ඉන්දියාව සිය නැගෙනහිර සීමාවේ මිසයිල කිහිපයක් අත්හදා බැලීම නිසා ශ්‍රී ලංකා හා ඉන්දියා ගුවන් ගමන් අද දහවල් දොළහා පසුවනතුරු පමාවන බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි කියයි.

මේ අනුව ගුවන් ගමන් වාර දහයක් පමණ පමාවනු ඇතැයි කටුනායක නිලධරයෝ කියති.

අද උදේ ජකර්තා සහ සිංගප්පූර් බලා යාමට නියමිත ගුවන් ගමන්ද දහවල් 12 වනතුරු කල්දමා ඇති අතර ඉන්දියාව පවසා ඇත්තේ අද උදෑසන 8:30සිට දහවල් 12:30 දක්වා මෙම අත්හදා බැලීම සිදුවන බවයි.