(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවට ආර්ථික සෞභාග්‍ය උදා කරලීම සඳහා ඉන්දියාව ඇප කැප වී කටයුතු කරන බවත් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කොළඹදී අද (12) පැවැසීය.
ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ප්‍රගතිය ඉන්දියාවේ බලාපොරොත්තුව බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිගින් දිගටම ශ්‍රී ලංකාව තුළ ආයෝජන කිරීමට බලාපොරොත්තු වන බවත් කීය.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළලේ ආරම්භක සැසිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම කරුණු කීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙසේ ද කීය.
“ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර මිත්රත්තවය අද සුවිශේෂී තැනකට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය අපේ බලාපොරොත්තුවයි. ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අපේ බලාපොරොත්තුවයි. ශ්‍රී ලංකාවේ දියුණු අපේ අපේක්ෂාවයි. අපේ මිත්‍රත්වයේ සලකුණ ඔබේ ප්‍රගතිය හා සාර්කත්වයයි. අපි දිගින් දිගටම ශ්‍රී ලංකාව තුළ ආයෝජන කටයුතු කරනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ශක්තිමත් හා සුවිශේෂී ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාවක් තිබෙනවා. අප දෙරට අතර සීමා නොතිබිය යුතු බව අපි විශ්වාස කරනවා.
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ද්විපාර්ශවීක වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 2.6 ඉක්මවා යනවා. අපේ එකම අරමුණ ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම. ශ්‍රී ලංකාවේ දියුණුව අපේ එකම අපේක්ෂාවයි. බිලියන 1.26ක් වන ඉන්දියානුවන් ශ්‍රී ලංකාවේ වර්ධනය දියුණුව බලාපොරොත්තු වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සමඟ මම අපේ පොදු අරමුණු ගැන සාකච්ඡා කළා. ඔබේ රට ගොඩනැගීමේ කටයුත්තතට ඉන්දියාව හැකි සෑම සහයෝගයක්ම දෙනවා” යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝදි මහත්මයාණෙනි, ඔබට බෙහෙවින්ම ස්තුතියි !!!
ඔබ ඉන්දියාවේ දියුනුව සන්දහා කැප වෙන්න. අපිට නිදහ්සේ වැඩ කටයුතු කිරීමට ඉඩ දෙන්න. එවිට ශ්‍රී ලන්කාව ඉදිරියට යනු ඇත.
ඔබතුමාට මෙහේ ඡන්දෙ දෙන නෑනෙ මෝදි මහත්තයෝ...
මෝදි මහතාගේ අදහසට අප ඉතාමත්ම ස්තුතිවන්ත විය යුතු වෙනවා. අසල්වැසියෝ අනිත් අයට උදව් පදව් කිරීම ආසියා කලාපයේ සිරිතක් බව අප කවුරුත් දන්නවා නේ....ඒ වුණත් පුවත්පත්, රුපවාහිනී මගින් අප දකින ඉන්දියාවේ සමහර පළාත්, මෙතෙක් කල් ඉන්දියාවේ පහළ වුණ කිසිම පාලකයෙකුට හෝ නායකයෙකුට නොපෙනීම එරටේ අවාසනාවක් නොවේද ? නිවාස, වැසිකිලි පහසුකම්, පානීය ජලය නොමැති ලක්ෂ කීයක් එහි ජීවත්වෙනවාද? කලකට පෙර ශ්‍රී ලංකාවේ ත්රස්තවාදීන් පරාජය කිරීමට කියා රජිව් ගාන්ධි අපේ රටට එවා මට්ටු වූ ඉන්දීය හමුදාව ආපසු යවා ගැනීමට ලක්රජය ගත් විශාල මහන්සියත්,....ඉන්දීය ගුවන් හමුදාව පරිප්පු ගෝනි ගණන් ගුවනින් හෙළුෑ ආකාරයත් අපට තවමත් අමතකවී නැත. එවැනි ආධාර නම් ආයෙත් අපට එපා !!!
ඒ මොකද අප්පා ?එහේ ප්‍රශ්න ඔක්කොම විසඳලා ඉවරයිද ?
නොදියුණු නැතිනම් තුන්වෙනි ලෝකයේ රටක් හඳුනා ගැනීමේ එක හොඳ නිර්නායකයක් තමා දියුණු රටවල පාලකයින් තමන්ගේ රටේ අඩු පාඩු කම් හදාගෙන ක්‍රමිකව ගොඩ නගා ගන්නා ආර්ථිකය තුලින් වෙනත් රටවලට උදව් කරන අන්දම කතා කිරීමත් නොදියුණු රටවල පාලකයෝ හැම විටම අසල් වාසී රටවලට අත දෙන අන්දමත් කතා කිරීම. ඉන්දියාව සහ ලංකාව ඉන්නේ කොතැනකද කියා ඔබම හිතා ගන්න.