රජය ප්‍රකාශයට පත් කළ ශෝක දිනය හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ ඥාතීන්ගේ ඉල්ලීම මත අවලංගු කළ බව ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතා කියයි.
ස්වදේශ අමාත්‍යාංශය අද (28) උදේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා පැවසුවේ ජනපති නියමයෙන් ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළ බවයි.
එම පුවත විද්‍යුත් මාධ්‍ය හා වෙබ් අඩවිවල පළ වීමෙන් පසු ස්වදේශ අමාත්‍යාංශය සඳහන් කළේ ශෝක දිනය සිකුරාදාට (30) වෙනස් කළ බවයි.
ස්වදේශ ඇමැති වජිර අබේවර්ධන මහතාගේ කාර්යාලය දුරකථනයෙන් මාධ්‍ය වෙත දැන්වුයේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව ශෝක දිනයක් නොපවත්වන බවයි.
හිටපු අගමැතිට ගෞරව දැක්වීම සඳහා රජයේ හා පෞදගලික ගොඩනැගිලිවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ඇමැතිවරයා ඉල්ලීමක් ද කරයි.
හිටපු අගමැති වික්‍රමනායක මහතාගේ ආදාහනය පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සුරිය ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කසුන්, තමන් ඉපදුන, හැදුන රටට නිගා කරන්න එපා. කට පියාගෙන ඉන්න. (නි)
රාජ්‍ය ගෞරව සහ රාජ්‍ය අනුග්‍රහය අතරේ වෙනසක් තියනවද ? (බ)
ජිවිතං අනියතං මරනං නියතං කියා විශ්වාස කරන අපි මේ පිලිබදව මිට වඩා බුද්ධිමත් විය යුතූයි. (බ)
වැරදිකාරයෝ රට කරන කොට කට පියාගෙන හිටිය පිට්ටු ගිල්ල වගේ. දැන් කට්ටිය වීරයෝ. නිකන් කට පියාගෙන ඉන්නවල. (බ)
සමහරු හිතන්නේ මේ රටෙන් ගිය එක හරි ලොකු ක්‍රියාවක් කියල . වෙන රටවල්වල අය තමන්ගේ රටට පුදුම ආදරයක් දක්වන්නේ. අපේ රටේ මිනිස්සු ගැන නම් කියල වැඩක් නෑ (බ)
මොනවා කියනවද මන්ද ?? (බ)
ශෝක දිනයක් පැවැත්වුවත් නැතත් අපි නම් හදපත්ලෙන්ම ශෝක වෙනවා (නි)
පිස්සන් රට කරනකොට ඔහොම තමයි. හොඳ වෙලාවට මේ රටෙන් පිටවුණේ (බ)
කසුන්ගේ අදහස ගැන නම් හරිම දුකයි. අපේ සල්ලි වලින් ඉගෙනගෙන පිටරට ගිහින් තමන්ගේ රටටම ගරහනවා. ශෝක දිනයක් කියලා දැන් මිනිස්සු, ජනමාධ්‍ය දුකින් ඉන්නේ නැහැ තමයි. එ්ත් ශෝක දිනයක් ප්‍රකාශ කිරීමත් ඒ මහතාට කරන ගෞරවයක් ලෙසයි මම දකින්නේ. (නි)
කසුන්, රට කවුරු පාලනය කළත් , තමන් ඉපදුන රටෙන් පිටවුන එකට පාරම් බාන්න එපා. මේ රට මගේ අම්ම වගේ වටිනවා මට නම්. (බ)
මොහාන් ගේ කතාව හරි ...මොන රටක හිටියත් , තමන්ගේ රටත් ...තමාගේ භාෂාවත් ...ගොඩාක් වටිනවා ..එකේ අගය තේරෙන්න ..වෙනත් රටකටම යන්න ඕනේ ....(බ)
ශෝක දින? දැන් කොහෙද ශෝක දින තියෙන්නේ? අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහත්මයා ඝාතනය කළ අවස්ථාවේ තමයි සැබවින්ම ශෝක දිනය ක්‍රියාත්මක වුනේ. ඒකාලේ අපේ රටේ ප්‍රචාරක මාධ්‍ය ගුවන් විදුලිය විතරයි නේ. මුළු දවස පුරා ශෝකී වාදන තමයි අහන්න ලැබුනේ. වෙනත් කිසිම වැඩ සටහනක් ප්‍රචාරය කළේ නැහැ. ප්‍රවෘත්ති පමණක් තිබුන. පණ්ඩිත අමරදේවයන් වෙනුවෙනුත් ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කළා . එහෙම බවක් කවුරුවත් දැක්කද? නැහැ නේ. ඉතින් මේ බොරු ශෝක දින වෙන් කිරීමත් බොරු වැඩක් නේද? (බ)
අජිත් නිවැරදියි. ඉන්දිරා ගාන්ධි මියගිය දවසෙත් ගුවන් විදුලියෙන් වාදනය වුනේ ශෝකී වාදනයක් විතරයි. (බ)
ප්‍රේමදාසගෙත් එහෙමයි (බ)
මම නම් කියන්නේ මෙහෙම වැඩ කරලා හිටපු අගමැතිවරයකුට අගෞරව කරනවාට වඩා හොඳයි ශෝක දිනයක් නැහැ කියලා කියන එක. එතුමාගේ ඥාතීන්ගේ ඉල්ලීම හරියටම හරි. මේ වගේ වැඩ කරන මිනිස්සු කොට්ඨාශයක් ඉන්න එකම රටත් අපේ රට වෙන්න ඇති.කොහොම වුණත් හිටපු අගමැතිතුමනි, ඔබතුමාගේ අභාවය ගැන අපි හද පත්ලෙන්ම ශෝක වෙනවා. ඔබතුමාට නිවන් සුව! (නි)
සමහරුන්ගේ අදහස් දැක්කහම පුදුම කළකිරීමක් දැනෙනවා. (නි)
ගෞරවයට සුදුසු පුද්ගලයාට එය ලැබිය යුතුමයි (නි)
එතුමාට අනිවාර්යයෙන්ම සියළු ගෞරව ලබාදිය යුතුයි (නි)