවිඩ් Thursday, 19 July 2012 07:22 PM
මොනවා කිවුවත් ලංකාව කෝලිට බයයි. අපිට දුවන්න වෙන්නේ. හේ හේ හේ....
ධනුෂ්ක Thursday, 19 July 2012 01:45 PM
අපි ගහමු එයාලට දුවන්න
වෙනුර Thursday, 19 July 2012 08:02 PM
ඔක්කෙම එකට එකාවගේ ඉමු.. ජයග්‍රහණය නියතයි...!!