තරිඳු ජයවර්ධන
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පත් කළ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා ලංකාදීපයට පැවසීය.
පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයන් අද (07) උදේ රැස්වීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.
රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස කටයුතු කරයි. ඔහුගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.
ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ.
රහස් පොලිසියේ අධ්යක්ෂ ධුරය පුරප්පාඩු වූයේ එහි අධ්යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුවය. ඉන් පසු පොලිස්පතිවරයා විසින් රහස් පොලිස් අධ්යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා පත් කරන ලෙස නිර්දේශ කළ අතර රහස් පොලිසියේම සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ශානි අබේසේකර මහතා ඊට නුසුදුසුවන්නේ ඇයිදැයි කොමිසම ප්‍රශ්න කර තිබිණි.
ඒ අනුව ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ධුරයට පත් කිරීමට කොමිසම තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට මගේ සුබපැතුම් .
මෙතුමා ඉතාමත්ම දක්ෂ නිලධාරියෙක් බව මගේ අදහසයි.
හොඳ තෝරා ගැනීමක්. අපි ආඩම්බර වෙනවා ඔබේ සේවය ගැන.
ශානි අබේසේකර නිහතමානී මහත්මයෙක් ඔබතුමාට සුබපැතුම්.
මෙතෙක් කිසියම් නිලයකට සුදුසුතම පුද්ගලයෙකු පත්වුනා නම් ඔන්න ඒ පත්වීම තමයි මේ. මේ කීර්තිමත් නිලධාරියා පොලිසියට සම්පතක්. ඒකටත් වෙන කෙනෙක් දා ගන්න හදපු පොලිස්පතිගේ ඉල්ලීම විසිකරපු පොලිස් කොමිෂන් සභාවට මගේ ගෞරවය.
පොලිස්පතිවරයාගේ නිර්දේශය ඉවත දැමීම ගැන පොලිස් කොමිසමට මල් මිටක්.
ඔබතුමාට සුබපැතුම්.
විදේශ රටක වාසය කලත් ශ්‍රී ලංකාවේ සිදුවන දේ පිලිබඳ විමසිලිමත් ව සිටින නිසා ශානි අබේසේකර යන නම මාධ්‍යය ඔස්සේ නිතර කියවීමට ලැබෙනවා. අපරාධ විමර්ශනයේ විශේෂ කුසල තාවයක් ඒ මහතා ට තිබෙන බව පරීක්ෂණ වල සාර්ථක භාවයෙන්ම ඔප්පුකර තිබෙනවා. රට අපරාධ පිලිබඳ ව්‍යාකුලත්වයකට පත්ව ඇති මෙවන් මොහොතක ශානි අබේසේකර වැනි දක්ෂ නිලධාරියෙකුට නිසි තැන ලැබීම ගැන අපගේ සතුට.
ඔබ තුමාට අපේ අවංක සුබ පැතුම්.! වචන අර්තෙන්ම ගරුකළ යුතු මහත්මයෙක් .
නීතිය නවන්න හිතන්න එපා .
මෙම නිලදාරී මහත්මයට අප අවන්කවම සුබ පතන්නෙමු. සුජාතා අත්තනායක මහත්මියගේ සුන්දර ගීතයක පද කීපයක් නැවත සදහන් කිරීමට කැමැත්තෙමු. " හිටියොත් හොදට හැදී // " දෙවියොත් නමට වදී //
දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති වියයුතුයි. ජයවේවා ඔබතුමාට
සමහර මිනිස්සු යහපාලනයට දොස් කීවට දැන් තේරෙනවා නේද? සුදුස්සාට සුදුසු තැන. හොරුත් ඔය පෝලිමේනේ යන්නේ හිරගෙට...
අවසානයේදී නියම සුදුස්සාට නියම තැන ලැබීම ගැන පොලිස් කොමිසමට ස්තුතියි.