2016-12-06-ent-125

බොහෝ දෙනෙකු හඬ කැවීමේ ශිල්පිනියක් ලෙස හඳුනා ගත් ඇය ගායිකාවකි. මේ දිනවල ගුවන් විදුලි නාළිකා කිහිපයකින්ම අසන්නට ලැබෙන ‘ඇතුල් වීම තහනම්’ ගීතය හරහා ශ්‍රාවකයන් අතරට ගායිකාවක් ලෙස පැමිණෙන්නීය. ඇය විශාරද ටනාකා තාරකීය.

 

හඬ කැවීම් ශිල්පිනියක ලෙස බොහෝදෙනෙක් හඳුනා ගන්නේ. ගීත ගායනයට යොමු වීමට අදහස් කළේ?

2016-12-06-ent-127මම හඬ කැවීම් වැඩකටයුතුවලට ලොකු කාලයක් වෙන් කරලා තිබුණා. ගෙදර සංගීතයට අවශ්‍ය පරිසරය සැකසිලා තිබුණා. එහෙත් සංගීතය වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තිබ්බේ නැහැ. පාසලෙ අධ්‍යාපන කටයුතු නිමවීමත් එක්ක මාධ්‍ය ආයතනවලින් ආරාධනා ගොඩක් තිබුණා. නිවේදනයට හඬ කැවීම් කරන්න ඉඩ ලැබුණා. නමුත් මගේ ආසාව තිබුණේ ගායකයෙක් බවට පත්වීම. එහෙත් ඒ වෙනුවෙන් දෙයක් කරන්න ලැබුණේ නැහැ. මම හිතනවා මේක තමයි ගීතයක් නිර්මාණය කරන්න මට ලැබුණ ඒ වෙලාව කියලා.

 

එලෙස නිර්මාණය වූ ඔබේ මුල්ම ගීතය ගැන අපි කතා කරමු?

නිමල් චන්ද්‍රසිරි කියන්නේ මගේ තාත්තා. තාත්තත් ගීත නිර්මාණය කරලා දුන්නා. තාත්ත ටෙලි නාට්‍යවල තේමා ගීත නිර්මාණය කළා. වෙළෙඳ දැන්වීම්වල ගීත කළා. මගේම ගීතයක් නිර්මාණය කරන්න ලැබුණේ නැහැ. මාධව හේවාවසම් හා ප්‍රියන්ත නාවලගේ තාත්තගේ හඳුනා ගැනීම එක්ක මමත් නිර්මාණ ඔවුන් සමග සිදුකළා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ‘ඇතුල් වීම තහනම්’ කියන ගීතය නිර්මාණය වුණේ. ඒ ගීතය මේ වනවිට විද්‍යුත් මාධ්‍ය රැසක ප්‍රචාරය වෙනවා. ඒ වගේම හොඳ ප්‍රතිචාර තියෙනවා.

 

මේ දිනවල හඬ කැවීමෙන් දායක වෙන නිර්මාණ ගැන කතාකළොත්?

මේ දිනවල ස්වර්ණවාහිනියේ ‘මගේ සඳ ඔබයි’ කියන නාට්‍යයේ ‘සත්‍යා’ගේ චරිතයට හඬ කැවීමෙන් දායකවෙනවා. ‘ප්‍රේම දඩයම’ ‘මේ ආදරයයි’ – ‘ශගුන්’ගේ චරිතයට හඬ කැවීමෙන් දායක වෙනවා. ‘මෙලඩි ඔෆ් ලව්’ දුල්මිට හඬ කැවීමෙන් දායක වෙනවා. හිරැ නාළිකාවේ යන රොබින් හුඩ් නාට්‍යයේ මැරියන්ගේ චරිතයට හඬ දායකත්වය ලබා දෙනවා. සිරස එෆ්.එම්. ගුවන් විදුලි නාට්‍යයකට දායක වෙනවා.

 

ඉදිරි කටයුතු ගැන කතා කළොත්?

මගේ බලාපොරොත්තුව ගායිකාවක් වීම. එහි මුල්ම පියවර මේක. මගේ වයසත් එක්ක ලොකු අත්දැකිම් ලැබුණා. මගේ හඬ කැවීම් හා නිවේදනය තුළ කිසියම් දෙයක් කරන්න ලැබුණා. දේශීය අනන්‍යතාවක් තියන ගී නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට උදවු කළ හැමදෙනාවමත් මම මතක් කරනවා.

 

රංගන මදුසංඛ

 

2016-12-06-ent-124
2016-12-06-ent-126