ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයට සමගාමීව ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකිරීමට නියමිතය. ‘සමාජ සාධාරණත්වය සහ තිරසාර සාමය සඳහා බෞද්ධ ඉගැන්වීම්‘ යන තේමාව යටතේ මැයි 12 වැනි දා සිට 14 දක්වා පැවැත්වීමට නියමිත එම උත්සවය නිමිත්තෙන් පිළියන්දල කහපොල අක්කර 78ක භූමියක ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකරන බව බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
මෙම රාජධානියේ අනුරුව ඉදිකිරීමට රුපියල් මිලියන 500ක් (කෝටි 50 ක්) පමණ වැය වන බවත් ඒ ස ඳහා පෞද්ගලික අංශය දායකත්වය සපයනු ඇති බවත් විජයදාස මහතා කියයි.
වෙසක් දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් කිරීම උදෙසා හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ගේ මූලිකත්වය සහිතව ශ්‍රී ලංකාව විශේෂ කාර්යභාරයක් ඉටු කළේය. නමුත් අන්තර්ජාතික වෙසක් දින උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මීට පෙර වසර 11කදී එම උත්සවය තායිලන්තයේ දී පැවැත්වූ අතර දෙවරක් වියට්නාමයේදී පැවැත්විණි.
ලුම්බිණිය, කුසිනාරාව, ඉසිපතානාරාමය, සුද්ධෝදන රජුගේ මාළිගාව වැනි බුදුන් වහන්සේගේ ජීවිතයේ විශේෂ ස්ථාන මෙහි ඉදිකෙරෙනු ඇත. එහි ඊ-පුස්තකාල පහසුකම්, මාධ්‍ය ස්ථාන, මෙන්ම බැතිමතුන් 10,000කට පමණ ඉඩකඩ ඇති භාවනා මධ්‍යස්ථාන ද අන්තර්ගත කෙරේ.
වෙසක් දින උත්සවයේ සමාරම්භක උළෙල මැයි 12 වැනි දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට සහභාගී වීමට නියමිත ය.
සමාප්ති උත්සවය මැයි 14 වැනි දා දළදා මාළිගාවේදී පැවැත්වීමට නියමිත අතර එහි ප්‍රධාන ආරධිතයා ලෙස නේපාල ජනපති බිධ්‍යා දේවි භන්ධාරි මහත්මිය සහභාගී වීමට නියමිතය. මෙම උත්සවයට රටවල් 85 කට පමණ ආරාධනා කර ඇතැයි ද රටවල් 72ක් මේ වන විට සහභාගීත්වය තහවුරු කර ඇතැයි ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව දියවන්නාව පරිශ්‍රයේදී විශේෂ වෙසක් කලාපයක් ස්ථාපිත කරන බවත් එහිදී සම්මන්ත්රණ රැසක් ද නෙළුම් පොකුණ රඟහලේදී සංස්කෘතික සන්දර්ශනයක් ද පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යවරයා පවසයි.එයට විදේශ කලාකරුවන් ද සහභාගී වනු ඇත.
සමාප්තී උළෙල පැවැත්වෙන මහනුවර දක්වා විශේෂ දුම්රිය සේවයක් යෙදවීමට කටයුතු කරන බව රාජපක්ෂ මහතා කියයි. අවසන් දිනයේ දී විශේෂ දළදා ප්‍රදර්ශනයක් ද විශේෂ දළදා පෙරහැරක් ද පැවැත්වීමට නියමිතය.
ඒ අතරම රාජ්‍ය වෙසක් උත්සවය මැයි 09 වැනි දා වත්තරගම කෑගල්ල වට්ටාරාම රජ මහා විහාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මීට සමගාමීව මැයි 03 වැනි දා අනුරාධපුර රුවන්වැලි සෑය අභියසදී සාමනේර භික්ෂූන් 500 දෙනකු පැවිදි කිරීමට නියමිත ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුම නත්තල් ගස වගේ ?
වෙසක් දිනය අන්තර්ජාතික නිවාඩු දිනයක් කලයි බොරු කියන්නේ කවුද? ලංකාව, තායිලන්තය, මියන්මාරය වගේ රටවල් කිහිපයක ඇරෙන්න මොන රටේද වෙසක් දිනයට නිවාඩු? අනිත් කාරණේ, ඔය කෝටි 50 තාවකාලික සංදර්ශනෙකට පාවිච්චි නොකර රටපුරාම වැනසිලා යන්න, වෙනත් ආගමික කණ්ඩායම්වලට තමන්ගේ කරගන්න ඇරලා තියන පුරන බෞද්ධ සිද්ධස්ථාන (උදා මුහුදු විහාරය, දිගවාපිය..) පිළිසකර කරලා අනාගතේට දායාද කරන්න පාවිච්චි කරනම් මොකද? එක විහාරෙකට කෝටි 1 ගානේ දුන්නත් පුරාණ විහාර 50ක් ගොඩගන්න පුළුවන්. එන මිනිස්සුන්වත් එක්ක ගිහින් ඒවා පෙන්නන්න පුළුවන්නේ ඔය විකාර වැඩ නොකර. රටේ බෞද්ධ උරුමය විනාස වෙන්න, වෙනත් අයට පැහැරගන්න ඇරලා මෙයාල නිකන් බොරු සංදර්ශන.
මම බෞද්ධයෙක් වුනත් මේ දෙය කිය යුතුයි. ඔහුට වැඩිය හොදයි නේද පුරන් වෙලා තියෙන වැව් ටික ප්‍රතිසංස්කරණය කරලා ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සහ සතුන්ට පානීය ජලය සැපවුවහොත්
කිසිම ආගමික ශාස්තෲන් වහන්සේ නමක් මෙවැනි නාස්ති කාර ක්‍රියා අනුමත කර නැහැ.
ඔය කොටි පනහෙන් අර කුණු කන්ද වටේ ඉන්න මිනිස්සුන්ට ගෙවල් හදල දුන්න නම්... නැතිනම් ඩෙංගු මදුරුවෝ වනසන්න රටපුරා දුම් ගැහැව්වනම්... එත් ඉතින් එකෙන් කොමිස් එකක් ලැබෙන්නේ නැහැනේ...
ශාක්‍ය රාජධානියේ අනුරුව වෙනුවට, මෙම කර්තව්‍යය කළහොත් පහත දැක්වෙන විනාශය වැළක්විය හැකිය. බුදුන් වහන්සේ සිටියානම් මෙම අදහස ඉටු කරයි. යල කන්නයට වගා කළ මැදිරිගිරිය, පැරකුම්පුර කුඹුරු අක්කර 500ක් පමණ ජලය නොමැති වීම නිසා විනාශයට පත්වී ඇතැයි ගොවීහු පවසති. මාසයක් පමණ වයසැති එම පැළ ගොයමට මෙන්ම තවත් කුඹුරු අක්කර 1000 කට අධික ප්‍රමාණයක වී වගාව ද ජලය නොමැතිකමින් විනාශ වීමේ තර්ජනයකට ලක්ව ඇතැයි ගොවීහු කියති. ජල හිඟය නිසා පසුගිය මාස් කන්නයේදී වී වගාව මුළුමනින්ම විනාශ වූ බවත් මෙවර ද වී වගාව විනාශවී යාමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවත් ගොවීහු කියති. කවුඩුල්ල වැවෙන් කුඹුරු යායට වතුර ලැබෙන්නේ දින අටකට හෝ නමයකට වතාවක් බව ද ගොවීහු කියති.
කමක් නැහැ ඉතින් අපේ රටේ රජවරු හිතන් උන්නෙත් එයාල ශාක්‍ය වන්සේ කියලනේ. දැන් ඔය සෙරෙප්පු ගෙවෙනකල් පයින් අවිද්දට? දැන් ඉන්න නැතිනම් මතු බිහිවෙන මහරජාලටවත් ඔය රාජධානියේ ඉන්න පුලුවනිනේ?
මේ සඳහා පරිත්‍යාග රට රටවලින් ලැබේ නම් අපි වාද කලයුතු නැත. දඹදිව යාමට දහස් ගණන් මිනිස්සු වාර්ෂිකව විශාල මුදලක් වැය කරති. සමහරක් අයට කවදාවත් එහි යාමට නොහැක. මෙම උත්සවයට නොව, සාදන ගොඩනැගිලි වලට වැඩි මුදලක් වෙන් වුනොත් හොඳයි.(මෙහි සැලසුම පුවත්පතක තිබුණා.)
ආගම නිසා ලංකාව රැකෙනවා වෙනුවට, විනාශ වෙන්න ඉඩ තියෙනවා වගේ. බුද්ධ දර්ශණය පිලිනොපදින මිනිසුන් හරසුන් දේ වෙනුවෙන් බොහෝ වියපැහැදම් කිරීමට සැදීපැහැදී සිටී.
අද වැඩි හරියක්ම තියෙන්නේ තමුන්ගේ ඉස්මතු වීම.කරන හැම සෝබන වැඩක්ම නවතාල බුද්ධ දේශනාවට අනුව කලොත් එය මුළු ලෝකයටම ආදර්ශයක් වේවි.
ඔය කියන 'අන්තර් ජාතික' නිවාඩු දිනය ඕස්ට්‍රේලියාවේ නම් නැහැ. ඒ උනාට අපිට (වික්ටෝරියා ප්‍රාන්තයේ ) අස්ස රේස් එකක් (මෙල්බර්න් කප්) වෙනුවෙනුත් ෆුට්බෝල් මැච් එකක් (ෆුටි ෆයිනල් ) වෙනුවෙනුත් නිවාඩු ලැබෙනවා . අනේ මන්දා
මේවා බොරු සන්දර්සන.සුසන්ත මහත්තය කියන්න වගේ එදා වේල නැත්නම් දානයක්වත් ලැබෙන්නේ නැති පන්සල් නම් කොපමණ ඇතිද. ඒ ගැන දැනෙන්නේ නැතිද. නාය යාමෙන්, සැලවේ බෝම්බ වලට ගොදුරුවීමෙන්, කුනුකන්දට යටවීමෙන් අසරණ වෙලා ඉන්න අය වෙනුවෙන් මේ මුදල් වෙන්කෙරුවොත් හොඳ නැද්ද. ගිය අවුරුද්දේ වෙසක් දන්සල්වලට එකතුවුණු අරමුදල් බොහොමයක් නාය යාමෙන් අසරණ වුන අය වෙනුවෙන් යෙදවූවා.
අය්යෝ මොනවද මේ කරන විකාර, රටේ මෙච්චර මිනිස්සු අපා දුක් විදිනව..ඔය ඔච්චර සල්ලි තියෙන බෞද්ධයන්ට ඇයි ඒවට පොඩ්ඩ්ක් උදව්වක් වෙන්න..අනික ඔච්චරම ඔනෙනම් අර කොහෙද "පුංචි දඹදිව" කියල රත්නපුරේ එකක් හදලා තියෙන්නෙ ඔය ඔක්කොම ඒවා එක්ක..ඒක පොඩ්ඩක් නවීකරනය කරන්නකෝ..ඇයි මේ උදවියට කොලඹින් එලියට යන්නම බැරිද? ඔක්කොම ගේ වටේම හදාගන්න ඕනෙද? බෞද්ධ කිය කියා ඒකටම ගරහන පිරිසක් අනේ ඔහෙලානම්..
අනේ මෙහ්...ඔය සල්ලි වියදම් කරන්න අවශ්‍ය දුගී කෙනෙකුට. මේ යෝජනාව බුද්ධ ධර්මයට අනුකුල නැහැ. බෞද්ධාගම සංදර්ශන හෝ නිවාඩු දී සමරන ආගමක් නොවේ. එබැවින් වෙසක් පොසොන් සහ අවුරුදු නිවාඩුද අන්‍යාගමිකයන් සඳහා ලංකාවේ දෙන නිවාඩුද අහෝසි කරන්න.
මේක ඇත්තටම සංදර්ශනයක් විතරයි. ලෝකෙට පේන්න බොරුවට මුදල් නාස්ති නොකර ගරා වැටෙන වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරන්න බලන්න. අන්‍ය ආගමිකයන්ගේ ග්‍රහණයට නතුවෙලා තියන පෞරාණික සිද්ධස්ථාන මුදවාගෙන බෞද්ධයන්ගේ වන්දනාවට පවරා දෙන්න. කෝටි 50ක් යනු සුළුපටු මුදලක්ද.
කලොත් කරන්නේ ඔයවගේ වැඩක් නැතුව ගල් ගඩොල් ගොඩගහන එක තමයි. පුද්ගලික අංශයේ මුදල් වලින් වුනත් කමක් නෑ පලක් ඇති දෙයක් කරන්නකෝ ඉස්පිරිතාලයක් හදනවා වගේ.
සුසන්ත සහ විද්‍යා ට මගේ ප්‍රණාමය.
මොනවද මේ විකාර වැඩ?
"සියලු සංස්කාරයෝ අනිත්‍යයි" කියලයි බුද්ධාගමේ කියන්නෙ, ශාක්‍ය රාජධානියත් තිබිල නැතිවෙලා ගියා, මොකටද අනුරූ හදන්නෙ, දෙන්න ඔය සල්ලි මීතොටමුල්ලෙ මිනිස්සුන්ට. ඒක පිනක්..
මේ වැය කරන්නේ පුද්ගලික ධන පරිත්‍යාගයන් නම් කාටවත් ප්‍රශ්නයක් නෑනේ. මේ සල්ලි වලින් අරක කරන්න මේක කරන්න කියන අය, ඊට කලින්පෙරහැර නවත්වන්න ඕන- මොකද ඒක සංදර්ශනයක්. විවාහ ලොකුවට ගන්න එක නවත්වන්න ඕන-ඒකත් සංදර්ශනයක්. විනෝද චාරිකා නවත්වන්න ඕන- අනවශ්‍ය වියදම්. ක්‍රිකට් ක්‍රීඩා තරඟ නවත්වන්න ඕන- අනවශ්‍ය වියදමක්. තව ඕන නම් කියන්න පුළුවන්.
අති පුජනිය විහාරස්ථාන කොපමණ ඇතිද අප රටේ. එම ස්ථානයක් මුල් කර ගනිමින් සංවිධානය කරානම් ඊට හොඳයි.
මේ මොන මගෝඩි ද ?. මේ මුදලින් කොපමණ දේ කල හැකිද ? අර වකුගඩු රෝගයෙන් මිය යන්ඩ ඉන්න අයට රුධිර පෙරන යන්ත්‍ර . පිළිකා රෝහලට යන්ත්‍ර .